Sunday, September 24, 2017

සතියේ ලග්න පලාපලය - සැප් 25 සිට


මෙම සතිය තුල සඳු/චන්ද්‍රයා තුලා - වෘශ්චික - ධනු රාශි වල ගෝචර වේ.

-
● මේෂ
දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට වාසනාව පවති. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලැබීමටද වාසනාව පවති. මුදල් ඵලදායි දේට යොදවා ගැනීමට හැකියාවන් ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී මධ්‍යම ප්‍රතිඵල වලට මුහුණ දීමට හැකි විය හැක. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
නිවසේ සිටිමට ඇති කාලය අඩු විය හැක.පින් කටයුතු වලට සිත යොමු වනු ඇත.
මුත්‍රාශය සම්බන්ධ රෝග පීඩා ඇති විය හැක.

-

● වෘෂභ
ආදායම් මාර්ගයන් දියුණු කර ගැනීමට කල උත්සාහයන් සාර්ථක වනු ඇත. නිෂ්පාදන ක්ෂෙත්‍ර වල ව්‍යාපාර කරන අයට සුබයි. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුභ ඵල ලැබෙන කාලයකි. මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් නොවුනොත් අවාසි සහගත සතියක් විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදුවිය හැක. කාර්මික ක්ෂෙත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
විදෙස් ගත වීමට කටයුතු කරන අයට ප්‍රමාද වීම් විය හැක.
සහෝදර සහෝදරියන් සම්බන්ධව කටයුතු කිරීමටත්, ඔවුන් සමග කටයුතු කිරීමටත් අවස්ථාවන් උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.

-


● මිථුන
ආදායම් මාර්ග වලින් සාර්ථක ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාර දියුණුවට උවමනා කරන වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක කර ගැනීමට අවස්ථාවන් උදා වනු ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමේ මාර්ග ලැබෙන්නට වාසනාව පවති. රැකියා කරන අයට, නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවන් උදා වනු ඇත.
ගෘහ ජිවිතය තුල සිතට සහනදායි කාලයක් උදා වනු ඇත. පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කරගත හැක.
සතුරු කරදර ජය ගන්නට හැකියාව ඇත.

-

● කටක
ආර්ථිකය ස්ථාවරව ගොඩ නගා ගැනීමට අවස්ථාවන් උදා විය හැක. ඉඩම් මිලදී ගැනීම්, මුදල් සම්බන්ධ ප්‍රශ්න කරුණු කාරණා ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
රැකියා කටයුතු වලදීද තමන්ගේ රාජකාරියෙදි වෙනදාට වඩා ප්‍රධානින් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමටද ඉඩ ඇත. රැකියා ස්ථානයේ වෙනදාට ලැබෙන සහයෝගය පවා නොලැබෙන්නට ඉඩ පවති.
පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටළුකාරි තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි. ඒවායින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට කල්පනාවෙන් වැඩ කටයුතු කල යුතුය.

-

● සිංහ
නව ආදායම් මාර්ග වලට උත්සාහ දරන අයට ඒ සදහා ඉඩකඩ සැලසිය හැක. මුදල් නාස්තිය සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
රැකියා දියුණුව ඇති කර ගැනීමට අවස්ථාවන් උදා වෙයි. තමන්ට කිරිමට අපහසු රාජකාරි පවා කිරිමට සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදිමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජිවිතයේදී අන් අය සමග පැවති සබදකම් දුරස් වීමට ඉඩ ඇත.
සුළු සුළු අනතුරු බාධා ඇති විමටද ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.

-

● කන්‍යා
මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදුවිය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියරවක් ගැනීමට සිදුවිය හැක. ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථාවන් සලසා ගැනීමට හැකිවනු ඇත.
රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. තමන්ට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා කර ගැනීමට වාසනාව පවති.
විදේශ රැකියාවකට යොමු වීමට උත්සාහ දරන්නේ නම් යම් බාධා මතු විය හැක.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩු වුවොත්, ඉක්මණ් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩක් පවති. තරුණ අයට ගැලපෙන මංගල යෝජනා උදා විය හැක.

-

● තුලා
ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුනද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න - ගැටළු මතු වීමට ඉඩක් ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජිවිතය තුල පෙම් සබදතා වලින් තමන්ට ගැටළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසදා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
සෞඛ්‍ය තත්වය දුර්වල වීමට ඉඩ ඇත.

-

● වෘශ්චික
ආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. දේපල ලාභ, ව්‍යාපාර ලාභද, ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමටද හැකියාව ඇත. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබදතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.යම් කලකිරිම් ඇතිවිය හැක.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● ධනු
ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමේ වාසනාව ඇත. වෙනදාට වඩා කලබලකාරි ගති පැවතුම් ඇති වීමටද ඉඩක් ඇත. තරමක් දුරට මූල්‍යමය ප්‍රශ්න පැන නගින්නට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී යහපත් ඵල ලැබීම අඩු විමට ඉඩ ඇත. රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජිවිතයට පැවති බාධාකාරි තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතුවිය හැක. බුද්ධිමත් වන්න.
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න.

-

● මකර
ආදායම් තත්වය යහපත් කර ගැනිමට වාසනාව පවති. දියුණුව උදෙසා ගනු ලබන පියවර වලින් යහපත් ඵල ලැබෙනු ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබා ගැනිමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබුනු බාධාවන් ඉවත් වී යනු ඇත. තරග විභාග, උසස් වීම්, ඉගෙනීම් යනාදියට අවස්ථාවන් උදා විය හැක.
පෙම් සබදතා වැඩි දියුණු විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත.
දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරි විය යුතුය.

-

● කුම්භ
ආර්ථික වශයෙන් යහපත් ඵල ලැබීමට වාසනාව පවති. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවන් උදා වනු ඇත. ඉඩකඩම් වලට පැවති බාධාකාරි තත්වයන් මග හරවා ගත හැකි වෙනසේ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදි ඇති වන බාධා තත්වයන් වලදී ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
සිතට තරමක් අසහනකාරි තත්වයන් ඉස්මතු විය හැක. අරමුණු කරා යෑමේදි බාධා ඇතිවන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.


-

● මීන
නව ආදායම් මාර්ග වලට උත්සාහ කරන අයට ඒ සදහා වාසනාව පවති. පොලව සම්බන්ධ ව්‍යාපාර - මැණික් වැනි, ඒ සදහා යහපත් ඵල ලැබීමේ වාසනාව පවති.
රැකියා කටයුතු වලදි වෙනදාටත් වඩා කාර්යබහුල විය හැක. රැකියා සොයන අයට අවස්ථාවන් උදා විය හැක. දුර පලාත් වල රැකියා සොයන අයට ඒ සදහා වැඩි ඉඩක් පවති.
තරුණ අයට විවාහ කටයුතු වලට ඇති උද්යෝගය ඇති වේ. මංගල යෝග මේ කාලයේ උදා වේ.

-

Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment