Monday, May 9, 2016

සතියේ ලග්න පලාපලය - මැයි 16 වනතුරු

● මේෂ
සමඵලයි.
ආදායම් මාර්ග වලින් තමන්ට සුළු විසඳුම් ලබාගත හැකිය. ව්‍යාපාර වල යෙදෙන අයට ඒවායේ ගැටළු විසඳා ගැනීමට හැකි වෙයි. ආදායම් මාර්ග වලට යෙදී තිබූ බාධා ඉවත් වෙයි. රැකියා වල ගැටළු තත්වයකට මුහුණ දීමට සිදුවිය හැක බුද්ධිමත්ව කටයුතු කරන්න. කාර්ය බහුල වන සතියකි. දුර ගමන් යෙදිය හැක ඒවායින් වාසි අත්විය හැක.
ගෘහ ජිවිතය තුල මතුවන කරදර වලින් ජය ගැනීමට හැකියාව ඇත. එසේ වුවත් ඉවසීම බුද්ධිය තිබිය යුතුය.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. සෙම් රෝග යනාදිය ගැන අවදානමත් වන්න.


● වෘෂභ
තරමක් ශුභයි.
ආදායම් තත්වය යහපත්ය. හවුල් ව්‍යාපාර කටයුතු වලට තරමක් බාධා අඩු වේ. ණයක් ලැබීමට, බලාපොරොත්තු වූ මුදලක් ලැබීමට ඉඩ ඇත. රැකියාවේ වැඩි දියුණුව වෙනුවෙන් තම කටයුතු උනන්දුවෙන් කරනු ඇත. අන් අයගේ පැසසුම් ලැබේ. නව රැකියා වාසනාව පවති.
පවුල් ජිවිතය තුල විශ්වාසයෙන් කටයුතු කිරීමට සිදුවේ. වැඩි වශයෙන් තමන්ට වගකීම් පැවරෙන ස්වභාවය වැඩි වෙයි. යහළුවන්, හිතවතුන්ගෙන්, ඥාතින්ගෙන් පීඩාද මේ කාලයේ සිදුවිය හැක. බුද්ධියෙන් කටයුතු කරන්න.



● මිථුන
ශුභයි.
ව්‍යාපාර වලට යොමුවීමට කටයුතු කරන අයට කල්පනාකාරි විය යුතුයි, ඒ සදහා සුභදායක තත්වයක් උදාවෙයි. සති මැද වන විට සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියා කටයුතු තරමක් සාර්ථක වෙයි. මෙතෙක් පැවති බාධා අඩුවනු ඇත. නව රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ දියුණුව ලැබේ. සහෝදර-සහෝදරයින්ගේ දියුණුවද, ගේ දොර අලංකාරයට කටයුතු සිත දෙයි.  ප්‍රියසම්භාෂණ වලට සහභාගි වීමට, විනෝදයෙන් සිටිමට අවස්ථාව උදා වෙයි.



● කටක
ශුභයි.
නව ආදායම් මාර්ගකට ඉඩ සැලසෙයි. සැලකිලිමත්ව වැඩ කටයුතු කලොත් ජයක් ලැබේ, නමුත් මුදල් අනවශ්‍ය ආකාරයෙන් වියදම් වීමෙන් වලක්වා ගත යුතුය. ඉඩම් සම්බන්ධ ගැටළු විසඳෙයි. භූමි වාසනාව උදා වෙයි. විදේශ රැකියා, රැකියා වලට තිබුනු බාධා ඉවත් වෙයි. රැකියා කටයුතු වලට තරමක් සුභ කාලයකි.
ගේ දොර කටයුතු වලට උනන්දු වන කාලයකි. ඉගෙනීම් කටයුතු වලටද උනන්දුව වැඩි වන කාලයකි. අසල්වැසියන්ගෙන් උදව් ලැබේ. සතුටු සිතෙන කාලයකි.


● සිංහ
ශුභයි.
ආදායම් මාර්ග වලින් තරමක් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. නව ආදායම් මාර්ග උදා කරගැනීමට හැකියාව ලැබෙන කාලයකි. අනාගතය සාර්ථක කරගැනීම වෙනුවෙන්, මුදලක් යෙදීමට ඉඩ ලැබේ. රැකියාව දියුණු කරගැනීමේ පියවර ගන්නා කාලයකි. බාධක අඩුවෙයි.
ගෘහ ජිවිතය තුල අවස්ථානුකූල බවක් පෙන්වයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරයි. තමා විසින් සමාජශීලි වැඩ කටයුතු වලට සහභාගි වන කාලයකි. සිතට සතුට ලැබේ.ෙ


● කන්‍යා
හොඳ සතියකි.
ආර්ථික දියුණුව ලැබේ. උනන්දුවෙන් වැඩ කටයුතු කරන කාලයකි. ආදායම වැඩි කරගැනීමට වෙහෙසෙන කාලයකි. රැකියාවේ කාර්යබහුලතාවය වැඩි වෙයි. වෙහෙසකාරිව, කැපවීමෙන් වැඩ කටයුතු කිරිමට සිදුවෙයි. නව රැකියා අවස්ථා ඇතිවිය හැක. රැකියාවේ දියුණුව ලැබේ.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට කැපවීම, උනන්දුව අඩුවි යා හැක. දරුවන් ඒ වෙනුවෙන් යොමු කරවන්න. දරුවන්ගේ සිත් බාහිර කටයුතු වලට ඇදී යාමට හැකියාව ඇත. ඉක්මණ් තීරණ ගැනීමෙන් වලකින්න, නැතහොත් පසුතැවීමට සිදුවනු ඇත. බුද්ධිමත් වන්න.



