Sunday, May 29, 2016

ඔබත් මේ අවතාර රූපය දුටුවාද ?

සරලවම කියන්නේ නම්, මෙම රූපය දෙස මඳ වේලාවක් බලා සිටින ඕනෑම කෙනෙකුට, විශේෂයෙන් පින්තූර ගැන දැනුමක් ඇති කෙනෙකුට මෙම පින්තූරයේ අවතාරය ව්‍යාජ එකක් බව තේරෙනු ඇත.

ඒ හැරුණු කොට අප විසින් අන්තර්ජාලයේ මෙම පින්තූරය සෙවූ විට බොහෝ සබැඳි මෙම අවතාරයේ රූපයට සමාන ලෙස ලැබුනි.
Stringy-Haired Ghost Girl
http://tvtropes.org/pmwiki/pmwiki.php/Main/StringyHairedGhostGirl
තවද The Ring චිත්‍රපටයේද මීට සමාන රූපයක් දක්නට ලැබෙයි.

එවිට මුල්ම ගැටළුව සිතට එන්නේ ඇමරිකාවේ සිනමා වල සිටින අවතාරයක ස්වරූපය, ලංකාවෙ පින්කමක පින්තූරයක සිටින්නෙ කෙසේද යන්නය... ???

● ඔබ සිහියේ තබාගන්න, සංසාරයේම අප පවුල් වල ඥාතින්, සම්බන්ධ අය සිතූවිට දැන් ලෝකයේම සිටින ජනගහණයටත් වඩා දහස් ගුණයකටත් වඩා වැඩිය...

● මෙය බිය විය යුතු තත්වයක් නොවෙයි. අප පාර තොටේදි ඇවිදින විට ආත්ම භව කෝටි ගණනින් අපව දකිනු ඇත. අප ලග සිටිනු ඇත. එකම වෙනස අපට එවන් අය නොපෙනීමයි.

● පින්කමකදි කල යුත්තේ එවන් ඥාතින් ඇතුළු සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට පින් අනුමෝදන් කිරීමයි.
අපට අමතක ආත්ම භවයක ඕනෑ තරම් ඥාතින් පින් නැතිව සිටිනවා වන්නට පුලුවන. එනිසා ඔවුන්ටද පින් අනුමෝදන් කිරීමෙන් ඔවුන්ගේ වෛරී බැල්මක් තිබෙනවා නම් නැති වෙනවා සේම, ආශිර්වාදයක් පවා ලැබෙන්නට ඉඩ ඇත.

හොල්මන්, භූතයන්, අවතාර, ප්‍රේතයන් කුමන අය කිව්වද ඒ සියලුදෙනා අමුතුවෙන් බිය විය යුතු අය නොවෙති. තමන්ට අකුසලයක් තිබී,  එවන් කෙනෙකුට කරන ලද අසාධාරණයක් තිබේ නම් හැර..

සැබෑවට බය වෙනවා නම් ජිවත්ව සිටින මිනිසුන්ට බිය වෙන්න.. පරිස්සම් වෙන්න...
මක්නිසාද යත් සැබෑවට හානියක් කිරීමේ මහා හැකියාව ඇත්තේ මිනිසුන්ටම පමණක් නිසාය !

No comments:

Post a Comment