Friday, September 29, 2017

බුධ මාරුව (ඔක් 17 දක්වා)

ග්‍රහ ලොව සුරතලා වන “බුධ ග්‍රහයා“ සැප්තැම්බර් 27දා   රවිට අයත් සිංහ  රාශියේ සිට  බුධට අයත් කන්‍යා   රාශියට පැමිණියේය.
 බුධ ග්‍රහයා සැප්තැම්බර් 27 සිට ඔක් 13 දක්වා කන්‍යාවේ ගෝචර වන අතර, රටට ඇති සතුරු කරදර නැති වී යහපත් කාලයක් උදා වීමට හේතුයි.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
(කේන්දරය අනුව වෙනස් විය හැක)

-
● මේෂ
බුධ  6 වැන්නට පැමිණියේය.
මෙතෙක් තිබු නිදහස අඩු වී යන තත්වයක් නිර්මාණය වේ. තමන්ගේ ආදායම් මාර්ග වලට ඇති වීමට තිබූ බාධා ඉවත් වේ.
රැකියා කරන අයට මෙතෙක් තිබු  සතුරු කරදර අඩුවි යන තත්වයක් නිර්මාණය විමට ඉඩ ඇත.
පවුලේ සමගිය ද තරමක් බාධා පැමිණිමට ඉඩ ඇත.දෙමව්පියන්ගේ දෝෂාරෝපණ එල්ල වේ .
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.
-

● වෘෂභ
බුධ  5 වැන්නට පැමිණියේය.
ව්‍යාපාර කරන අයට සුබයි. තමන් ගනු ලබන බුද්ධිමත් තීරණයක් ක්‍රියාත්මක කිරීම තුළින් වැඩි ලාභයක් උපයා ගැනීමට හැකි වනු ඇත.
රැකියා කරන අයටද යහපත්ය. රැකියා වල තිබූ බාධා ඉවත්වි යාමට ඉඩ ඇත. නව රැකියා ලැබේ.
තම පවුල් ජීවිතයේ වැඩ කටයුතු මනා බුද්ධියෙන් කල යුතුමය, අනවශ්‍ය ගැටළු පැන නැගීමේ අවදානමක්ද පවති.

-

● මිථුන
බුධ 4වැන්නට පැමිණියේය.
ආර්ථික තත්වය දියුණු කරගැනීමේ වාසනාව තිබේ. කෙසේ වුවද අන් අය සමග කරන කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කල යුතුය. නැතහොත්  යම් බාධා ඇතිවිය හැක.
රැකියා ස්ථාන විශ්වාසයෙන් යුතුව වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ නව රැකියා උදාවේ.
ගෘහ  ජීවිතයේ සමගිය වර්ධනය වේ. තම දරුවන් සමඟ වැඩිපුර කාලය ගත කිරීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.

-
● කටක
බුධ 3 වැන්නට පැමිණියේය.
ආර්ථික තත්වයේ කැපී පෙනෙන ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරයි  ආර්ථික වාසි සැලසෙයි. දේපල ලාභ, යාන වාහන ලාභ වලටද වාසනාව හිමියි.
රැකියා  ස්ථානයේ කැපී පෙනෙන අයෙකු  ලෙස කටයුතු කිරීමට හැකියාව ඇත. නව රැකියා ලැබේ
තම පවුල තුළ සමගිය  වර්ධනය කර ගැනීමට ඉඩ සැලසෙනු ඇත .

-

● සිංහ
බුධ  2 වැන්නට පැමිණියේය.
වෙනදාට වඩා කැපවීමකින් තම දියුණුව වෙනුවෙන් කටයුතු කරන කාලයකි. ක්‍රියාශීලි බව ඇති වේ. සංචාර හෝ ගමන් බිමන් සුලබ වෙයි, එයින් වාසිද අත්වෙයි.
අලෙවිකරණ අංශයේ රැකියාවල නියුතු අයට වැඩි වාසි සැලසෙන කාලයක් වීමට ඉඩ ඇත.
කතාවේදී අන් අයගේ සිත් නොරිදෙන ආකාරයට කතා කරන්න. හදිසි අනතුරු වීමේ අවදානමක්ද පවති.

