Wednesday, June 8, 2016

“ බුධ මාරුව “ (ජුනි 8 - 2016)



ග්‍රහ ලොව සුරතලා වන “බුධ“ ග්‍රහයා අද(ජුනි 8) උදෑසන මේෂ රාශියේ සිට සිකුරුට අයත් වෘෂභ රාශියට පැමිණියේය.
බුධ ග්‍රහලොව සුරතලා මෙන්ම කුඩා දරුවාද වන අතර, බුධගේ සාමාන්‍ය ක්‍රමය නම් තමන් සමග සිටින ග්‍රහයන්ගේ ගතිගුණ තමන්ට ආරෝපණය කරගැනීමයි(කුඩා දරුවෙකු වැඩිහිටියන් අනුකරණය කරන්නාසේ).
තවද කිව යුත්තේ බුධ විනෝදය, සැපයට වඩා උගත්කමට, ශාස්ත්‍රියත්වයට නැඹුරු කරන ග්‍රහයෙකු බවයි.

බුධට මිත්‍ර රාශියක් වන වෘෂභයට බුධගේ පැමිණීම යහපත්ය.
බුධ මේෂ රාශියේ සිටියදී තිබුනු අයහපත් ඵල ක්‍රමිකව දුරුවීමට මේ පැමිණීම හේතු වනු ඇත.

ලග්න 12ට බුධගේ පැමිණීම කෙසේද ?

- මේ සියලු කාරණා පොදු ඒවාය. ඔබගේ කේන්දර සටහන අනුව, ගතවන කාලය, ගෝචර ඵල, නැකැත් යනාදි බොහෝ දේ මත මෙම පලාපල වෙනස් විය හැක.


● මේෂ
බුධ පැමිණෙන්නේ 2 වැන්නටය.
ඒ අනුව ආර්ථික වාසි සැලසෙයි. දේපල ලාභ, යාන වාහන ලාභ වලටද වාසනාව හිමියි. සුභ තත්වයන් සමග හදිසි අනතුර, රුධිර පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සහ සෙම ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවීමේ යම් ඉඩක් පවතින නිසා ඒ ගැනද සැලකිලිමත් වන්න.

● වෘෂභ
බුධ පැමිණෙන්නේ 1 වැන්නටය.
වෙනදාට වඩා කැපවීමකින් තම දියුණුව වෙනුවෙන් කටයුතු කරන කාලයකි. ක්‍රියාශීලි බව ඇති වේ. සංචාර හෝ ගමන් බිමන් සුලබ වෙයි, එයින් වාසිද අත්වෙයි.
කතාවේදී අන් අයගේ සිත් නොරිදෙන ආකාරයට කතා කරන්න. හදිසි අනතුරු වීමේ අවදානමක්ද පවති.


● මිථුන
බුධ 12 වැන්නට පැමිණියේය.
බුධ පොදුවේ 12 වැන්නට ශුභ වුවද මෙම පැමිණිමෙන් යම් ධන හානි, විශේෂයෙන් වියදම් අධික වීමට ඉඩක් ඇත. යම් යම් බාධා තත්වයන් අපේක්ෂිතය. විවාහ කටයුතු වලින් ලැබීමට තිබු යමක් වී නම් ඒවා ලැබෙන්නට වාසනාව පවති.
සෞඛ්‍ය තත්වය ගැනද අවදානමත් වන්න.


● කටක
බුධ පැමිණෙන්නේ 11 වැන්නටය.
දියුණුව ඉෂ්ට සිද්ධ වෙන කාලයකි. වෙනදාට වඩා බාධා දුරුවන තත්වයක් පෙන්වයි. අධ්‍යාපන කටයුතු වල නිරත අයට සුභයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවන, සතුටු වන කාලයකි.
සෞඛ්‍ය තත්වය ගැනද අවධානයෙන් සිටින්න.

● සිංහ
බුධ පැමිණෙන්නේ 10 වැන්නටය.
ආර්ථික වාසි වලට සුභයි. නව ආදායම් මාර්ග වලටද යහපත් ප්‍රවණතාවයක් ඇතිවේ. ගමන් බිමන් යෙදෙයි. විනෝදයට සහ ආගමික කටයුතු වලටද නැඹුරු වීමේ හැකියාව පවති. පවුල් ජිවිතය තුල යම් නොරුස්සනා ස්වභාවයක් හෝ ගැටළු මතුවිය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.


