Monday, June 27, 2016

සතියේ ලග්න පලාපලය - ජුනි 28 සිට

- පොදු පලාපලයක් පමණි.


● මේෂ
ශුභ සතියකි.
නව ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිය. ගේ දොර, ඉඩකඩම් මිලදී ගැනීමට අවස්ථාව උදාවනු ඇත. නිශ්ඵල ලෙස මුදල් වැය වීමට හැකියාව ඇති වුවද, මනා කළමනාකාරිත්වයකින් කලොත් අනවශ්‍ය වැයවීම් වලක්වා ගත හැක.
රැකියාවේ බාධා අඩු වෙයි. නව රැකියා සොයන අයට සුබයි. රැකියා වල යෙදෙන අයට සාමාන්‍ය ආකාරයට රැකියාව කරගෙන යාමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තුල සහෝදරයින්ගේ දියුණුව උදා වෙයි. ගේ දොර අලංකරණයට සිත යයි. උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමට හැකියාව ලැබේ.


● වෘෂභ
සමඵලයි.
ආදායම් මාර්ග අවහිර විමට ඉඩ ඇත. මුදල් කළමනාකරණයේ දුර්වලතා නිසා අනවශ්‍ය ගැටළු ඇති වීමේ ඉඩක් ඇත.
රැකියාවේ ක්‍රියාශීලි ගති පෙන්වයි. වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාව කරගෙන යා හැක. වාහන සම්බන්ධ රැකියා වල නිරත අයට වඩාත් සුබයි. නව රැකියා සොයන අයට රැකියා ලැබෙයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. එසේ වුවද රාහු මහ දසා ගත කරන අයට අනතුරු ඇතිවීමේ අවදානමක් පවති. විවාහ යෝජනා ස්ථිර වේ.


● මිථුන
ශුභ සතියකි.
ආදායම් මාර්ග පුළුල් වෙයි, ඒවායින් යහපත් ප්‍රතිඵල ලැබීමේ හැකියාවද පවති. මෙතෙක් තිබුනු බාධා - ගැටළු තත්වයන් ලිහිල් වෙයි. නිෂ්ඵල දේකට මුදල් යෙදවීමට සිතිය හැකි බැවින් බුද්ධිමත් වන්න.
රැකියාවේ බාධා අඩු වෙයි. කාර්යබහුල වෙයි, එනිසාම නිදහස අඩුවිය හැක. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම් ආදියටද හේතු පවති.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. ඉක්මණ් තීරණ ගැනීම් වලින් තමන්ට අපහසුතා සිදුවීමටද ඉඩ ඇත. සැලකිලිමත් වන්න.
අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට යහපත්ය.


● කටක
ශුභ සතියකි.
දියුණුව වෙනුවෙන් පියවර ගන්නා කාලයකි. එසේම මුදල් නාස්තිය අවම කරගැනිමටද කටයුතු කල යුතුය. මුදල් සම්බන්ධ ගැටළු වලට විසදුම් ලැබෙන කාලයකි. වෙළදාමට සුබයි.
රැකියාවටද සුබ කාලයකි. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියාව ලැබෙයි. එසේ වුවද නව රැකියා ලැබීම් ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල ඉක්මණ් තීරණ ගැනීම ගැන සැලකිලිමත් වන්න. විනෝදයට සිත යයි. පවුල් ජිවිතය තුල වෙනසක් ඇති වන කාලයකි.


● සිංහ
ශුභ සතියකි.
ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිඵල උදාකර ගත හැක. බාධා අඩුවේ. ඉඩම් සම්බන්ධව තිබූ ප්‍රශ්නයක් නිරාකරණය වෙයි. ව්‍යාපාර වලට සුබ කාලයකි.
රැකියාවේ කටයුතු යහපත් වෙයි. ඉවසීමෙන් වැඩ කටයුතු කල යුතුය. කලබල ගති වැඩිවිය හැකි කාලයකි. නව රැකියා සොයන අයට සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල කතාවෙන් ජය ගැනීමට හැකියාව ලැබේ.
දරුවන්ගේ දක්ෂතා වර්ධනය වෙයි. සහෝදරකාරකාදීන්ගේ දියුණුව දකින, සතුටු වෙන කාලයකි.


● කන්‍යා
ශුභයි.
හවුල් කටයුතු වලට තිබු බාධා දුරු වෙයි. ආදායම් දියුණුව වෙයි. ණය ලැබේ. ආර්ථික බාධා ඉවත් වන කාලයකි.
රැකියාවේ දියුණුව උදෙසා කටයුතු කරන කාලයකි. උනන්දුව වැඩි වෙන, කඩිසර වන කාලයකි. රැකියා විරහිත අයට රැකියා ලැබීමේ වාසනාවද පවති. උසස් වීම් සදහා යම් පියවර ගන්නා කාලයකි.
ගෘහ ජිවිතය තුල වගකීම් වැඩි වෙයි. පිරිස් ඇසුරෙන් සුභ ප්‍රතිඵල ලැබේ.
අධ්‍යාපනට තිබූ බාධා ඉවත් වෙයි.


