Monday, May 16, 2016

සතියේ ලග්න පලාපලය - මැයි 23 තෙක්



● මේෂ

දුරදිග සිතා බලා වැඩ නොකිරිම නිසා මුදල් නාස්ති වන ගැටළු මතුවිය හැකි කාලයකි. රැකියාවේ ගැටළු රැසක් මතුවිය හැක. රැකියාව වෙනස් වීමද සිදුවිය හැකි අතර, නව රැකියා අවස්ථා රැකියා විරහිත අයට උදාවිමේ හැකියාවක්ද පවති. බුද්ධියෙන් කටයුතු කරන්න.
පවුල් ජිවිතය තුල සිත නොසන්සුන් වන කාලයකි. පවුලේ කටයුතු වලදි අනිකාට අවනත නොවිම නිසා ගැටළු ඇතිවිමේ හැකියාව ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න.


● වෘෂභ

මූල්‍යමය කටයුතු වලින් තරමක් අවාසිදායක තත්වයන් වලට මුහුණ දීමට සිදුවිය හැක.
ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වලට තරමක් අසුභයි. බුද්ධිමත්ව කටයුතු කරන්න. ප්‍රවේසම් වන්න. රැකියාවේ දියුණුවට යම් ක්‍රියාමාර්ග ක්‍රියාවට නගන කාලයකි. රැකිරක්ෂා වල දියුණුව මෙන්ම වෙනස්කම්ද ඇති කිරිමට හොදයි.
ගෘහ ජිවිතය තුල කල්පනාකාරිව කටයුතු කිරීම තුලින් සතුටින් සාමදානයෙන් ඉදිරියට යාමේ හැකියාව පවතින සතියකි.


● මිථුන

ආර්ථික වශයෙන් යම් දියුණුවක් ලගා කර ගැනීමට සුභ කාලයකි.
ව්‍යාපාර ආදියටද නව ආයෝජන ආදියටද යහපත් කාලයකි. රැකියා කටයුතු වලදි සිතට තරමක් අසහනකාරි තත්වයන් වලට මුහුණ දීමට සිදුවිය හැක. වැඩ අධික විය හැක, ඒ අවස්ථාවන් මනාව කළමනාකරණය කරගන්න.
පවුල් ජිවිතය තුල සතුටුදායක දේ සිදුවිමට හැකියාව පවති. ගේ දොර වැඩ කටයුතු වලින් තරමක් අසුභ ඵල අත්විය හැක. කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න.


● කටක

මුල්‍ය කළමනාකරණය අතින් යහපත් සතියකි.
මුදල් ඉතිරි කිරිමට, නව ආදායම් මාර්ග වලට මුදල් යෙදවීමට සිතන කාලයකි. නිවරදිව කිරිමෙන් එම කටයුතු සාර්ථක කරගත හැක. රැකියාවේ දියුණුව උදා වෙයි. රැකියාවේ දියුණුවට කටයුතු කර ගන්නා සතියකි.
පවුල් ජිවිතය තුල සමගිය - සාමකාමි බව උදාකර ගැනීමට කැපවන, වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන ශුභ සතියකි.


● සිංහ

ව්‍යාපාර ආදියෙන් සාර්ථක ප්‍රතිඵල අත්වෙයි. වෙනත් ව්‍යාපාර හෝ ආදායම් මාර්ග වලට සිත යොමුවන කාලයකි. ඒවා සාර්ථ කරගැනිමටද වාසනාව පවති. අනාගතය සාර්ථක කරගැනීමට උනන්දු වන සතියකි. රැකියාවේ දියුණුව උදාකර ගැනීමට යහපත් ලෙස කටයුතු කරගත හැකියාව පවති.
ගෘහ ජිවිතය තුල තම ගැටළු වලට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට හැකියාව පවතින කාලයකි. තමන්ගේ කටයුතු වලට නෑයන්ගේ හිත මිතුරන්ගේ උදව් උපකාර ලැබෙයි. විනෝදයෙන් සිටිමට හැකියාව ඇති කාලයකි.


● කන්‍යා

දියුණුව උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ග සාර්ථක වෙයි.
ණය ගනුදෙනු වලින් සිත අවුල් වීමට කටයුතු යෙදෙයි. කාර්යබහුල සතියකි. ඉක්මණ් තීරණ ගැනීමට සිත්වන කාලයකි. රැකියා වලට සුභයි. කාර්යශූරව වැඩ කටයුතු කරන සතියකි.
අධ්‍යාපන කටයුතු වලදි ඇතිවන කාර්යබහුලතාවය නිසා සිත තරමක් අවුල් වී යා හැක. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. දියුණුවක් ලැබෙන කාලයකි. අවිවාහක අයට තරමක් දුරට මෙතෙක් මංගල කටයුතු වලට තිබු බාධා අඩු වෙයි. මධ්‍යස්ථ ඵල ලැබෙයි.


