Tuesday, June 28, 2016

අපල ඇත්තටම අපලද ??

බොහෝ අයට අනියත බියක් තිබෙනවා අපල යන වචනය ඇහුනත්...

එක් එක්කෙනාගේ කර්ම ශක්තීන් වෙනස් ඒ අනුව සිදුවන දේද වෙනස් විය හැකියි. එනිසා අපල තිබේ නම් කල යුත්තේ බිය වීම නොව, එම තත්වයන් දුරු කරගැනීමට පින්කම් හැකි තරම කිරීමයි.
පින්කම් කිරීම ගැන කියන විට, පින්කම් කිරීමට මුදල් අවශ්‍ය නැත.
ඔබට බෝධි පූජාවක් පවත්වා පින් ලබාගැනීමට අවශ්‍ය වන්නේ පන්සලකට යෑම පමණය.

- පින් කිරීම මහා බරපතල කාරණයක් නොවේය. මහා පරිමාණයෙන් කරනවා කියා ප්‍රදර්ශනය කරනු පිණිස කරන පින්කම් වලින් ඇත්තටම පින් සිදුවන්නේ සුළු වශයෙනි.
නමුත් තමන්ගේ ගෙදර ඉදිමින් වුවද යමෙකු නිසි ලෙස ශ්‍රද්ධා ගුණ පෙරදැරිව බුදුන් වඳින්නේ නම් ඊට වඩා පින් අත්කර ගැනීමේ හැකියාවක් ඇත.
(සරලවම කිව්වොත් මෛත්‍රී භාවනාව තත්පරයකටත් අඩු කාලයක් නිවරදිව කරන කෙනෙකුට හත්මහල් ප්‍රාසාදයක් කරනවා දෙනවාටද වඩා පින් අත්වෙයි)

● අපල කාලයක් ගත කිරීම බාධා අවහිරතා සහිතව කරදරකාරී, පීඩාකාර එකකි. එම කාලය හැකි ඉක්මණින් ගෙවා දැමීමට හෝ අපල වලට කල යුතු ශාන්ති කර්ම පෙර දැන සිටියත් නොකල නිසා කරදර වැඩිවුනු බව බෙහෝ දෙනෙකු කණගාටුවෙන් පවසනු කොතෙකුත් අසා ඇත.

එය කරදරකාරි අපහසු දෙයක් වුවත් අපලය සඵලය වූ අවස්ථාද ඇත.

● එක් සිදුවීමකදි තරුණයෙකුට වෛද්‍යවරයෙකු වීමේ දැඩි උවමනාවක් තිබූ අතර, ඔහුට 3ම වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි විය. අවසාන වාරයේ ඔහු අණුක ජීව විද්‍යාව සඳහා සුදුසුකම් ලැබීය.
ඔහුගේ සෙනසුරු අපල සියල්ල ගෙවුනේ විශ්ව විද්‍යාලයට ඇතුල් වී වසර 2කට පසුය. ඒ තරුණයා උපාධිය ගත් වහාම ඔහුගේ සුදුසුකම් වලට ස්වීඩනයෙන් ඉතා ඉහල වැටුපක්(ලක්ෂ 8ක් පමණ) සහිතව රස්සාවක් ලැබුනි. අද ඔහු තමන්ගෙ පශ්චාත් උපාධියද අවසන් කර ආචාර්ය උපාධියේ කටයුතුද මෙන්ම තවත් අධ්‍යාපන මෙන්ම ලෞකික ජිවිතයේ අවශ්‍ය කටයුතු  සිදුකරගනිමින් ඉතා ඉහලට හැම අතින්ම ගොස් සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකි.

● අද ඒ සිද්ධිය සිදුවී වසර 10ක් පමණ වුවද,  සමහරවිට වෛද්‍ය විද්‍යාලයට ගිය ඔහුගේ මිතුරන්ට වඩා  වඩා ඉහල තැනක ඔහු සිටී. ඔහු ඒකාලයේ ගැන කණගාටුවුනු අයුර අපට මතකය.
ඔහුගේ මිතුරන් වෛද්‍යවරු වෙද්දි, ඔවුන්ට වඩා දක්ෂ තමාට එසේ නොහැකිවීම ගැන මහා කම්පාවකින් සිටියේය. අද එදා මතක් කරන විට ඔහුට සිනා පහල වේ.

● ජීවිතයෙ හැටි එහෙමය. අද වැරදුනු කෙනාට හෙට හරියයි. එය ලෝක ධර්මතාවයකි. කරදර වලට මුහුණ පෑවේ නම් නැවත එවන් කරදර ආවද ඒවාට හුරු නිසා පහසුය. දියුණුව ස්ථිරය...

සිතන්න.. කටයුතු කරන්න !

#ඉරු

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment