Friday, June 17, 2016

අනතුරු, උපද්‍රව සමග රට කොයිබටද... ?

බොහෝ පීඩාකාරි තත්වයක් රටටම උද්ගතව ඇත.
විශේෂයෙන් මාස කීපයකට පෙර පැවති දැඩි උෂ්ණත්වයද, ඉන්පසුව එක දිගට වැස්සෙන් පීඩාද, ඉන්පසුව ගංවතුර ආදියෙන් පීඩාද, ස්වභාවික අනතුරු මෙන්ම ඉන්පසුව සාලාව ගිනි ගැනීම් යන සියල්ලම පැවති පීඩා අතර කැපී පෙනෙන අතර, රජය විසින් බදු වැඩි කිරීම තුල මෙන්ම වංචා දූෂණ සොයනවාට වඩා ජනතාවගෙන්ම ඒ වංචා දූෂණ වල වන්දියද ගැනීම තුල සමස්ත ජනතාවම කීප අතකින් පීඩාවට පත්ව සිටි.

● බොහෝදෙනෙකුගේ ගැටළුව මෙසේ වන්නේ ඇයිද කියාය ?
සමහරක් අය අපටද දොස් නැගුවේ මේ අනතුරු පෙර කියූවේ නැත කියාය. එහි තරමක සත්‍යතාවයක්ද ඇත.
ඒ ගැන අපට කණගාටුවක්ද ඇත.
කෙසේ වුවද අප විසින් අලුත් අවුරුදු නැකත් පොදුවේ කරන ඒවා නිසා සෑමදෙනාම කිරිම අනුචිත බවද, මෙවර නැකැත් වල ගැටළු ඇති බවද පල කලා මතකය
(https://www.facebook.com/irusewaya/photos/a.912122358804844.1073741833.833656709984743/1338684712815271/?type=3&theater)

●අපට උපදේශයෙන් පමණක් සහය වන අප සේවයේ බෝධිසත්ව ගුණෝපේත වෙද මහතා පැවසුවේ මේ අකුසල විපාකයන් විඳීමට සිදුවන දේ නිසා ප්‍රචාරය ලබාදෙන නිසා අපට නොකියූ බවයි.

●  අප විසින් මේ ගැන සූක්ෂමව සලකා බැලූ කල, යම් යම් අකුසල තත්වයන් තිබෙන විට එම අකුසල තත්වයන් වල විපාක විඳීමට සිදුවීම අනිවාර්යෙන් සිදුවේ. බුදුන්වහන්සේ වැඩ සිටි කාලයේ නුවරක් පිටින් විනාශ වූ බව පොතපතේ සඳහන්ය, එනම් විසාලා මහනුවරයි.. බුදුන් වැඩ සිටි කාලයේ එසේ නම්... අද වැනි කාලයක් ගැන අප සිතාගත යුතුය..
බුදුන්වහන්සේත් අකුසල පීඩා විඳි නිසා අකුසල විඳින්නට වීම සිදුවන දෙයක් බව සිතාගත හැක.

● මෙහිදි විශේෂයෙන් කිව යුත්තේ, මේ තරම් දැඩි පීඩා ඇතිවන්නේ “ජනතාවට වඩ වඩාත් ධාර්මික වීමටය“

● ධර්මයට සියල්ල හැරවීමට කටයුතු ක්‍රියාදාමක් විශ්වයෙන්ම සිදුවේ. එහි එක් ඉඟියක් ලෙස බොහෝ තැන් වල බුදු පිලිම වලට හානි නොවීම දැක්විය හැක.

කුමන කාට වුවද කරදර සිදුවීම කණගාටුවට කරුණකි.
ජ්‍යොතිෂමය අතින් බැලූ කල සෙනසුරු වෘශ්චිකයේ සතුරුව සිටින කාලය තුල පීඩා ඇතිවීමද, කුජ-ශනි යෝගය නිසා අයහපත සිදුවීමද විය හැක.

● එනිසා කල යුත්තේ වඩ වඩාත් දහමට යොමු වීමයි. එය කල යුත්තේ උදේ හවස වන්දනා කරන්නට, ගාථා කියන්නට යනාදියට වඩා නියම ශ්‍රද්ධාවෙන් යුතුව කටයුතු කිරීමෙනි.

මේ කරදර තත්වයන් ක්‍රමිකව පහව යන්නට ඉදිරියට කටයුතු සිදුවනු ඇත.

රටටම පවතින අකුසල තත්වයක් පවති. එය රටේ ඉහලම පුරවැසියාගේ සිට පහලටම බලපායි. ඒ සියල්ලගේ අකුසල කර්ම තත්වයක් උදාවි ඇත.
පවතින ආණ්ඩුවේද යම් යම් යහපත් සේම මෝඩකම්, අදූරදර්ශී ක්‍රියාමාර්ග බොහෝමයක් නිසා දැනට පවතින ජනතා අප්‍රසාදයක් තිබුනද, ආණ්ඩුව වැටෙන්නට ඉඩක් ඇතිවන්නේද නැත.

සියලු වැරදි හදාගනිමින් රටක් ලෙසම ඉදිරියට යෑමට හැකියාව ඉතාම සෙමින් වුවද උදා වනු ඇත !


#ඉරුසේවය


irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment