Monday, June 6, 2016

සතියේ ලග්න පලාපලය - ජුනි 13 වනතුරු

● මේෂ
තරමක් ශුභ සතියකි.
ව්‍යාපාර ගැටළු විසඳෙන සතියකි. ආර්ථික වාසි සැලසෙයි. මෙතෙක් පැවති බාධා තත්වයන් දුරුවනු ඇත. රැකියා කටයුතු වලදී රාජකාරි බහුල වෙයි, එනිසා විවේකය අඩුවිය හැක. වෙහෙසකාරි ගතිය වැඩිවිය හැක. ප්‍රධානීන් නිසා අපහසුතාවයන්ට ලක්වන්නට ඉඩ ඇති සතියකි. බුද්ධියෙන් කටයුතු කරන්නට ඔබ වගබලා ගත යුතුය.
පවුල් ජිවිතය යහපත් වෙයි. පිරිස් ඇසුර නිසාත් ඒ අය සමග හැසිරෙන හැටි නිසාත් ඔවුන්ගේ සිත් දිනා ගැනීමටත් හැකියාව ලැබෙයි. එයින්ද වාසි අත්විය හැක. ඉක්මන් තීරණ ගැනීමටත් සිදුවන සතියකි.


● වෘෂභ
ශුභ සතියකි.
ආදායම් තත්වය වඩා යහපත් වෙයි. බලාපොරොත්තු වන ව්‍යාපාර කටයුතු වලින් ප්‍රතිඵල ලැබෙයි. ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන සතියකි. රැකියාවෙ තරමක් දුරට බාධා මතු වෙයි. නව රැකියා සොයන අයට  මේ සතිය තුල නව රැකියා වාසනා උදාවිය හැක. උපදේශන, අධ්‍යාපන ක්ෂෙත්‍ර වල යෙදෙන අයට යහපත් කාලයකි.
සැප සම්පත් ගැන හිතන, වෙනදාට වඩා තමන්ගේ අලංකාරයට කටයුතු කරන සතියකි. පවුලේ සමගිය වැඩි දියුණු වන සතියකි. නව ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩක් පවතී.



● මිථුන
ශුභාශුභ මධ්‍යඵලයි.
ආර්ථික වශයෙන් තරමක් දුරට ගැටළු ඇතිවිය හැක. දියුණු ආදායම් මාර්ග වලට යොමු වීමට සිතෙන කාලයකි. නීතිමය ගැටළු නිසා මුදල් නාස්තිය සිදුවන්නට ඉඩ ඇත. රැකියා අවස්ථා ප්‍රමාද වන්නට ඉඩක් පවති. තම රැකියාව නිසා පිට පලාත් වල සංචාරය කරන්නට සිදුවනු ඇත. මොලය වෙහෙසවා වැඩ කිරීමට සිදුවන සතියකි.
තම වැඩ කටයුතු අතපසු කරගෙන අනෙක් අය ගැන සිතන්නට යන කාලයක් විය හැක. විනෝදයට ඕනෑවට වඩා සිත් යොමු කල හැක. අධ්‍යාපන කටයුතු වලට ශුභාශුභ මිශ්‍ර සතියකි. බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කිරීම වඩා මැනවි.


● කටක
ඉතා ශුභ සතියකි.
නව ආදායම් මාර්ගයක් වෙනුවෙන් කටයුතු කරන සතියකි. මුදල් නාස්තිය අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. තමන් ගනු ලබන ක්‍රියාමාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. රාජකාරි කටයුතු උනන්දුවෙන් කරන සතියකි. නව රැකියා අවස්ථා උදාවිය හැක.
පෙම් සබදතා ඇතිවන්නට ඉඩ ඇත. ප්‍රේමයට තිබු බාධා දුරුවිය හැක. තම කටයුතු වලට කරදර - බාධක අඩුවනු ඇත. පොදු කටයුතු, සමාජ සේවා කටයුතු වලට තමන්ගේ දායකත්වය ලබාදිය හැක. සුවපහසු ජිවිතයකට මුල් පියවරක් තබන සතියකි.



