Monday, June 13, 2016

සතියේ ලග්න පලාපලය -

මේ සියලු කරුණු පොදු කරුණු පමණි


● මේෂ
ශුභ සතියකි.
ආර්ථික තත්වයට තරමක් සුභයි. හවුල් ව්‍යාපාර වලට තිබුනු බාධා අඩුවේ. ආදායම් මාර්ග යහපත් අතට හැරුනද වියදම් අධික විය හැක. නව ව්‍යාපාර කටයුත්තකට පියවර ගනී.
සන්නිවේදන ක්ෂෙත්‍රයේ රැකියා කරන අයට සුබයි. රැකියා සොයන අයට තමාගේ හැකියාවේ, සුදුසුකමේ තරමට සරිලන රැකියාවක් ලැබේ. රැකියා කරන අයට ප්‍රධානීන්ගේ පැසසුම් ලැබීමට සහ උසස් වීම් වලට පවා වාසනාව උදා වෙයි.
පෙරට වඩා පවුලේ සහයෝගය ලබාගැනීමට හැකියාව ලැබෙයි. සිතට සහනයක් උදා වෙයි. පිරිස් ඇසුරට සහ සමාජ සේවයට අවස්ථා උදා වේ.
උදරය, ආමාශය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත පරිස්සම් වන්න.


● වෘෂභ
තරමක් ශුභයි.
ආදායම් මාර්ග වලින් ලැබෙන ආදායම් වැඩි කරගැනීමට සහ ව්‍යාපාර දියුණුවට කටයුතු කරන කාලයකි. මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයට සුබයි. වියදම් අධික විය හැක. වියදම් පාලනයට, කළමනාකරණයට කටයුතු කල යුතුමය.
වෛද්‍ය ක්ෂෙත්‍රයේ, කාර්මික ක්ෂෙත්‍රයේ රැකියා කරන අයට සුබයි. නමුත් වැඩ අධික වීම නිසා සිත් තැවුල්, මානසික පීඩා සහ විවේකය අඩුවිය හැක. උසස් වීම් ලැබීමේ වාසනාවක්ද පවති. විදේශ ගතවීම් වලටද සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල සහෝදරයින් සමග කරන කටයුතු වලදී ප්‍රවේසම් විය යුතුයි, ගැටළු ඇතිවීමට පුලුවන. පවුල් ජිවිතය තුල තරමක් ගැටළුකාරි තත්වයන් පැවතියද, ඒවාට විසඳුම් ලබාගැනීමට තමාටම හැකියාව ලැබෙයි.
සෙම් රෝග අධික විය හැක.



● මිථුන
තරමක් ශුභයි.
භූමිය සම්බන්ධ ව්‍යාපාර කරන අයට වඩා සුබයි. දියුණුව සඳහා පියවර ගන්නා කාලයකි. මූල්‍යමය උපකාර, මුදල් සම්බන්ධ ප්‍රශ්න වලදී සහනදායක පිලිතුරු ලැබෙයි.
රැකියා කටයුතු වලට මධ්‍යම ප්‍රතිඵල ලැබීම් වේ. නව රැකියා සදහා තරමක අපලකාරි තත්වයක් ඇතිවේ, එනම් යම් යම් බාධා තිබේ. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා කරන අයට යහපත් ප්‍රතිඵල ලැබෙයි.
විනෝදයට සිත දුවයි. වෙනදාට වඩා සංචාරයට කාලය කැප කරයි. වැඩ කටයුතු අතපසු වීමේ අවදානමක්ද ඒ අනුව පවති.
උදරය හා මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානමක් ඇති නිසා පරිස්සම් වන්න.



● කටක
සමඵලයි.
ආදායම් මාර්ග වලට බාධා ඇතිවෙයි. මූල්‍යමය ගනුදෙනු වලදි ප්‍රවේසම් විය යුතුය. රැවටිලිකාරයන්ට, වංචාකාරයන්ට අසුවීමට ඉඩ ඇති සතියකි. එහෙත් නව ආදායම් මාර්ග සඳහා එතරම් අශුභ ඵල ගෙන නොදයෙි.
රැකියා කටයුතු සදහා උනන්දුව වැඩි වෙයි. ඒ අනුව කැපවීමෙන් කටයුතු කිරිම තුල ආයතනයේ ප්‍රධානින්ගෙන් මෙන්ම හිතමිතුරන්ගෙන් උපකාර ලැබෙයි. නව රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වෙන සතියකි.
ගෘහ ජිවිතය තුල පිය පාර්ශවයෙන් යහපත් ප්‍රතිඵල, වාසි ලැබෙන්නට වාසනාව පවති. පවුුල සමග කරන ගනුදෙනු වලදී ඉතා සුපරික්ෂාකාරිව, ප්‍රවේසමෙන් කල යුතුය. පවුල් ජිවිතයට යම් යම් සතුරු කරදර-බාධා ඇතිවිමටද යම් ඉඩක් පවති.



