Thursday, September 21, 2017

ලෝකපාලක බහිරවයන්වහන්සේලා

බහිරව නම කියූ සැණින් සිතට බියක් හෝ නොපහන් හැඟීමක් පැමිණිය හැක. බහිරවයා වගේ අල්ලගෙන ඉන්නවා කියා කීමෙන් අදහස් වන්නේද යමක් දැඩිව තණ්හාවෙන් ග්‍රහණය කරගෙන සිටිනවා කියාය. 
සමහර තැනකදි පොලවේ මල් - පහන් තැබීමේදී පවා සමහර දේවල් දන්නා යැයි සිතනා අය කෑගහන්නේ බහිරවයාට පූජා තියනවා කියාය, නමුත් අප මේ මහ පොලව රකින පොලව මහී කාන්තාවන් වහන්සේ, භූ මාතා දේවීන් වහන්සේ, භූමි දේවින් වහන්සේ පමණක් නොව, යම ලෝකයද, නාග ලෝකයද යනාදි තවත් බොහෝ දෙවිවරු මහ පොලවටද අයත් වෙති.

බහිරවයන් වුවද තමන්ගේ කුසලාකුසල මත අත්භවය ගෙවන පිරිසකි. ඔවුන්ගෙන්ද අපට ආශිර්වාද ලැබෙනවාය. ඔවුන්ද වටිනා කියන කොටසකි.
උදාහරණයකට, ඉෂි බහිරවයන්වහන්සේ පෙර ආත්ම භවයක මහානුභාවසම්පන්න ඍෂිවරයෙකි.

බහිරවයන්ගෙන්ද,  දෙවිවරු අනිකුත් භූත ප්‍රේත යනාදි අමනුෂ්‍ය ආත්ම ආකාරයටම අපට යහපත හෝ අයහපත කරන කොටසකි බහිරව ආත්ම භාවයන්. 
ඔවුන්ටද පින්කම් කර පින් ලබාදීම වටිනවා.

4 යන්න වැදගත් අංකයකි. සතර බුදුවරයන්වහන්සේලා, සතර දන්ත ධාතුන්වහන්සේලා, සතරවරම් දෙව් රජවරු යනාදි ලෙස,
ලෝක පාලක බහිරවයන් වහන්සේලාද සතර කොට්ඨාශයකි. 

* ඉෂි බහිරවයන්වහන්සේ
* යමකාල බහිරවයන්වහන්සේ
* සංඛ බහිරවයන්වහන්සේ
* පද්ම බහිරවයන්වහන්සේ

#ඉරු

No comments:

Post a Comment