Saturday, June 18, 2016

මහසෙන් දෙවියන්

මහසෙන් දෙවියන් යනු මහසෙන් මහ රජුය...

එනම් මින්නේරිය වැව කරවා, මින්නේරිය දෙවියන් වශයෙන් හඳුන්වන දෙවියන්මය..

තැනක ප්‍රාදේශිය දෙවි කෙනෙක් ලෙස හැඳින්වුවද එය වැරදි වන අතර, මේ දෙවියන්ගේ බලය මුළු ලක්දිවටම පිහිටා ඇත්තේ පෙර රටටම රජ වූ විලසින්මය...
එයට සාධක සපයන්නට පොලොන්නරුව, අනුරාධපුර ප්‍රදේශ වල මෙන්ම කතරගම දේවාලයේද මෙම දෙවියන්ගේ ප්‍රතිමාවක් තිබීමෙන් පැහැදිලි වේ.

එනිසා කතරගම වන්දනාවේ යන ඔබ, කිරි වෙහෙර වන්දනා කොට, කතරගම දේවාලය බලාගන්නා කඩවර දෙවියන්ට පූජා පවත්වා, ඉන්පසුව අනිකුත් දේවාල වලට පූජා පැවැත්වීමේදි මෙම දෙවියන්ගේද පිලිරුව අසලට පැමිණ මලක් - පහනක් පූජා කර වන්දනා කරන්න..

සුපින්වත් දෙවි කෙනෙකි. පින්කම් කර අනුමෝදන් කරන්න...

(පින්තූරය කතරගම දේවාලයේ පිලිරුවයි)

#ඉරු

No comments:

Post a Comment