● සිංහ
මිශ්‍රඵලයි.
ආර්ථික වශයෙන් තරමක් සුභ ඵල අඩුය. දෛනික කටයුතු වලදි කෙසේ හෝ මුදල් ලැබෙනු අැත. මුදල් සම්බන්ධ කටයුතු වලදි යහපත් ප්‍රතිඵල අපේක්ෂා කල හැක. රැකියා කටයුතු වලට මෙතෙක් තිබූ ගැටළු සාර්ථක විසදා ගැනීමට හැකියාව ලැබෙයි. නව රැකියා සොයන අයට යහපත් රැකියා ලැබෙයි. වාහන සම්බන්ධ රැකියා වල යෙදෙන අයට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල ඉක්මණ් ක්‍රියා මාර්ග නිසා කරදර මතුවිය හැක. දරුවන් තුල ඉස්මතු වන ගැටළුකාරි තත්වයන් නිසා සිතට තරමක් පීඩා ගෙනදෙනු ඇත. හිත මිතුරු ඇසුරට ප්‍රිය කරන කාලයකි.


● කන්‍යා
තරමක් ශුභයි.
ආදායම් මාර්ග වලට තිබු බාධා ලිහිල් වන කාලයකි.
ආදායම් මාර්ග වලට, නව ව්‍යාපාර වලට උනන්දුව වැඩි වෙයි. පාරම්පරික දේපල වලින් වෙනදාට වඩා ආදායම ලැබෙනු ඇත. ඉඩම් ගැටළු සම්බන්ධව සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියා අවස්ථා වල තිබු අවහිරතා වැඩි වන්නට ඉඩක් පවති. රැකියාවේ වෙනසක් හෝ රැකියා වෙනස් වීමද සිදුවන්නට ඉඩ ඇත. තම දියුණුව උත්සාහයෙන් ලබාගැනීමට සිදුවන සතියකි.
ගෘහ ජිවිතය තුල සාමකාමි තත්වයක් අපේක්ෂිතය. යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. තමන්ගේ කටයුතු වලට පවුල් අයගේ සහය ලැබෙයි. විවාහය සම්බන්ධ වෙනදාට වඩා උනන්දුව ඇතිවනු ඇත.



● තුලා
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙයි. පොලව සම්බන්ධ ව්‍යාපාර කරන අයට වඩා යහපත් ප්‍රතිඵල ලැබෙන්නට හැක. ණය ගනුදෙනු පියවා ගැනීමට හැකියාව ලැබෙයි. බැංකු වලින් ණය ලබාගැනීම් ආදියට වාසනාව පවති. නව රැකියා සොයන අයට අවස්ථා ලැබෙනු ඇත. උත්සාහයේ මහන්සියේ තරමටම ප්‍රතිඵල නොලැබෙන සතියක් විය හැක. කෙසේ වුවද උත්සාහ කල යුතුමය. කාර්මික-තාක්ෂණික අංශ වල පුහුණු වීම් වලට අවස්ථා උදාවන සතියකි.
ගෘහ ජිවිතය යහපත් වේ. විවාහ කටයුතු වලට තිබූ බාධා ඇති විය හැක. පෙම් සබදතා වලටද යම් බාධා, ගැටළුකාරි තත්වයන් ඇතිවිය හැක. තරඟ විභාග ආදියට සම්බන්ධ වීමට ඉඩ ලැබෙයි.


● වෘශ්චික
මධ්‍යස්ථයි.
උත්සාහයෙන් මහන්සියෙන් වැඩ කටයුතු කලද ඒවායින් ලැබෙන ප්‍රතිඵල අඩුවිය හැක. මෙතෙක් තිබු යම් යම් ආර්ථික ප්‍රශ්න විසදෙනු ඇත. ණයක් අපේක්ෂා කලා නම් එය ලැබෙනු ඇත. රැකියාවේ වෙනසක් සිදුවන සතියකි. විදේශ ගත වීම් වලට සුභයි. නව රැකියා අවස්ථා උදා වන සතියකි. රියදුරු රැකියා කරන අයට වඩා යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩු වීමෙන් පවුල් ජිවිතය තුල කැළඹිලි තත්වයන් ඇතිවිය හැක. පෙම් සබදතා කැඩී යාමට හෝ බාධා ඇති වීමට ඉඩ ඇත. ක්‍රියාශීලි ගතිය වැඩි සතියකි.