● තුලා

ණය ගනුදෙනු වලින් තරමක් අර්බුද නිර්මාණය වීමේ අවදානමක් පවති.
ඒනිසා බුද්ධියෙන් කටයුතු කරන්න. මුදල් පරිහරණයෙදි ප්‍රවේසම් වන්න.
ව්‍යාපාර දියුණු වෙයි. නව ආදායම් මාර්ග වල දියුණුවක් පෙන්වයි. විදේශ රැකියා වලින් යහපත් ප්‍රතිඵල ලැබිය හැක. රැකියා වල ගැටළු තරමක් විසඳා ගැනීමට සුභ සතියකි.
ගෘහ ජිවිතයේ තරමක් උදාසීන ගති වැඩි වෙයි. වෙනදාට වඩා අනාගතය ගැන සිතයි. විවාහ වීමට සිතන අයට තම ගැටළු විසදෙන සතියකි.


● වෘශ්චික

ආදායම් මාර්ග වලින් මතුවන ගැටළු වලදි හිත්‍ර මිත්‍රයන්ගෙන් සහය ලැබෙයි.
රැකියා කටයුතු වලදී වෙනදාට වඩා වගකීම් වැඩි වන කාලයකි. ප්‍රධානින්ගේ විශ්වාසය දිනා ගැනිමට හැකියාව ලැබෙන කාලයකි. රැකියාවේ තිබු ගැටළු නිරාකරණය වන සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල තමන්ගේ බලය පෙන්විමට උත්සහ දරන ස්වභාවයක් මෙන්ම වගකීම් පැහැර හරින ස්වභාවයක්ද පෙන්වයි. ඒ තත්වයන් තේරුම් අරගෙන කටයුතු කරන්න.
අවිවේකී බව නිසාම  ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල විය හැක. ඒ ගැනද අවදානමත් වන්න.


● ධනු

ආදායම් අඩු වන, කෙසේ වුවද තමන්ගේ වැඩ නිසි ලෙස ඉටු කරන, ඉක්මණ් තීරණ ගැනීමේදී නීතිමය ගැටළු පැන නගින  සතියකි. විවේකය අඩු සතියකි. රථවාහන සම්බන්ධ රැකියා වල නියුතු වන අයට නීතිමය ගැටළු පැන නැගීමට ඉඩ ඇත. රැකියා විරහිත අයට රැකියා ලැබීමේ වාසනාව පවති.
ඉවසීමෙන් කටයුතු නොකලහොත් තමන්ට ගැටළු මතුවිය හැක.
පවුල් ජිවිතයේ කටයුතු වලදීද ඉවසීම අනිවාර්ය වෙයි. කල්පනාවෙන් වැඩ කල යුතු සතියකි.


● මකර

ආදායම් මාර්ග වලින් සුභ ඵල අත්කරගත හැක.
නව ආදායම් මාර්ගයකට මුදල් යෙදීමට සිත් දෙන කාලයකි. ඉඩම් සම්බන්ධ ව්‍යාපාර වලට යහපත් ප්‍රතිඵල ලැබෙයි. ගුප්ත/රහසිගත දේ වලින් මුදල් ඉපයීමට සිතෙන සතියකි. රාජකාරි කටයුතු වලදී ප්‍රවේගකාරිව ඉදිරියට යෑමට සිතෙන එම නිසා රාජකාරි ස්ථානයේ පැසසුම් ලැබෙන සතියක් විය හැක.
ගෘහ ජිවිතයෙදි ඉවසීමෙන් වැඩ කටයුතු කල යුතුවේ. අවිශ්වාසය දළුලන සතියකි. මනා බුද්ධියෙන් යුතුව සියලු කටයුතු කල යුතු බව තරයේ සිතට ගන්න. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. විවිධ අය ඇසුරු කිරිමට ලැබෙන කාලයකි.


● කුම්භ

යම් පියවරක් ගැනීමෙන් තම ආදායම් තත්වයන් ඉහල ගැනීමට හැකියාව ලැබේ.
අනාගතය වෙනුවෙන් ගන්නා පියවරක් සාර්ථක වෙයි. එනිසා සිතට සතුටක් ඇති වේ. රාජකාරිය පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වන, උත්සාහයට වඩා කැපවීමට සිදුවන, උසස් වීම් සම්බන්ධ ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙන යහපත් සතියකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා සතුටින් සාමදායෙන් ගත වනු ඇත. සාර්ථක තීරණ වලින් ප්‍රශංසා ලැබෙනු ඇත. යහපත් ගති ගුණ ඉස්මතු වෙයි. දුර්වල ගති නැති වෙයි.


● මීන

ආර්ථික ගැටළු විසදෙයි, තත්වය යහපත් වෙයි.
ආර්ථික දුෂ්කරතා විසදෙයි. සිතට සහනයක් ලැබෙනු ඇත. වාහන මිලදී ගැනීමට සුභ සතියකි. රැකියාවේ ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙයි. තරමක් අවස්ථානුකූලව කටයුතු කරන සතියකි. ඉක්මණ් තීරණ ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන සතියකි.
පවුල් ජිවිතයේ තරමක් අර්බුද මතුවිමට ඉඩ ඇත. ආගම දහමට සිත නැඹුරු වන කාලයකි. විවේකය අඩු සතියකි.


No comments:

Post a Comment