Monday, May 30, 2016

මේ තිබෙන්නෙ වසරේ මුල සුජිත් නිශාන්ත යෝගිතුමා විසින් කියන ලද අනාවැකියකි.

“සෙනසුරු“, වෘශ්චික රාශියේ සතුරුව සිටින විට රටටම බලපාන ආකාරයෙන් අයහපත් කාලගුණ තත්වයන් ඇතිවීම සාමාන්‍ය දෙයකි.
අප මේවා ගැන දැනුවත් කිරීම් එතරම් කර නැත. කලත් ඒවායින් මිදෙන්නට කටයුතු කරන ප්‍රමාණය ඉතා අවම බව අත්දැකීමෙන් දනිමු.

එයට හොඳම උදාහරණය සුනාමි අවස්ථාවයි. සුනාමිය ගැන දැනුවත් කර තිබු බොහෝ අය එවැන්නක් සිදුවෙන්නේ නැතැයි විශ්වාසයෙන් කල් යවා කරදරයට පත්වෙනු අපි දුටුවෙමු.
සේවයක් ලෙස අපගේ මූලික උවමනාව ලෙස ලබාදෙන සේවා නිවරදිව ලබාදීමත්, ජනතාව කුසලයට යොමු කිරීමත් දැක්විය හැක.

ඊට අමතරව අප සේවයේ ගරු සේවාවක් ලබාදෙන, වෙද මහතා විසින් අපට පැවසුවේ සියලු කාරණා ගැන දැනුවත් කලත් නැතත්, අකුසල් විපාක දෙන අයට අකුසල් විපාක දීම වලකන්නට බැරි බවය.
එනිසා තම තමන්ගේ ජිවිතය යහපත් කරගන්නට, වඩාත් කුසලයට යොමුවීම කල යුතු බවක් ගම්‍ය විය.
ගංවතුරෙන් හෝ වෙනත් ස්වභාවික පීඩාවකින් කවුරුන් හෝ පීඩාවට පත්වීම කණගාටුවකි. නමුත් ඒවාට බොහෝවිට නොදන්නා කාලය කරන ලද අකුසල කර්ම සම්බන්ධව තිබිය හැක. කර්ම විපාකයෙන් ගැලවීමට ක්‍රමයක් කිසිවෙකුට නැත.

‪#‎ඉරුසේවය‬ Iru Astrology

No comments:

Post a Comment