● සිංහ
සමඵලයි.
මුදල් නාස්තිවීමේ අවදානම වැඩි නිසා ඒ ගැන අවදානමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. නමුත් උත්සාහය නිසාම වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙයි. කලබල වී ගනු ලබන තීරණ නිසා නීතිමය ගැටළු ඇතිවිමටද ඉඩ තිබෙයි.
තමන්ගේ රැකියාවට සුදුසු වාතාවරණයක් ගොඩනැගෙනු ඇත. වඩු කර්මාන්තය, ලී සමග කරන කටයුතු කරන කටයුතු වලදී ප්‍රවේසම් විය යුතුය. ඒ කටයුතු වලදි එතරම් සාර්ථක ප්‍රතිඵල නොදෙයි. රැකියා සොයන අයට නව රැකියා ලැබීමේ වාසනාව පවති. රැකියාවේ දියුණුවට කටයුතුක කරයි.
තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන කාලයකි. දෛනික කටයුතු වලදි පවුලේ සහයෝගය ගැනීමට සිදුවෙයි. සුළු සුළු සිත් රිදීම් ඇති වෙයි. අධ්‍යාපන කටයුතු වලින් මධ්‍යම ප්‍රතිඵල ලැබිය හැක.



● කන්‍යා
ශුභයි.
මුදල් සම්බන්ධ කටයුතු වලදි වාසි සහගත තත්වයක් උදා වෙයි. මෙතෙක් පැවති අවහිරතා අඩු වෙයි. ව්‍යාපාර කටයුත්තකට යෙදීමට හැකියාව ලැබෙයි. මැනවින් නුවණ මෙහෙයවා කටයුතු කල යුතුයි.
රැකියාවේ වෙහෙසකාරි තත්වයක් ඇති වෙයි.  නව රැකියා සඳහා එතරම් ශුභ ඵල නැත. බුද්ධිය වෙහෙසවා කටයුතු කරයි. ප්‍රධානීන් නිසා සිත් රිදීම්, කෝපවීම් සිදුවිමටද ඉඩ ඇත.
විදේශ ගතවීම් වලට සුභයි.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩුවිය හැක. අසල්වාසින් සමග කරන කටයුතු වලදි ගැටළුකාරි තත්වයන් වලට මුහුණ දීමට සිදුවිය හැකියි. මංගල යෝග උදා වෙයි. වන්දනා ගමන් බිමන් වලට සම්බන්ධ වීමට ඉඩ ලැබෙන සතියකි.



● තුලා
මධ්‍යස්ථයි.
ආදායම් තත්වය සාමාන්‍ය තත්වයක පවත්වාගෙන යාමට හැකි වෙයි. අනවශ්‍ය වියදම් අඩු කරගත යුතු වේ. පොලව  සම්බන්ධ ව්‍යාපාර වලදී යම් යම් බාධා ඇතිවිමට හැකි බැවින්, ප්‍රවේසම් විය යුතුය.
රැකියා කටයුතු වලින් යහපත් ප්‍රතිඵල අඩු වෙයි. තමන්ට පැවරුනු රාජකාරියට වඩා වෙහෙස වීමට සිදුවෙයි. ප්‍රධානින් සමග ගැටුම් ඇතිවීමේ අවදානමක්ද පවති, එනිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
ප්‍රේම සබදතා වලට බාධා ඇතිවෙයි, ප්‍රේම සබදතා වල තිබුනු සැනසීම අඩුවෙයි. අනාගතය, ගේ දොර - දේපල සම්බන්ධව වඩා දියුණු පියවරක් ගැනීමට සිදුවෙයි.
දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලින්, සිත් රිදීම්, පසුතැවීම් ඇතිවිමට ඉඩ ඇති සතියකි. එනිසා මනා ඉවසීමකින් හා බුද්ධියෙන් කටයුතු කරන්න.


● වෘශ්චික
සමඵලයි.
ආදායම් මට්ටම තරමක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකිය. ඉවසීමෙන් යුතුව කටයුතු කල යුතු සතියකි. නව ව්‍යාපාර සදහා එතරම් ශුභ නැති කාලයකි.
විදේශ ආයෝජන වලට යොමුවීමට උත්සාහ දරන අයට ඒ සදහා මාර්ග සැලසෙන සතියකි.
දුර පලාත් වල ගමන් බිමන් යාමට සිදුවෙයි.
රැකියා වල නියුතු අයට සාමාන්‍ය පරිදි ගත වෙයි. එහෙත් රැකියාවේ කටයුතු වලට යම් බාධා ආදිය ඇතිවිය හැක. රැකියාවේ කටයුතු වලදී අනුන්ගේ රාජකාරි වලට ඇඟිලි ගැසීමට යාමෙන් ගැටළු ඇතිවිය හැක.
සිත් රිදීම් ආදිය ඇතිවිය හැක. ප්‍රධානින්ගේ දෝෂාරෝපණ එල්ල විය හැකි සතියකි.
දෛනිකව කරන කටයුතු වලදි පවුලේ අය පිලිබද විශ්වාසය තබාගත යුතුය. නැතහොත් පවුලේ සමගිය බිදී යාමට ඉඩ ඇත.
අධ්‍යාපන කටයුතු වලට සුභ කාලයකි.


