Wednesday, June 22, 2016

සතියේ ලග්න පලාපලය - ජුනි 22 සිට

● මේෂ
එතරම් ශුභ නැත.
මුදල් සම්බන්ධ ගනුදෙනු වලින් අවහිරතා පෙන්වයි. ආදායමට වඩා වියදම වැඩි විය හැක. කළමනාකරණයෙන් කටයුතු කරන්න. සතුරු කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක.
රැකියා කටයුතු වල කරදර  ඇතිවිය හැක. රාජකාරිය හරිහැටි කරගෙන යාමට බාහිර බලපෑම් නිසා නොහැකි විය හැක. ප්‍රධානින්ගෙන් දොස් ඇසීමට පවා සිදුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය, පවුලේ අය සමග කරන කටයුතු වලදී අඩදබර ඇතිවිය හැක.
ඉගෙනීම් කටයුතු කරන අයට මධ්‍යම ප්‍රතිඵල ඇතිවිය හැක. රැවටිලි වලට ලක්වීමට ඉඩ ඇති නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.


● වෘෂභ
ශුභ සතියකි.
ආදායම් මාර්ග වලට තිබු ගැටළු නිරාකරණය වෙයි. තමන්ගේ පාඩු පියවා ගැනීමට හැකි වෙයි. මුදල් ගනුදෙනු වලින් සුභ ප්‍රතිඵල පෙන්වයි. නව ආදායම් මාර්ග වලට යොමු විය හැක.
නව රැකියා අවස්ථා උදා වෙයි, මෙතෙක් පැවති බාධා අඩු වෙයි. තාක්ෂණ අංශයේ රාජකාරි කරන අයට වඩා සුබයි. කාර්යබහුල සතියකි, ගමන් බිමන් වැඩි වෙයි. පුහුණු වීම් වලට ඉඩ සැලසේ.
ගෘහ ජිවිතය තුල, පෙම් සබදතා වලට යම් බාධා මෙන්ම ප්‍රශ්නද ඇති වීමට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.
කථික තරඟ ආදියෙන් ජය ලැබීමට හැකි වේ. පින් කටයුතු වලට සහභාගි වීමට ඉඩ ලැබේ.


● මිථුන
ශුභයි.
ආර්ථික තත්වය යහපත් අතට හැරේ. තමන්ට සරිලන පරිදි මුදල් ලැබේ. අමතර ආදායම් වලින් මුදල් උපයා ගැනීමට හැකියාව ලැබේ.
රැකියාවේ කටයුතු වලට මධ්‍යම ඵල භුක්ති විඳීමට හැකිවේ. වගකීම් වැඩි වෙයි. දුර පලාත් වල රැකියා සදහා යෑමට අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ගැටළු මතුවිය හැක. ඒවාට ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කිරිම තුලින්ම සාර්ථකව මුහුණ දිය හැක. සහෝදර බැඳීම් ශක්තිමත් වේ.
ඉගෙනුම  ලබන දරුවන්ට යහපත් කාලයකි.


● කටක
ශුභ සතියකි.
ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීමට ඉඩ සැලසෙයි. මුල්‍ය ගනුදෙනු වලින් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි, ව්‍යාපාර වලින් සිදුව තිබූ පාඩු පියවා ගත හැකි කාලයකි.
රැකියාවේ වෙනසක් ඇතිවිය හැක. විදෙස් ගත රැකියා කරන අයට යහපත් කාලයකි. රාජකාරියේ වෙනසක්ද සිදුවීමටත්, කාර්යබහුල වීමතටත් හේතු ඇතිවේ.
ගෘහ ජිවිතය තුල ඉක්මණ් තීරණ ගැනීම තුල ප්‍රශ්න ඇතිවිය හැක. බාධා මතුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න. ක්‍රියාකාරි ගති වැඩි වෙයි. මංගල යෝග උදා වෙයි.


● සිංහ
තරමක් ශුභ සතියකි.
නව ආදායම් මාර්ග උදා වෙයි. මුල්‍ය ගනුදෙනු වලින් තරමක් සුභ ප්‍රතිඵල පෙන්වයි. ආදායම යහපත් අතට හැරෙයි.
රැකියා කටයුතු වලට තරමක ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. අවස්ථානුකූලව ගත් පියවරක් සාර්ථක වෙයි. රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය යහපත් වෙයි. මිතුරු ඇසුරට වෙනදාට වඩා ඉඩ සැලසෙයි.
ඉගෙනීම් වල යෙදෙන අයට යහපත් කාලයකි. විශේෂ අයගේ උදව් උපකාර ලැබෙයි.


● කන්‍යා
 ශුභයි.
හදිසි තීරණ ගැනීම නිසා ගැටළු මතුවිය හැක. දේපල වල හිමිකම් ලැබෙයි. උපයාගත් ධනය ඵලදායි දෙයකට යෙදීමට හැකියාව ලැබෙනු ඇත.
රාජකාරි කටයුතු වෙනදාට වඩා උනන්දුවෙන් කරගෙන යන කාලයකි. කාර්මික අංශයේ රැකියා වලට සුභ සතියකි. නව රැකියා අවස්ථා උදා වෙයි.
පවුලේ අය සමග වෙනදාට වඩා සමීපව කටයුතු කල හැක. ගෙදර දොර අලංකරණයට සිත යයි.  සුවපහසු ජීවිතයක් ගත කිරිමට හැකි තීරණ ගනී.


