Saturday, June 25, 2016

සුමන සමන් දෙව් මහ රජ

සුමන සමන් දෙවියන් බුදුන්වහන්සේගේ උපදෙස් අනුව ශ්‍රී පාදස්ථානය රකින මූලික දෙවියන්ය.
පොත්පත් වල සඳහන්ව ඇත්තේ උන්වහන්සේ සෝවාන් තත්වයට පත්ව ඇති බව වන අතර, දැන් සකෘදාගාමි තත්වයට පත්ව ඇත.

● ඔබ සුමනසමන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ නම්, අනිවාර්ය ඔබටද ආශිර්වාදය ලැබෙනු ඇත. එවිට උන්වහන්සේගේ ඇත් පැටවා වහන්සේටද පින් අනුමෝදන් කරන්න.
(උන්වහන්සේ නමින් ඇති දේවාල වලට පුද පඬුරු ලබාදීම වරදක් නොවේ. එවන් තැන් වල පැවැත්මට, ඒවා පවත්වාගෙන යන අයගේ පැවැත්මට මුදල් අවශ්‍යය. නමුත් දෙවිවරුන් ඒ පඬුරු වල තරම අනුව ඔබට ආශිර්වාද නොකරයි. ඔබගේ ඇති නියම ශ්‍රද්ධාවට, සීලයට සහ කුසල් බලයට දෙවිවරු ආශිර්වාද කරති. එයද සිතේ තබාගන්න.)

- පොදුවේ සුමන සමන් දෙවියන්ට වන්දනා කල යුතු දිශාව “උතුරු“ දිශාවයි.
- දිනය සඳුදාය.
- සුදු පැහැති මල් වඩාත් සුදුසුය.

** මූලිකව වැදගත් වන්නේ “සුමනසමන් දෙවියන්ගේ නාමයෙන් ශ්‍රී පාද පද්මයට පූජා වේවා “ කියා එම පූජාවන් කිරීමයි.
(අප මේ විස්තරයේ දෙවියන්ට වඳින ගාථාව ලබා නොදෙන අතර, එය අසමින් අපට වද නොදෙන්න. පින් කර මේ දෙවියන්ට අනුමෝදන් වේවා කියා සිතින් සිතීම හොදටම ප්‍රමාණවත්ය. පින් කිරීම මහා කටයුත්තක් නොවේ. සරල කටයුත්තකි. නමුත් ඒ සරල බව තේරුම් ගැනීමට බොහෝ අයට නොහැකිය.
( ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව දිශාව වෙනස් වේ)

සුමන සමන් දෙවියන්ගේ බලය රත්නපුරයට සීමා වන බවක් අප සිත් වලට ලබාදි ඇති වුවද, මේ මුළු රටටම පමණක් නොව ලොවටම උන්වහන්සේගේ බලය පවතී.
බොහෝ කතා ඒ සම්බන්ධව පවතින අතර, සැබෑවට අප අත්දැකීමෙන් දන්නා කතාද තිබේ.

● සුමන සමන් දෙවියන්ටද වෙනත් දෙවිවරුන්ට සේම පරිවාර සේනාවක් සිටී. දෙවිවරුන්ගේ සිට පහත් අමනුෂ්‍ය ආත්ම භාවයන් දක්වා එම සේනාවේ සිටිති.
මැණික් වලට මූලිකව සම්බන්ධ වන කඩවර මණ්ඩලයේ “මැණික් කඩවර“ දෙවියන්ද සුමනසමන් දෙවියන්ගේ සේනාවේ සිටින දෙවි කෙනෙකි.

● ඔබ ශ්‍රී පාදය වන්දනාවට යන්නේ නම්, වඩාත් හොඳයි දිනක්වත් නිර්මාංශීවී, සැදැහැ සිතින් යන්නේ නම්, එවිට අනවශ්‍ය කරදර ඇතිවන්නට ඉඩ ඉතා අල්පය.
එසේම ඉහලට නගින විට සහ බසින විට කිසිදු අවස්ථාවක “අමාරුයි“ යන්න සිතින්වත් නොසිතා කල හැකි බව මෙනෙහි කරගෙන යන්න. එවිට යම් අපහසුතාවයක් තිබේ නම් එය මගහැරී යන්නට හැකි වනවා ඇත.
- ශ්‍රී පාද අඩවියේ කට වරද්දාගෙන කරදර ඇති කරගත් කතා මෙන්ම අප දන්නා දේද ඇත.
(මූලිකව කිව යුත්තේ, වැරදි කතා කියන, කරන සෑම කෙනෙකුටම එසේ නොවන්නට ඇති වුවද එසේ නොවී නම් කුසල බලයක් තිබෙන නිසාම විය යුතුය, අනවශ්‍ය ලෙස පූජා භූමියක හැසිරීම, කතා කිරිම සංසාරයේ කවදාටත් පව් පිරෙන වැඩකි)

● එක්වරම නොවුනත්, සමහර රාජ්‍ය පාලකයන් ශ්‍රී පාද වන්දනාව පවා තමන්ට පහසු ආකාරයට වෙනස් කරන්නට ගියා අපට මතකය. ඒවා කරන්නට නොහැකි වූ අතර, වසර කීපයකින් බලයෙන් පහ වන්නටද ඒ අයගේ අකුසල ශක්තිය මෙන්ම පුණ්‍ය භූමිය පුරාතනයේ සිට ඇති කටයුතු වෙනස් කිරීමට කටයුතු කිරීම සිතිය හැක.

٠٠٠ තවද විශේෂයෙන් කිව යුතු කරුණක් තිබේ, එනම් යම් පිරිසක් සිතන්නේ සම්බුද්ධ ශාසනය, සිංහල ජාතිය, සිරි ලංකාව නැති වේගෙන යන බවයි.
එය නැති වන්නේ නම් නැති වන්නේ අපගේම තිබෙන අනවශ්‍ය මෝඩකම්, ආත්මාර්ථකාමිකම්, අකුසල් අනුව බව සිතන්න..

- නමුත් සැබෑව කාරණය නම් ඉතිහාසය පුරා අප මීටත් වඩා කරදරකාරි කාල වලට මුහුණ දුන් බවය. ඉංග්‍රීසින්ගේ කාලයේ බුදු දහම අතුගා දැමීමටම ඔවුන් පියවර ගත් නමුත්, කල හැකි වූයේ යම් දෙයක් පමණය.
එනිසා රටට වෙන වෙනත් අවැඩක් නැත.

තම තමන්ගේ අකුසල කර්ම විපාක දීම මිස, රටත්, ජාතියත් වෙනම අනතුරක නැත. සුමනසමන් දෙවියන් මෙන්ම සියලු දේව මණ්ඩලය සම්බුද්ධ ශාසනය, සිරි ලංකා ද්වීපයම රකින්නේමය !

No comments:

Post a Comment