● ධනු
සමඵලයි.
ආදායම් මට්ටම තරමක් යහපත් වෙයි. ගැටළුකාරි තත්වයන් අඩු කරගැනීමට හැකියාව ලැබෙයි. උත්සාහයෙන් කැපවීමෙන් ගන්නා පියවර සාර්ථක වෙයි. ඉඩම් සම්බන්ධ ව්‍යාපාර වලදී ශුභ ප්‍රතිඵල පෙන්වයි.
රැකියාවේ යහපත් ප්‍රතිඵල ලැබිය හැකියි. උසස්වීම් - පුහුණු වීම් සදහා අවස්ථාව උදා වෙයි. තරඟ-විභාග ආදියට ඉදිරිපත් වන අයට ඒවායින් ජයක් ලැබෙයි.
සිතේ කරදරකාරි තත්වයක් ඇතිවිය හැක. දරුවන්ගෙන් දුරස්ව සිටිමට සිතෙන කාලයකි. තමන්ට විරුද්ධව ගොඩනැගෙන බලවේග වලට විසදුම් සොයන කාලයකි. අධ්‍යාපන කටයුතු කරන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙයි.



● මකර
සමඵලයි.
අලුත් ව්‍යාපාර වලට යොමුවිමට උත්සාහ දරන අයට සුභ කාලයකි. ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිඵල ලැබිය හැකියි. පස සම්බන්ධ ව්‍යාපාර වලට තරමක් ගැටළු, නීතිමය ප්‍රශ්න යනාදිය ඇතිවිය හැක. මුදල් සම්බන්ධව ඵලදායී ප්‍රතිඵල ලැබීම් අසීරු විය හැක.
රැකියාවේ කටයුතු වලදි ඉවසීමෙන් සිටිය යුතුය. වචන භාවිතයේදී ප්‍රවේසම් විය යුතුයි. මාධ්‍ය, ප්‍රචාරණ ක්ෂෙත්‍ර වල රැකියා කරන අය විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය. රැකියා සොයන අයට තරමක් අශුභ කාලයකි.
සිතට අසහනකාරි තත්වයන් ඉස්මතු විය හැක. තරග විභාග ආදියට මුහුණ දීමේදී ඒවායින් නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් නිසි කැපවීමෙන් - සූදානම් යා යුතුය.
රාහු දසා, අතුරු දසා ගත කරන අයට තමාගේ අනාගතය වෙනුවෙන් තීරණ ගැනීමට සිදුවෙයි.



● කුම්භ

ආදායම් මාර්ග යහපත් වෙයි. මූල්‍යමය ගැටළු විසදෙයි. උරුමයෙන් ලැබෙන දේපලක් හිමි කරගැනීමට හැකියාව ලැබෙයි. මුදල් නාස්ති වීමේ අවදානමක්ද පවති. එය අවම කරගැනිමට කටයුතු කල යුතුයි.
රැකියා වලට පැවති බාධා අඩු වෙයි. පුහුණු වීම්, තරඟ විභාග මෙන්ම ඉගෙනීම් කටයුතු වලට යොමු වීමට අවස්ථාව ලැබෙනු ඇත. රැකියා ස්ථානයේ මිතුරු-මිතුරියන් නිසා සිතට කලකිරිම්ද ඇතිවිමට ඉඩ ඇති නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ දියුණුවට අවශ්‍ය පියවර ගනී. කතාවේදී අන් අයගේ සිත් රිදවීමට ඉඩ ඇති නිසා ඒගැන සැලකිලිමත් වන්න. නව පෙම් සබදතා උදා වෙයි. විනෝදයෙන් කල් ගෙවිමට සිතෙන කාලයකි.



● මීන
ශුභ සතියකි.
ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා නිසි අවස්ථා සැලසෙනු ඇත. භූමිය සම්බන්ධ ව්‍යාපාර කරන අයට තරමක් අසුභ ප්‍රතිඵල බුක්ති විඳිමට සිදුවෙයි. මූල්‍යමය ගැටළු ලිහිල් වීමේ වාසනාවක්ද පවති.
රැකියා කටයුුතු කරන අය, දුර ගමන් යෙදීම නිසා තරමක් කාර්යබහුල විය හැක. නව රැකියා සොයන අයට තම හැකියාවේ සුදුසුකමේ තරමට රැකියා ලැබෙන්නට ඉඩ ඇත. දුර පලාත් වලද රැකියා අවස්ථා ඉඩකඩ ලැබෙන කාලයකි.
ඉගෙනීම් කටයුතු වල යෙදෙන අයට තරමක් ශුභයි. විවාහ කටයුතු වලට ඇති උනන්දුව, උද්යෝගය වර්ධනය වෙයි. මංගල යෝජනා ස්ථිර විය හැකියි. ප්‍රේමයට සුබයි.
තමන්ගේ අලංකාරය ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන කාලයකි. තමන්ගේ තත්වය වැඩි දියුණු කරගැනීමට සිතන, කටයුතු කරන කාලයකි.

No comments:

Post a Comment