● තුලා
සමඵලයි.
ආර්ථික වශයෙන් තමන්ට ලැබෙන ප්‍රතිඵල අඩු විය හැක. නිෂ්ඵල දේ සදහා මුදල් යෙදීමට සිත් විය හැක. දේපල, ආදායම් මාර්ග සම්බන්ධව ගැටළු මතුවීමට ඉඩ ඇත.
රැකියාවේ උසස් වීම් ප්‍රමාද විය හැක. පිට පලාත් වල ඇවිදීමට සිදු වෙයි. වෙනදාට වඩා කාර්යබහුල වෙයි.
කාර්මික, තාක්ෂණ අංශ වල රැකියා වලට සුභයි.
ගෘහ ජිවිතය තුල කටයුතු මග හැරීයාමේ අවදානමක් පවතින්නේ තමන් කාර්යබහුල වන නිසාය. නිෂ්ඵල දේට කාලය වැය විය හැක.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන වැඩිපුර අවධානය යොමු කල යුතුය. විනෝදයට සිත දුවයි. විනෝද ගමන් බිමන්ද යෙදිය. හැක.


● වෘශ්චික
ශුභ සතියකි.
ආදායම් තත්වය තරමක් සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙයි. ගැටළු ඇති වුවද නුවණින් කටයුතු කිරිමෙන් එම ගැටළු නිරකාරණය කරගැනීමට හැකියාව පවති.
රැකියා අවස්ථා උදා වෙයි. තම දියුණුවට තමන් ගනු ලබන උත්සාහයන් සාර්ථක වෙයි. දෙමාපියන්ගේ ආශිර්වාදයන් ලැබෙයි.
ගෘහ ජිවිතය යහපත් වෙයි. උසස් අධ්‍යාපනයට අවස්ථා උදා වෙයි. මංගල යෝග උදා වෙයි.
සෙම් රෝග, උදර ආශ්‍රිත රෝගද ඇති විය හැකි නිසා පරිස්සම් වන්න.


● ධනු
ඉතා ශුභ සතියකි.
ආර්ථික වශයෙන් ශුභදායකයි. තමන්ට අවශ්‍ය මුදල් කෙසේ හෝ ලැබෙයි. තමන් ගන්නා උත්සාහයන් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන සතියකි.
නව රැකියා අවස්ථා උදා වේ. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙයි. හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙයි.
ගෘහ ජිවිතය තුල කඩිසර ගති වැඩිපුර මතුවන කාලයකි. ගැටළු ඉතා ඉක්මණින් විසඳාගත හැකි වේ.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට බාහිර ක්‍රියාකාරකම් වලට උනන්දුව වැඩි කෙරෙයි.


● මකර
ශුභ සතියකි.
ව්‍යාපාර වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන කාලයකි. ආර්ථික තත්වය යහපත් අතට හැරේ. අමතර වියදම් පාලනයෙන් මුදල් ඉතිරි කිරීමට හැකියාව ලැබේ.
රැකියාවේ යහපත් ප්‍රතිඵල ලැබිය හැකියි. රැකියාව වෙනදාට වඩා උනන්දුවෙන් මහන්සියෙන් කරන්නට අවස්ථා උදා වේ. අධ්‍යාපන ක්සෙත්‍රය සම්බන්ධ රැකියා වලට වඩා යහපත් ප්‍රතිඵල ලැබේ. නව රැකියා සොයන අයට රැකියා ලැබේ.
ගෘහ ජිවිතය තුල තමන්ගේ වැඩ කටයුතු වෙනදාට වඩා සාර්ථක කරගත හැක. පෙම් සබදතා වලට බාධා අඩු වෙයි.
අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට සාර්ථක ප්‍රතිඵල ලැබෙයි. තම පවුලේ සමගිය වර්ධනය වේ.



● කුම්භ
ශුභයි.
මුදල් නාස්තිය අවම කරගත හැක. ආර්ථික තත්වය යහපත් වෙයි. අවස්ථානුකූලව ගනු ලබන ක්‍රියා මාර්ග යහපත් වේ. භූමිය සම්බන්ධ වාසනාව උදා වෙයි.
රැකියාවේ යම් යම් ගැටළු මතුවිය හැකි වුවද බුද්ධියෙන් කටයුතු කිරිම තුලින් එම තත්වයන් පහ වේ.
නව රැකියා අවස්ථා උදා වෙයි. ප්‍රධානින් නිසා අඩුපාඩු සාදාගෙන වඩා හොදින් කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය යහපත්ව ගත කල හැක. කතාබහේදී ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කිරීම තුලින්, යුග දිවියේ ගැටළු නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ. ප්‍රේම සබදතා වලට බාධා වැඩි වේ, එනිසාම හිත් පීඩා ඇති කරයි.



● මීන
තරමක් ශුභයි.
නව ව්‍යාපාර වලින් ආදායම් සරු වෙයි. ආර්ථික වර්ධනයක් පෙන්වයි. අපහසුතා මඟ හරවාගෙන කටයුතු කරන්නට හැකියාව ලැබෙයි. නව ව්‍යාපාර පිලිබද සිතන අයට සාර්ථක ප්‍රතිඵල පෙන්වයි.
රැකියාවට බාධා ඇතිවෙයි. වෙනදාට වඩා කාර්යබහුල වීම තුල නිදහස - විවේකය අඩු වෙයි. ප්‍රධානින්ගේ දොස් ඇසීමටද ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.
පවුල් ජිවිතය තුල මතුවන ගැටළු නිරාකරණය කරගත හැක. පවුලේ සමගිය - සාමදානය වර්ධනය වෙයි.
පිරිස් ඇසුරට වැඩිපුර කාලයක් ගත කිරීමට සිදු වේ.
උදරාශ්‍රිත රෝග මතුවීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.

No comments:

Post a Comment