Tuesday, September 30, 2014

* ශිෂ්‍යත්වයෙන් ගොඩ එන්නේ කොහොමද ?

සාමාන්‍ය පෙල උසස් පෙල වැනි රජයේ විභාග හැරුණු කොට අද රටේ බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ 5 වසර ශිෂ්‍යත්වය ගැනයි.
බොහෝ කුඩා දරුවන්ගේ මව්වරු මේ විභාගයට බොහෝසෙයින් කැපවන නිසා මෙය “අම්මලාගේ විභාගය “ ලෙසද හැඳින්වේ.

හොඳ නරක, දෙපැත්තක් ඇති මෙම විභාගයේ හොඳ පැත්ත නම් දරුවා ඉහලින් සමත් වී දරුවාට අධ්‍යාපනය හොඳට කරගෙන යාමට ශිෂ්‍යාධාර සහ ජාතික පාසලක් ලැබීමයි !

නරක තත්වය නම්, දරුවාට ළමා කාලයේ ඇති සුන්දරත්වය විඳීමට හැකියාව නොලැබීමයි.
දරුවා මානසික පීඩනයකට ලක්වී කඩාවැටීමට පවා ලක්විය හැකි වීමයි.

දක්ෂ දරුවෙකු ලකුණකින් 2කින් අසමත් වී ඒ දරුවාට වන මානසික අගතියයි. මේ ආකාරයෙන් බැලූ කල බහුතරයක් හොඳ පැත්තට වඩා නරක පැත්ත වැඩි බව සාමාන්‍යයෙන් හිතාගත හැක.
මන්ද පසුගිය දින වලදී කුඩා දරු දැරියන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්නට ඇත.
මෙම තත්වය එම දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට අයහපත් අයුරට බලපෑ හැක.

මෙහිදී දෙමාපියන් හා වැඩිහිටියන් වශයෙන් ඔබලා බුද්ධිමත් විය යුතුය. ජයග්‍රහණ වලට බලපාන ග්‍රහයයෝග ගැන අප දැන් සලකා බලමු.

● යම්කිසි දරුවෙකුගේ ජන්ම පත්‍රයට අනුව,
බුධ ග්‍රහයා බලවත් වීම - අධ්‍යාපනික තත්වයෙන් ඉහලට යාමට හේතුවකි.

● එසේම මෙම බුධ ග්‍රහයා භද්‍රා යෝග බලය සහිතව එසේ නොමැති නම් බුධ ග්‍රහයා කේන්දරයේ 6, 8, 12 පීඩා නොවේ නම් එම දරුවාට අධ්‍යාපනික ජයග්‍රහණ ලබාගැනීමට පුලුවන.

* එසේම බුධ ග්‍රහයාගේ මහ දසාවන් එම කාලයෙදි එනම්, ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන කාලයේ ගත වේ නම් විශේෂ වාසියකි. එය හරියට ඡන්දයකින් දිනනවා වැනි වැඩකි.
* කෙතරම් දක්ෂ දරුවෙකුට උවත් එම දරුවාගේ උප්පත්ති ග්‍රහචාරය විභාග පවත්වන දින තිබෙන නැකත හා නොගැලපේ නම් කෙතරම් දක්ෂ දරුවෙකු වුවද අසමත් වීමට ඉඩ වැඩිය.

● රවි-බුධ යෝගය ගුරු-බුධ යෝගය, ගුරු - බුධ පරිවර්ථන යෝග, ආදිය දරුවන්ට විශේෂිත දක්ෂතා ඇති කරන යෝගයි.
එසේම මෑතකදී හඳහන පරික්ෂා කල දරුවෙක් මෙවර ශිෂ්‍යත්වයට ඉදිරිපත් වී තිබුනි. එම දරුවා සැබවින්ම දක්ෂ දරුවෙකි.
බොහෝ දෙනා මේ දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වේයැයි සිතා තිබුනත්, එම දරුවාට සමත්වීමට නොහැකි වීම උදා කලේ ඒ දරුවාගේ සිකුරු මහ දසාවයි.
ග්‍රහචාරයට අනුව, සිකුරුගේ මහ දසාවේ රාහු අතුරු දසාව ගත කරමින් තිබුනි. ( නියම කර තිබු, ශාන්ති කර්ම පැත්තෙන් බොහෝ දේවල් කර තිබුනේ නැත)

* තවත් බොහෝ කාරණාවක් ඇත, එනම් බොහෝ මව්වරුන්ට ඇති කැත පුරුද්දක් නම් තම දරුවාගේ දක්ෂතා විවෘත සමාජයේ පුරසාරම් බෑමයි. එයින්ද දැඩි අසීරුතාවයකට ලක්වන්නේ එම දරුවන්ය. එවිට එම දරුවන්ට විශේෂ අවධානය ඇතිව ඇස්වහ කටවහ දෝෂ එල්ල වේ.

* මෙම අපලකාරි තත්වය සමනය කරගතම යුතු තත්වයකි. එසේම මා තරයේ කීමට උත්සහ කරන්නේ මෙය සමත් වෙනවා කියන්නේ ලොතරැයියක් ඇදෙනවා වගේ වැඩක්ය. ඡන්දයකින් දිනනවා වැනිය. පවතින දිනයේ ග්‍රහචාරය, දරුවාගේ ග්‍රහචාරය මේ සියල්ලම ගැලපිය යුතුය.

බොහෝ දරුවන්ට අසමත්වීමට මේ හරහා සිදුවේ. අප දෙන අවවාදය නම් මෙවන් විභාග වලින් දක්ෂ දරුවන් අසමත්වූ විට එම දරුවන් මානසිකව වට්ටන්නේ නැතිව කේන්දරයට අනුව යම් යම් ශාන්ති කර්ම සහ උපදේශන මගින් දරුවා නැවත අධ්‍යාපන මාවතේ ජය ටැඹ කරා මෙහෙය විය යුතුය. එයට දරුවාගේ හඳහන නිවැරදිව ප්‍රවීණ ජෝතිර්වේදියෙක් ලවා පරික්ෂා කරගැනිම වටී.
සෑම විටම දරුවාගේ මානසිකත්වය ඉහලින් තැබීම හැම අතින්ම වටී !

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment