Monday, May 2, 2016

සතියේ ලග්න පලාපලය - මැයි 8 දක්වා

● මේෂ

ව්‍යාපාර වලින් ආදායම් ලැබේ. ජිවිතයේ මෙතෙක් පැවති බාධක ඉවතට යන කාලයකි. ආර්ථිකය සරු වන අතර ආර්ථික දුර්වලතා මග හැරෙනු ඇත. රැකියාවට යම් බාධා පෙන්වයි. දැනට කරන රැකියාව වුවද ඉවසීමෙන් බුද්ධියෙන් කල යුතුය.
ගෘහ ජිවිතය යහපත්ව ගත කිරිමේ හැකියාව ඇත. මඳක් සිත් පීඩා ඇති වනු ඇත.


● වෘෂභ

දියුණුව උදෙසා කරන වැඩ යහපත් වෙයි. ආදායම් තත්වය දියුණු වෙයි. ගමන් බිමන් අධික වෙන කාලයකි. එම ගමන් බිමන් වලින් ආර්ථික වාසි අත්වෙයි. රැකියා සොයන අයට රැකියා හිමි වෙයි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙන කාලයක් වන අතර තමන්ගේ රාජකාරිය හොදින් කරන කාලයකි.
පවුලේ අය සමග ගමන් වැඩි විය හැක. විනෝදයෙන් සිටිය හැක. තම වැඩ වලදි අධිකව ඊට කැපවන, මහන්සි විමට සිදුවන කාලයකි. පෙම් සබදතා වලට මංගල යෝග යෙදේ. ප්‍රේම කටයුතු වලට සුභයි.


● මිථුන

ආදායම් තත්වය සරු වෙන්නට වැඩ වැඩි වන කාලයකි, එහෙත් වැඩ නිසා ආදායම තරමක් අඩු වීමටද ඉඩ ඇත. කල්පනාකාරි වන්න. රැකියා විරහිත අයට නව රැකියා ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. දරුවන්ගේ දියුණුව අපේක්ෂිතය. දරුවන් උදෙසා කැපවීම් කල යුතුය. විනෝදයට මෙන්ම ආගමික කටයුතු - පිනට දහමට බර කටයුතු කරන සතියකි.




● කටක

ආර්ථිකය තරමක් දුර්වල විය හැක. රාහු මහ දසාව ගත කරන්නේ නම් අධිකව විය පැහැදම් වීම් සිදුවිය හැක, එනිසා බුද්ධිමත් වන්න. රැකියාවේ කටයුතු වලට යම් බාධා තත්වයන් පෙන්වයි. ඉවසීම අඩු, දබරයට බර කටයුතු සිදුවිය හැකි කාලයකි. රැකියාවේ වෙනස් වීමක්ද විය හැක.
කතාවෙන් ජයගත හැකි සතියකි. අන් අයගේ උපකාරයෙන් ජයග්‍රහණ ලැබෙන්නට හැකියාව ඇත. පදිංචිය වෙනස් වීමටද උදව් ලැබේ. සහෝදරකාරකාදීන්ගෙන් උදව් ලැබේ.



● සිංහ

ආදායම් තත්වය යහපත් වෙයි. නව ආදායම් මාර්ග පෑදෙන, උත්සාහය නිසාම ජය ගත හැකි සතියකි. බුද්ධියට වඩා ක්‍රියාශීලි වන, රැකියාවේ වගකීම් වැඩිවන අනුන්ගේ වගකීම්ද තමාට පැවරෙන සතියකි.
පවුල් ජිවිතය සතුටින් ගත වේ. කඩිසරව වැඩ කරන, විනෝදයෙන් සිටින බුද්ධියෙන් කටයුතු කරන සතියකි.


● කන්‍යා

ආර්ථිකය දුර්වල විය හැක. ධන හානි අපේක්ෂිතය. මුදලට වඩා මහන්සිය වැඩියෙන් කරන්නට සිදුවන නිසා මුදල් භාවිතයෙදි අරපරිස්සම් වීමද වැදගත්ය. අන් අය නිසා මුදල් හානි, වියදම් ආදිය අධික වන සතියක් විය හැක. රැකියාව සාර්ථකව කරගෙන යා හැක, නමුත් ඉවසීම එහිදි එහිදි වැදගත් වනු ඇත. සිතේ නිදහස, සාමය අඩුවිය හැක.
ගෘහ ජිවිතය එදිනෙදා කටයුතු සාර්ථව කරගෙන යා හැක. අසල් වැසියන්ගේ උදව් උපකාර ලැබේ. එසේ වුවද දරුවන්ට සිත් පීඩඩා ආදිය ඇතිවිය හැක.



