Thursday, June 23, 2016

ලග්නාධිපති ග්‍රහයා සහ සිටින තැන අනුව පලාපල - 01

(බොහෝදෙනෙකුගේ ඉල්ලීම නිසාය)

සෑම කේන්දරයකම මැද ලග්නය සඳහන්ව ඇත.
ඒ අනුව 01 වැනි කොටුවේ අධිපතියා වන්නේ ලග්නාධිපතියාය.

කේන්දරයක 1 වැනි කොටුවෙන් හෙවත් ලග්නයෙන් කෙනෙකුගේ ශරීර ලක්ෂණ, චරිතය, ඥානය, ආයුෂ, රැකියාව සහ හිස යනාදි බොහෝ කරුණු ගැන කියවෙයි.

ඔබ දන්නවාද ඔබගේ ලග්නාධිපති ග්‍රහයා කවුරුන්ද කියා ?

● ඔබ උපන්නේ මේෂ හෝ වෘශ්චික ලග්න වලින් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්‍රහ ලොව සෙන්පති කුජ හෙවත් අඟහරු ග්‍රහයාය.

● ඔබ උපන්නේ වෘෂභ හෝ තුලා ලග්න වලින් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්‍රහ ලොව හැඩකාර තරුණිය වන සිකුරු/ශුක්‍ර ග්‍රහයාය.

● ඔබ උපන්නේ මිථුන හෝ කන්‍යා ලග්න වලින් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්‍රහ ලොව බුද්ධිමතා මෙන්ම කුඩා දරුවාද වන බුධ ග්‍රහයාය.

● ඔබ උපන්නේ කටක ලග්නයෙන් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්‍රහ ලොව මව්තුමිය වන සඳු/චන්ද්‍රයාය.

● ඔබ උපන්නේ සිංහ ලග්නයෙන් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්‍රහ ලොව රජ මෙන්ම පියාද වන රවි/සූර්යයාය.

● ඔබ උපන්නේ ධනු හෝ මීන ලග්න වලින් නම් ඔබගේ ලග්නාධිපති වන්නේ ග්‍රහ ලොව සුරගුරු, ප්‍රඥාවට - සෞභාග්‍යයට අධිපති ගුරු/බ්‍රහස්පතී ග්‍රහයාය.

● ඔබ උපන්නේ මකර හෝ කුම්භ ලග්න වලින් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්‍රහ ලොව අකීකරු පුත්‍රයා මෙන්ම දුකට අධිපති, සසර ගැන අවබෝධය ලබාදෙන ශනි/සෙනසුරු ග්‍රහයාය.


- දැන් දන්නවනේ ලග්නාධිපති කවුද කියල...

ඒ අනුව ලග්නාධිපති ග්‍රහයා කේන්දරයේ සිටින කොටුව අනුව පොදු පලාපලයක් ඊලග ලිපියෙන් _


#ඉරු

1 comment: