Thursday, June 30, 2016

හරියන - වරදින “සකට රාජ යෝගය “

සකට = රියසක, එනම් රෝදයයි.
රෝදය කැරකෙන විට ඉහල - පහල යන්නාසේ මේ යෝගය ඇති අයට පොදුවේ වාසනාව සහ අවාසනාව යන 2ම විඳින්නට සිදුවිය හැක.
ධනය, තත්වය, බලය සහ වාසනාව යන කාරණා ලැබීමත්, නැතිවී යාමත්, නැවත ලැබීමත්, නැවත නැතිවී යාමත් යන කාරණා සියල්ල මේ යෝගයේ ගැබ්ව තිබේ.

- ● -
ගුරු/බ්‍රහස්පති ග්‍රහයා වෙතින් 6 - 8 - 12 වැන්නේ චන්ද්‍රයා/සඳු සිටීමෙන් මෙම යෝගය ඇති වේ.


මෙය රාජ යෝගයකි.
එක් එක් දශා කාල වලදී, එක් එක් ප්‍රතිඵල දෙන යෝගයකි. විශේෂ වශයෙන් තම මතයම ගරු කරගෙන කටයුතු කරන්නට පෙළඹීමද මේ යෝගයේ ලක්ෂණයකි.

- එසේම මේ යෝගය භංග වන අවස්ථාද කියවේ.

● සදු ලග්නයෙන් කේන්ද්‍ර ගතව පිහිටීම ( එනම් 1 වැන්නෙන් 1, 4,7, 10 තැනක පිහිටීම)

● ගුරු ලග්නයේ/ 1 වැන්නේ පිහිටීම.

● සදු උච්ච හෝ ස්වක්ෂෙත්‍ර බලයෙන් හිදීම

● තවද ගුරුට ලග්නය පෙනීම.


- මෙම යෝගයේ බොහෝ අනිටු ඵල ලැබෙන්නේ ගුරුගෙන් 6 හෝ 8 වැන්නේ සඳු සිටින්නේ නම්ය.


- මෙහි දක්වා ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කේන්දරය වන අතර, එහි 2 වැන්නේ ගුරු සිටින අතර, 7 වැන්නේ සදු සිටී. එනම් ගුරුගෙන් 6 වැන්නේ සඳු සිටීමෙන් “සකට යෝගය“ තිබේ.
එසේ වුවද ලග්නයෙන් එනම් 1 වැන්නෙන් 7 වැන්නේ චන්ද්‍රයා සිටීම තුල එම තත්වය ඉතා අඩු වෙන බවද කිව හැක.

යෝග ගැන තවත් විස්තර පසුවට _

No comments:

Post a Comment