● කන්‍යා
බුධ පැමිණෙන්නේ 09 වැන්නටය.
සිතට සතුට ලැබෙන, ජයග්‍රහණය අපේක්ෂා කල හැකි කාලයකි. අන් අයගේ උදව් ලැබේ. තම කැපවීම තුලින්ම සාර්ථකත්වයක් ලගා කරගත හැක. කෙසේ වුවද යම් බාධා තත්වයන්ද පවති.
කන්‍යා ලග්න දේශපාලන සුභයි. එසේ වුවද ප්‍රේමය-විවාහය යනාදි කාරණා වලට යම් බාධා පෙන්වයි.


● තුලා
බුධ පැමිණෙන්නේ 08 වැන්නටය.
මෙම කාලයේ වෙනදාට වඩා ඉවසීමෙන් ගත කල යුතුය. දරුවන් සම්බන්ධ කටයුතු වලින් සුභ ඵල අපේක්ෂිතය. අන් අයගේ ප්‍රශංසාවටද බඳුන්විය හැක. ආර්ථික තත්වය සාමාන්‍ය වන අතර, අවශ්‍ය කරන මුදල් ලැබීම්ද සිදුවිය හැක. සතුරන්ගෙන් සිදුවන කරදර මනාව බුද්ධියෙන් කළමනාකරණය ගකරගත හැක.


● වෘශ්චික
බුධ 7 වැන්නට පැමිණියේය.
ආර්ථික තත්වයට යම් යම් බාධා පෙන්වයි. අනවශ්‍ය වියදම්ද ඇතිවිය හැක. අන් අයගේ දෝෂ දර්ශනයට මෙන්ම ඉරිසියාකාරි ගති පැවතුම් ඇති අයගේ ඊර්ෂ්‍යාවට බඳුන්විය හැක. මේ හේතු නිසා වන්දනා ගමන් යෙදීමේ හැකියාවක්ද(දහමට නැඹුරු විමේ) පවති. ගමන් බිමන් අධික විය හැක.


● ධනු
බුධ 6 වැන්නට පැමිණියේය.
ආර්ථික  තත්වයන් දියුණු කරගැනීමේ හැකියාවක් පවති.
උදව් ලැබෙයි. දේපල වාසි තිබේ. අන් අය අතර කැපී පෙනෙයි.
විශේෂ වශයෙන් සෞඛ්‍ය තත්වය ගැන අවධානයෙන් සිටිය යුතුමය. අක්ෂි රෝග, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග යනාදිය විශේෂයි.


● මකර
බුධ පැමිණෙන්නේ 5 වැන්නටය.
ව්‍යාපාර කරන අයට සුබයි. අධ්‍යාපන කටයුතු වලටද සුබයි. රැකියා කරන අයටද යහපත්ය. ආර්ථිකයට සම්බන්ධ කටයුතු වල දියුණුව අපේක්ෂිතය. කෙසේ වුවද ඒ කටයුතු මනා බුද්ධියෙන් කල යුතුමය, අනවශ්‍ය ගැටළු පැන නැගීමේ අවදානමක්ද පවති.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.


● කුම්භ
බුධ පැමිණෙන්නේ 4 වැන්නටය.
ව්‍යාපාර - රැකියා ආදිය දියුණු වෙයි. උසස් වීම්, වැටුප්-ආර්ථික තත්වය දියුණු වීම් අපේක්ෂිතය.  පවුලේ අය සමග සාමකාමිව සිටිය හැක. දේපල ලාභ, වාසි තිබේ. කෙසේ වුවද සතුරු කරදර ඇතිවිමේ ඉඩක්ද පවති.
සෞඛ්‍ය තත්වය ගැනද විමසිල්ලෙන් සිටින්න.


● මීන
බුධ පැමිණෙන්නේ 3 වැන්නටය.
ව්‍යාපාර, රැකියා කටයුතු වලට යහපත්ය. ආර්ථික තත්වය දියුණු කරගැනීමේ වාසනාව තිබේ. කෙසේ වුවද අන් අය සමග කරන කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කල යුතුය. බොහෝ කැපවීමෙන් තම ජයග්‍රහණයන් අත්පත් කරගත යුතුමය. යම් බාධා ඇතිවිය හැක.
එනිසාම වෙනදාට වඩා ආගම දහමට සිත නැඹුරු වීමද, ඒ කටයුතු කිරිමද තුල මානසික සහනයක් ලගා කරගත හැක.

No comments:

Post a Comment