● ධනු
මිශ්‍රඵලයි.
ආර්ථික ගැටළු පැන නැගෙනු ඇත.
ආර්ථිකයට යම් යම් බාධා ඇතිවන අතර ඒවාට නිවරදිව මුහුණ දීමට කටයුතු කල යුතුය. ඉඩම් සම්බන්ධ මිලදී ගැනීම් වලින් යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය. රැකියාව නිසි අයුරින් කරගෙන යාමට වෙනදා තරම් උනන්දුව නැතිවෙනු ඇත, එනිසාම ප්‍රධානින්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැකි නිසා ඒ ගැන අවදානමත් වන්න. සිතට වෙනදාට වඩා පීඩාදිය ගෙන දෙන සතියක් විය හැක.
ගෘහ ජිවිතය මානසික ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදුවනු ඇත. ඉගෙනීම් කටයුතු වලට බාධා මතුවිය හැක. මේ තත්වයන් හමුවේ ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කල යුතුමය. හිතමිතුරන් ආශ්‍රය කිරිමේදී ප්‍රවේසම් වීමට වගබලා ගත යුතුය.


● මකර
ශුභ සතියකි.
නව ආදායම් මාර්ග වලට තිබු බාධා අඩු වෙයි.
වෙනදාට වඩා කටයුතු වලට උනන්දුව වැඩි වෙයි. බැංකු කටයුතු වලට, මුල්‍යමය කටයුතු වලට තිබු බාධා අඩු වෙයි. අනාගතය සදහා යහපත් ක්‍රියා මාර්ග ගන්නා සතියකි. වාහන සම්බන්ධ රැකියා කටයුතු වල නිරත වන අයට වඩා යහපත්ය. රැකියාවේ උසස් වීමකට, පුහුණු වීමකට හෝ තරඟ විභාග ආදියට යොමු වීමට තිබු බාධා ඉවත් වෙයි. පවුලේ සමගිය වෙනුවෙන් කටයුතු කරන සුභ සතියකි. සිතට සහනදායි තත්වයක් ඇතිවනු ඇත.  මිතුරු ඇසුරට ඉඩ සැලසෙන සතියකි. අනාගතයේ දියුණුව ගැන උනන්දුව වැඩි වෙයි.


● කුම්භ
ශුභ සතියකි.
හදිසි තීරණ ගැනීමෙන් ආර්ථික වාසි අඩු වෙයි. අතිරේක ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. වාහන මිලදී ගැනීම් වලට උනන්දුව වැඩි වෙයි.
රැකියාවේ කටයුතු වෙනදාට වඩා උනන්දුවෙන් - කැපවීමෙන් කරන සතියකි. රැකියාවේ දියුණුවට සහ උසස් වීම් වලට මෙතෙක් තිබු බාධා ඉවත් වෙයි. තාක්ෂණික අංශ වල කටයුත වලට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල සතුටුදායක පුවතක් ඇසීමට ඉඩ ලැබේ.
ගේ දොර අලංකරණය කිරිමට කටයුතු කරන සතියකි. දරුවන්ගේ අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් වේ.


● මීන
සමඵලයි.
ආර්ථිකයේ සුළු සුළු ගැටළුකාරි තත්වයන් ඇති වේ.  අමතර මුදල් ඉපයීමේ මාර්ග වලට යොමු වීමට ඉඩ සැලසේ.
රැකියාවේ වගකීම් වැඩිවනු ඇත. එනිසාම විවේකය යනාදිය අඩුවිම නිසා උනන්දුව අඩුවීම තුල ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ ඇසීමට සිදුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න. සිතට යම් පීඩා තත්වයක් ඇතිවිය හැක.
පවුල තුල තමන්ට තිබු ගැටළු වලට විසදුම් ලැබෙයි.
පවුල් සම්බන්ධතාවය වර්ධනය වන, පවුලේ සමගිය ඇතිවන කාලයකි. අධ්‍යාපන කටයුතු වලට තිබු බාධා තත්වයන් දුරුවනු ඇත.

No comments:

Post a Comment