● තුලා
සමඵලයි.
මුදල් සම්බන්ධ ප්‍රශ්න පැන නැගේ. ආදායම් මාර්ග වලට යම් ගැටළුකාරි තත්වයන් වලට මුහුණ දීමට සිදුවිය හැක, ඒ සියලු තත්වයන් නුවණින් වැඩ කර ජය ගත යුතු කාලයකි.
රැකියාවේ වෙනසක් සිදු කරගැනිමට හැකි කාලයකි. රැකියා සොයන අයට නව රැකියා උදා වෙයි. රැකියාවේ නිදහස අඩුවී කාර්යබහුල විය හැක.
පවුල් ජිවිතය තුල, පවුලේ අය සමග සමගිය වර්ධනය වේ. පවුලේ කටයුතු වලට උනන්දුව වැඩි වේ. යහළුවන් මුණ ගැසීමට හැකියාව ලැබේ. සිතට සතුටක් ලැබේ. උපකාර ලැබේ.


● වෘශ්චික
ඉතා ශුභ සතියකි.
ණය යනාදිය ගැනීමට තිබු අවහිරතා දුරු වේ. ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබේ. වෙලහෙලදාමට සුබයි.
රැකියාවේ දියුණුව පෙන්වයි. පිරිස් පාලනයේදි ගැටළු මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සැලකිලිමත්ව වැඩ කල යුතුමය.
ගෘහ ජිවිතය තුල මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මග හැරේ. පෙම් සබදතා තව ස්ථිර වේ. සිතට සතුට ලැබේ. විනෝදයෙන් කාලය ගත කරන්නට හැකියාව ඇත.


● ධනු
සමඵලයි.
ආදායමට වඩා වියදම වැඩි විය හැක. ආදායම් මාර්ග වල ගැටළු මතුවිය හැක. වියදම කළමනාකරණය කරගත යුතුය, නැත්නම් අනවශ්‍ය වියදම් බොහෝ යෙදේ. ආර්ථික දියුණුව වෙනුවෙන් ඉදිරි පියවරක් ගැනීමට සුභ කාලයකි.
රැකියාවට තිබු බාධා ඉවත් වේ. නව රැකියා අවස්ථා උදා වෙයි. උනන්දුව වැඩි වෙයි ඒ සමග නිදහසද අඩුවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල යහපත්ව කටයුතු කල හැක. ගමන් අධික වේ. මංගල යෝග උදා වන කාලයකි. අසල්වැසියන් නිසා සිත් පීඩා ගෙනදීමට යම් ඉඩකඩක් පවති.
අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.


● මකර
සමඵලයි.
ධන හානි අධික වන කාලයකි. නිෂ්ඵල දේ සදහා වැඩිපුර මුදල් නාස්ති විය හැක. බාහිර කටයුතු වැඩිවිය හැක. ආදායම් මාර්ග ඇහිරිය හැක.
රැකියාවේ නිදහස, විවේකය අඩුවිය හැක. රාජකාරිය අතපසු විය හැක, එයින් ගැටළු ඇතිවිය හැක. ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමටද ඉඩ ඇත. වෙනදාට වඩා අලස ගති පෙන්නුම් කරන කාලයකි.
පවුල් ජිවිතය තුල, පවුලේ අය වෙනුවෙන් වැඩිපුර කාලයක් ගත කිරිමට සිදුවෙයි. දරුවන්ගේ අධ්‍යාපනයට තිබුනු බාධා තත්වයන් වැඩි විය හැක. ඉක්මණ් තීරණ ගැනීමෙන් අවාසිදායක තත්වයන් උදා විය හැක.


● කුම්භ
ශුභ සතියකි.
දියුණුව පිණිස ගනු ලබන පියවරක් සාර්ථක වේ. ලැබෙන මුදල් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබීම නිසාම නාස්තිය අවම කරගත හැක.
රැකියාවේ කටයුතු සාර්ථකව කරයි - උනන්දුව ඇති වෙයි. ප්‍රධානීන්ගේ ප්‍රශංසා ලබයි. රැකියා සොයන අයට සුදුසු රැකියා ලැබේ. උසස් වීම් වලට ඉල්ලුම් කරන කාලයකි.
පවුල් ජිවිතය තුල වගකීම් වැඩිවිය හැක. ගමන් බිමන් අධික විය හැකි නිසා නිදහස - විවේකය අඩු විය හැක. පෙම් සබදතා වලට ගැටළු නිර්මාණය විය හැක, ඒ තුල කලකිරිම් ඇතිවීමට ඉඩ ඇත.


● මීන
ශුභයි.
හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. ව්‍යාපාර ගැටළු නිරකාරණය විය හැක. අමතර ආදායම් මාර්ග වලින් සුභ ප්‍රතිඵල පෙන්වයි.
රැකියාවට තිබු බාධා ඉවත් වෙයි. නව රැකියා ලැබේ- රැකියා විරහිත අයට. රැකියා කරන අයට සාමාන්‍ය පරිදි ගත වෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කිරීමට සිදුවේ. විනෝද ගමන් බිමන් යෙදීමට යාමට සිදුවන කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගැටළු අවහිරතා පෙන්වන කාලයකි. අවදානයෙන් කටයුතු කල යුතුමය.

No comments:

Post a Comment