Wednesday, May 4, 2016

සෙනසුරුගේ බලපෑම විද්‍යාත්මකව පැහැදිලි කිරීම !

ජ්‍යොතිෂ්‍යයට ගරහන යම් පිරිසකගේ අදහස සෙනසුරු ග්‍රහයා දුරින් පිහිටා ඇති නිසා එයින් වල බලපෑමක් නැති තරම් යන්නය. ඒ අනුව ජ්‍යොතිෂ්‍යවේදීන් සෙනසුරු මුල් කරගෙන සියල්ල කියනා බවක් ඔවුන්ගේ කතාවෙන් ගම්‍ය කරයි !

● පෘථවියේ උපග්‍රහයෙකි චන්ද්‍රයා... ප්‍රමාණය අනුව පෘථවියට වඩා ඉතා කුඩාය.
නමුත් පුර කාලයට මුළු පෘථවියම එළිය කරන්නට චන්ද්‍රයා සමත්ය.
- එසේ කරන්නේ සූර්යයාගෙන් වැටෙන ආලෝකය පරාවර්ථනය කිරීමෙනි.


● සෙනසුරු ඈතක සිටියද, පෘථිවියට වඩා  ඉතා විශාල ග්‍රහයෙකි.
(සෙනසුරු විශාලත්වයෙන් 2වෙනි වන්නේ බ්‍රහස්පතීට පමණි.)
http://www.universetoday.com/24161/saturn-compared-to-earth/


● සූර්යයාගෙන් සියලු ග්‍රහයන්ට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් පරාවර්ථනය වන බව අපි සියල්ලෝම දනිමු (චන්ද්‍රයා මූණට කණ්ණාඩියක් සවි කරගෙන නැත, ආලෝකය පරාවර්ථනයෙන් සඳ එළිය පෘථිවියට වැටේ).

●  එපමණක් නොවෙයි, සූර්යයා සහ සියලු ග්‍රහ වස්තූන් භ්‍රමණය වන්නේ ආකර්ෂණ ශක්තියකට අනුවය. එය අන්තර් සබඳතාවයකි. ග්‍රහ ලෝකයන් අතරද එකිනෙක අතරද ආකර්ෂණ සබදතාවයක් තිබේ.
පෘථිවියේ සිට වෙනත් ග්‍රහලොවකට යන විට පෘථවියේ ආකර්ෂණය යම් දුරකට තිබේ. එසේ වෙනත් ග්‍රහ ලෝකයට අයත් ආකර්ෂණයක්ද පෘථවියට තිබේ..
එයින් එක ග්‍රහයෙකු හෝ ඉවත් වුවොත් සිදුවන දෙය සිතාගත හැකිද ?

- එසේ නම් සෙනසුරු සමග සබදතාවයක් පෘථවියට තිබේ... !
- එසේ නොවි නම් එකකට එකක් නොගෑවි භ්‍රමණය වන්නේ කෙසේද ?

● විශාලම ග්‍රහයා වන්නේ බ්‍රහස්පතීය. සෙනසුරු ඊට වඩා ටිකක් කුඩාය.


** සෙනසුරුට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් අනිකුත් ග්‍රහ ලෝක වලටද වැටේ. එම වැටෙන ආලෝක කදම්බය තමයි “ග්‍රහ දෘෂ්ටි“ ලෙස ජ්‍යොතිෂ්‍යයේ පෙන්නුම් කරන්නේ..

උපන් මොහොතේදි ග්‍රහයන් සිටි ආකාරය අනුව, ඒ ඒ ග්‍රහයන්ට වැටෙන ආලෝක ප්‍රමාණය තමයි පෙන්නල කතා කරන්නේ,

“ මේ ග්‍රහ දෘෂ්ටිය වැටෙනවා, මෙතන සෙනසුරු සිටින විතර මෙතරම් ප්‍රබල හෝ දුබල තත්වයක පිහිටිනවා “

- එම බලපෑම සැබෑවටම පවති - නැතිව අප කතා කරන්නෙ භූත ආත්ම හෝ නොපෙනන බලවේග ගැන නොවෙයි.
- ජ්‍යොතිෂ්‍යය පැහැදිලිවම සජීවිව පවතින විද්‍යාත්මක පදනමකට අනුව කතා කරන්නකි..


●  එසේ නම් හඳේ බලපෑම අනුව, වඩදිය - බාදිය ඇති වීමත් ප්‍රතික්ෂේප කල යුතු වෙයි.. ?
සූර්යයාගේ බලපෑමද පිලිගත හැකිද ?

- අප ජ්‍යොතිෂ්‍යයේදී සෙනසුරුගේ බලපෑම ඉතා විශාල බව අප පිලිගන්නේ නැත. විශාල බලපෑමක් ඇත්තේ සූර්යයාගේ සහ චන්ද්‍රයාගේය.
- අපි සියලු කටයුතු කරන්නේ රවි/සූර්යයා සහ සඳු/චන්ද්‍රයා මූලික කරගෙනයි.
චන්ද්‍රයා අනුව නැකැත් සාදන අතර, සූර්යයා අනුව ලග්න සාදයි.


● සෙනසුරුගෙන් වැඩිය ලැබෙන්නේ අපල විපත් වන අතර, එයට හේතුව සෙනසුරු විශාල ග්‍රහයෙක් ලෙස අනිත් ග්‍රහයන්ට වඩා එක්තරා අංශයක විශාල ආකර්ෂණයක් ඇති ග්‍රහයෙකි.

තවද,

දැනට වසර දහස් ගණනට පෙර, ඍෂිවරයන් වහන්සේලා විසින් අද පවතින කිසිදු දියුණු උපකරණ නැතිව, ග්‍රහ ගමනත්, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ නිවරදිවම ගණනය කර තිබේ.
අප ඉදිරිපත් කරන්නේ පැරණි පොත් පත් වල ඇති ගණිත ක්‍රමයයි. මේ භාවිත කරන්නේ කිසිදු බටහිර විද්‍යාඥයෙකු විසින් සාදා දෙනු ලැබූවක් නොවෙයි.
එසේ නම් ඍෂිවරුන් විසින් සූර්ය සිද්ධාන්ත ගණිත ක්‍රමය ඉතා නිවරදිව ගණනය කර ඇත !

එසේ නම් ඔවුන් විද්‍යාඥයන්ම තමයි !

- ගැලිලියෝට, අයිසැක් නිව්ටන්, ඇල්බට් අයින්ස්ටයින් ආදි කිසිදු විද්‍යාඥයෙකුට සෘෂිවරුන් දෙවෙනි කල නොහැක...

● ජ්‍යොතිෂ්‍යය අනුවද අහවල් දවසේ චන්ද්‍රග්‍රහණයක් වන බව කියයි. මේ වෙලාවට පටන්ගෙන මේ වෙලාවට ගෙවෙන බව කියයි.
- නාසා ආයතනය කියන්නේද එයයි...

- නාසා ආයතනය ඉතා දියුණු විද්‍යා්මක පර්යේෂණ අනුව, තාක්ෂණික සහය ඇතිව කරන දින වකවානු ගණනය කිරිම්, එදා ඒ කිසිවක් නැතිව ආකාශය දෙස බලා කරන ලද පර්යේෂණ වල නිරවදිතාවයත් ඉතා නිවරදිව ඍෂිවරුන් විසින් කර ඇත.

තවත් කුමන කතාද ???

No comments:

Post a Comment