● තුලා

ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ, එයම සිත් පීඩා ඇතිවිමට හේතු විය හැක. ණය ගනුදෙනු වලින් ප්‍රශ්න නොවිසදෙන සතියක් විය හැක. නීතිමය ගැටළුද ඇතිවිය හැක. රැකියාවේ කටයුතු මනා කැපවීමකින් කරන සතියකි. සියලු කටයුතු වලදි මූලිකත්වය ගෙන කටයුතු කල හැක.
පවුලේ අය අතර තමා ඉදිරියට පැමිණේ. වෙනදාට වඩා අලංකාර වන සතුටක්ද තිබෙන සතියක් වන අතර, වෙනදාට වඩා නම්‍යශීලිත්වයක් පවුලේ අය සමග කරන කටයුතු වලදි විද්‍යාමාන වෙයි.



● වෘශ්චික

ආර්ථිකය යහපත් කරගත හැක. ඵලදායි දේකට ආයෝජනය කිරිමේ හැකියාව ලැබෙනු ඇත. ආර්ථික ගැටළු විසදා ගැනීමට හැකියාව ඇත. එසේ වුවද වියදම් අධික විය හැකි නිසා ඒවා බුද්ධිමත්ව කරන්න, නැතහොත් ගැටළු ඇතිවනු ඇත. රැකියාවේ කටයුතු වලට බාධා පෙන්වයි.
පවුලේ ජිවිතයේ සමගිය සාමදානය යම් තරමක් අඩුවිය හැක. පවුලේ කටයුතු වලට තමන්ගේ කාර්යබහුලකම නිසා යම් වෙලාව මදිවීමක් විය හැක. ඒවා මනාව පාලනය කරගෙන කටයුතු කරන්න.


● ධනු

ආදායම් ලබා ගැනීමට ගනු ලබන පියවර සාර්ථක වේ. එනිසාම සිතට සහනයක්, සතුටක් ලැබේ. රැකියාවේ වෙනසක් අපේක්ෂිතය. රැකියාවේ දියුණුව යනාදිය වෙනුවෙන් පුහුණු වීම් ආදියට යා හැක. රැකියාවේ සහ තත්වයේ උසස් වීමක් අපේක්ෂා කල හැක.
ගෘහ ජිවිතය යහපත්ව ගත කල හැක. අවිවාහක අයට මංගල යෝග උදා වේ. බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක් වන අතර එම තත්වය ශුභයි.


● මකර

දියුණුවට ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙන කාලයකි. ආර්ථිකය දුර්වල නොවුවද වියදම් තත්වය අවම කරගන්නට කටයුතු කරන්න. පොලව සම්බන්ධ විශේෂයෙන් මැණික් වැනි කටයුතු කරන අයට සුබයි. රැකියා කටයුතු සාමාන්‍ය ආකාරයට ගතවනු ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැකි වුවද තමන්ගේ අහංකාර ගති නිසා අන් අයගේ සිත් රිදවිය හැක. සහෝදරයන්ගේද සිත් රිදවිය හැක. ආදරය ප්‍රේමයක් ඇතිවිමට ඉඩ ඇත.



● කුම්භ

දියුණුවට කටයුතු සැලසෙන සතියකි. මෙතෙක් පැවති බාධා තත්වයන් දුරුවනු ඇත. ණය මුදල් ආදිය තිබෙන්නේ නම් ඒවා ගෙවා නිදහස් වීමට හැකියාව ලැබෙන කාලයකි. රැකියාවේ දියුණුව ඇතිවන කාලයකි. එසේ වුවද යම් යම් සිත් රිදිම් ඇතිවිය හැකියි. නව රැකියා අවස්ථාද හිමිවනු ඇත.
ගෙදර දොරෙ ජිවිතය අදාලව දරුවන් වෙනුවෙන් කැපවන සතියකි. රාහු සහ කුජ අතුරු දසා ගත කරන අයට යම් අපලකාරි තත්වයක් පෙන්වයි, ඉගෙන ගන්නා වයසේ දරුවන් නම් අවධානය ගිලිහිමට සිදුවනු ඇත. ගුරු-සිකුරු-බුධ දසා ගත කරන අයට සුඵ ඵල ගෙන දෙන සතියකි.


● මීන

ආර්ථික අපහසුකම් වලින් මිදෙන සතියකි. නව ආදායම් මාර්ග පෑදෙන සිතට සහනය ලැබෙන කාලයකි. නව රැකියා අවස්ථාද උදා වනු ඇත. උනන්දුවෙන් තරගකාරි තැන් වල මනාව කටයුතු කරන, තමන්ට මතුවන ගැටළු වලට සාර්ථකව විසදුම් ලැබෙන සතියකි.
පවුලේ අය සමග සමගියෙන් සාමදානයෙන් කටයුතු කිරිමට හැකියාව ලැබේ. වැඩිහිටියන්ගේ අවවාද-අනුශාසනා මෙන්ම උදව් උපකාරද ලැබේ. සුභ සතියකි.

No comments:

Post a Comment