-
● කන්‍යා
බුධ 1 වැන්නට පැමිණියේය.
දියුණුව ඉෂ්ට සිද්ධ වෙන කාලයකි. තිබූ බාධා  සහිත තත්ත්වය ඉවත් වේ.
තම රැකියාවේ ආයතන ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබේ. උසස් වීම් වලට තිබූ බාධා ඉවත් වේ.
තම පවුලේ සමගියට තිබූ  බාධා දුරුවන තත්වයක් පෙන්වයි. අධ්‍යාපන කටයුතු වල නිරත අයට සුභයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවන, සතුටු වන කාලයකි.

-

● තුලා
බුධ පැමිණියේ 12 වැන්නටය.
මෙම පැමිණිමෙන් යම් ධන හානි, විශේෂයෙන් වියදම් අධික වීමට ඉඩක් ඇත. යම් යම් බාධා තත්වයන් පෙන්නුම් කරන්න කාලයක් විය හැක.
රැකියාවේ මෙතෙක් තිබූ නිදහස අඩු වී යන තත්වයක් පෙන්නුම් කරයි.
පවුලේ සමගියට බාධා පැමිණේ. සෞඛ්‍ය තත්වය ගැනද අවදානමත් වන්න.

-
● වෘශ්චික
බුධ 11 වැන්නට පැමිණියේය.
ආර්ථික වාසි වලට සුභයි. නව ආදායම් මාර්ග වලටද යහපත් ප්‍රවණතාවයක් ඇතිවේ. ගමන් බිමන් යෙදෙයි.
තම රැකියාවෙන් වෙනදාට වඩා වාසි සැලසෙන කාලයක් වීමට ඉඩ ඇත.
විනෝදයට සහ ආගමික කටයුතු වලටද නැඹුරු වීමේ හැකියාව පවති. නිවාස අලංකරණ කටයුතු උදෙසා යම් පියවරක් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

-
● ධනු
බුධ පැමිණියේ 10 වැන්නටය.
සිතට සතුට ලැබෙන, ජයග්‍රහණය අපේක්ෂා කල හැකි කාලයකි. අන් අයගේ උදව් ලැබේ. තම කැපවීම තුලින්ම සාර්ථකත්වයක් ලගා කරගත හැක.
තම රැකියාවේ තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබේ.
ඔබගේ ප්‍රේමය - විවාහය යනාදි කාරණා වලට යම් බාධා පෙන්වයි.

-
● මකර
බුධ පැමිණියේ 9 වැන්නටය.
වෙනදාට වඩා බුද්ධියට ඉඩ දී තම තීරණ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන කාලයක් වේ.
උසස්වීම්වලට තිබූ සතුරු කරදර බාධා ඉවත් වේ. නව රැකියා ලැබේ.
වෙනදාට වඩා කැපවීමෙන් තම ගේ දොර වැඩ කටයුතු කර ගෙන යාමට හැකියාව ලැබිමට ඉඩ ඇත.

-
● කුම්භ
බුධ පැමිණෙන්නේ 8 වැන්නටය.
ආර්ථික තත්වයට යම් යම් බාධා පෙන්වයි. අනවශ්‍ය වියදම්ද ඇතිවිය හැක.
රැකියා ස්ථානයේ සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත.
අන් අයගේ දෝෂ දර්ශනයට මෙන්ම ඉරිසියාකාරි ගති පැවතුම් ඇති අයගේ ඊර්ෂ්‍යාවට බඳුන්විය හැක. මේ හේතු නිසා වන්දනා ගමන් යෙදීමේ හැකියාවක්ද(දහමට නැඹුරු විමේ) පවති. ගමන් බිමන් අධික විය හැක.

-
● මීන
බුධ පැමිණියේ 7 වැන්නටය.
ආර්ථික තත්වයන් දියුණු කරගැනීමේ හැකියාවක් පවති. හවුල් ව්‍යාපාර වලින් වැඩිපුර ලාභ ලබා ගැනීමට හැකිවන කාලයකි.
හැකියාව මෙතෙක් තිබූ සතුරු කරදර ඉවත් වී යයි. ආයතන ප්‍රධානීන් සමග සමඟ ගැවසීමට ඉඩ ලැබේ.
අසල්වැසියන් ගේ උදව්  ලැබෙයි. දේපල වාසි තිබේ. අන් අය අතර කැපී පෙනෙයි. මංගල යෝග උදා වන කාලයකි.

-

#ඉරු

No comments:

Post a Comment