Wednesday, June 1, 2016

ශුභ සිහින - සුජිත් නිශාන්ත යෝගිතුමා විස්තර කරයි




● එළකිරි දැකීම, දොවනවා දැකීම - ධන ධාන්‍ය තත්වය ඉහල යෑම

සහ ඉන්න තත්වයට වඩා තත්වය උසස් වීමක් අපේක්ෂිතයි.

● අශ්වයන් පිට යෑම දැකීම - මෙයද තම තත්වය ඉහල යෑම

පිලිබදව කියවෙයි.

● හස්තියන්ගේ කුංච නාදය දැකීම - ගරු බුහුමන් ලැබීම කියවෙයි.
- හස්තියන්ගේ පිට උඩ යෑම - ධන ධාන්‍ය තත්වය ඉහල යෑමත්, තත්වය උසස් වීම.
හස්තීන් දැකීමෙන් සමහර අය සිතුවාට භාරහාර වීම කියල, අලි පැන්නීම දැකීම භාර හාර වීම උවත්, අලි දැකීම අතිශය ධනය ලැබීමට වාසනාවන්ත තත්වයක් කියවෙයි.

● අසූචී දැකීමද ධනය ලැබීමට හේතුවකි.

● නිල් පාට වතුර, ගංඟාවල් දැකීම යනාදිය එනම් පිරිසිදු ජලය

දැකීම තම අභිමථාර්ථ ඉටුවීමක් කියවෙයි.
(බොර වතුර දැකීම එතරම් ශුභ නැත)

● කෙසෙල් කැන් දැකීම, බොහෝ ඵලදාව සහිතව දැකීමෙන්

දියුණුව සහ බලාපොරොත්තු ඉෂ්ට වීම කියවෙයි.


- මේ සෑම කරුණක්ම පොදු කරුණු බව සලකන්න. තම තමන්ගේ

කුසලා කුසල තත්වයන් අනුව වෙනස් විය හැක.

No comments:

Post a Comment