Tuesday, September 23, 2014

අප මෘදුකාංග මගින් පලාපල කියන්නෙ නැත

අප විසින් කේන්දර සටහන් පරික්ෂාවේදී සොෆ්ට්වෙයා ආශ්‍රිතව පලාපලය දෙන බවට යම් පිරිසක් සිතන බව දැනේ.
ඒ ගැන දැනුවත් කල මහතාට ස්තූති කරමින් මේ ගැන සටහනක් තබමු.

මේ ගැන කීපවතාවක් අප විසින් පවසා ඇත.
විශේෂයෙන් කිව යුත්තේ, මෘදුකාංගයක් එනම්, සොෆ්ට් වෙයා එකක් යනු ගණනය කිරීමට සෑදුවක් යන්නය.
එනම් කැල්කියුලේටරයක් වැනිය.

අදාල දත්ත වලට අනුව ප්‍රතිඵල ලබාදේ. එනම් න්‍යායට අනුව තර්කනය කිරීමකි.

නමුත් ජිවිතයේ තර්ක හැකියාව මද පදනම් වූ න්‍යාය පමණක් නොව ප්‍රායෝගිකත්වයද අතිශයින් අවශ්‍යය.
2ම නැතිව නිසි ප්‍රතිඵල නොලැබිමට ඉඩ ඇත.

එනම් පලාපලය කීමට අත්දැකිම් ඇති ජෝතිර්වේදිතුමෙක් අවශ්‍ය වන්නේ එබැවිනි. පුරාණ පොත් පත් වල කුමක් තිබුනද එය තමාගේ ජිවිත අත්දැකීම් වලින් කේන්දර සටහන් පරික්ෂාවෙන් තහවුරු කරගැනීම ජෝතිර්වේදියෙකු සතු යුතුකමකි.

* අප පොදුවේ කේන්දර සටහන භාව කේන්දරයට මෙන්ම සූක්ෂම කේන්දරයට අදාලව සාදන අතර, 2 වතාවක් අතින් සහ මෘදුකාංග 2කින් සාදා සාර්ථකම ප්‍රතිඵලය ලබාගනු ලැබේ.
අපගේ සේවයේ ජෝතිර්වේදිතුමන්ලාට කේන්දර දුටු සැණින් ඒවායේ වරදක් තිබුනොත් පැවසිය හැකි නිසා කේන්දරයක වරදක් වීමේ සම්භාවිතාවය බොහෝ අඩුය.

බුදු සරණයි !

No comments:

Post a Comment