● තුලා
සමඵලයි.
අවස්ථානුකූලව ගත් ක්‍රියාමාර්ග වලින්, දියුණුව උදා වෙයි. ණයක් හෝ අපේක්ෂිත මුදලක් ලැබෙනු ඇත. වාහන සම්බන්ධව තිබු ගැටළු විසදේ. ඒ වාසනාව පවති. රැකියාව සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. රැකියාවේ ගැටළු තරමක් දුරට විසඳා ගැනීමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතයේ ගැටළුද විසදෙනු ඇත. තමන් නිසා අනුන්ගේ සිත් රිදෙන කාලයකි - ඒ ගැන සිතා බලා කටයුතු කරන්න. සහෝදරයින්ගේ පිලිගැනීම් වැඩි වේ.


● වෘශ්චික
ශුභ සතියකි.
ආර්ථිකය යහපත් අතට හැරේ. නව ආදායම් මාර්ග වලින් මුදල් ඉපයීමට හැකි වේ.  රැකියාව දියුණු කරගැනීමට බුද්ධිමත්භාවයෙන් වැඩ කටයුතු කරන්න, නැතහොත් ගැටළුකාරි තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. තමන්ගේ වැඩ කටයුතු වලට අන් අයගේ උදව් - උපකාර ලැබෙන, ආදායම් තත්වය ඉස්මතු වන කාලයකි. අනුන්ට තමුන්ගේ අගය දැනෙන කාලයකි.




● ධනු
ශුභ සතියකි.
අන් අය වෙනුවෙන්, කැපවීමට සිදුවන කාලයකි. මුදල් වියදම් කරගැනීමට සිදුවන්නට ඉඩ ඇත. ආදායම් මාර්ග වලින් මතුවන ගැටළු මෙන්ම මුදල් වියදම අධික වන කාලයකි - අරපරිස්සමෙන් කටයුතු කරන්න.
රැකියාව සාර්ථකයි, එහෙත් නිදහස අඩු වෙයි.
අසල්වැසියන් වෙනදාට වඩා හිතවත් වන කාලයකි. තමන්ගේ වැඩ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන කාලයකි.



● මකර
සුභයි.
ආර්ථික ගැටළු විසඳෙන සතියකි. යහළුවෙක් ගෙන් උදව්වක් හෝ ණයක් වැනි ආකාරයට කුමනාකාරයකින් හෝ මූල්‍ය ගැටළු විසදෙන්නට ඉඩ තිබෙන සතියකි. රැකියාවේ වැඩ කටයුතු වලින් දියුණුව ලැබෙයි. ප්‍රධානින්ගේ ප්‍රශංසා ලැබෙන කාලයකි.
පවුලේ සමගිය - සාමදානය වැඩි වෙයි. කලබලකාරි වීමෙන් තම කටයුතු අතපසු වන්නට ඉඩ වැඩියි, ඒ ගැන සිතා බලා කටයුතු කරන්න.



● කුම්භ
ඉතා ශුභ සතියකි.
ආදායම් මාර්ග යහපත් වෙයි. ගෙදර අය වෙනුවෙන් මුදල් වැය වන කාලයකි. රාහු - කේතු දසාවන් ගත කරන අයට තරමක් ආර්ථික අපහසුතාවයන් වැඩි වීමට ඉඩ ඇත. රාජකාරිය පිළිබද වැඩි සැලකිල්ලක් දක්වන, උනන්දුවෙන් වැඩ කටයුතු කරන කාලයකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල ලබා ගත හැක. අවිවාහක අයට මංගල යෝග උදා වන කාලයකි.  අන් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි. මෙතෙක් පැවති උදාසීන ගති අඩු වී කඩිසර භාවයකින් කටයුතු කරන කාලයකි.



● මීන
ශුභ සතියකි.
ඵලදායි දෙයකට මුදල් ආයෝජනය කරන සතියකි. ආර්ථික ගැටළු විසඳෙයි. නව ප්‍රශ්න උද්ගත වීමේ අවදානමක් පවතියි. ව්‍යාපාර වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන කාලයකි.
රැකියාව සාමාන්‍ය පරිදි ගත වෙයි. නව රැකියා බලාපොරොත්තු වන අයට සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ ඉඩ පවති.
පුණ්‍යමය කටයුතු වලට සහභාගි වීමට ඉඩ ලැබේ. වෙනදාටත් වඩා ලස්සනට සිටින්නට කටයුතු කරන, අලංකාරය ගැන සිතන කාලයකි.

No comments:

Post a Comment