Friday, September 5, 2014

සෙනසුරු අපලයට පළදින “ නීල මණ්ඩල යන්ත්‍රය “

ශනි හෙවත් සෙනසුරුගේ අපලයට පළදිනු ලබන ප්‍රබල ගණයේ යන්ත්‍රයකි නීල මණ්ඩල යන්ත්‍රය.

විශේෂයෙන් ශනි මහ දසාව ගත කරන අයගේ අපල දුරුවීමට පලදිනු ලැබේ.

මෙයද සෑදිය යුත්තේ අදාල යන්ත්‍රය පලදිනු ලබන කෙනාගේ කේන්දර සටහන මනාව පරික්ෂා කර බලා එයට අනුව ගුණ දෙන පරිද්දෙනි. ඊට අදාල නිසි ජප සංඛ්‍යාව තීරණය කල යුතුය.

යන්ත්‍රය ජප කරන තැනැත්තා සිල්වන්ත වීම අනිවාර්ය කරුණකි.
මස් මාංශ අනුභව නොකරන්නෙක් විය යුතුය, මත්පැන් භාවිත නොකරන්නෙක් විය යුතුය.
බොහෝවිට සිදුවන්නේ අදාල ජප කරන කාලයේදි පමණක් මස් මාංශ අනුභව නොකිරිමයි. එසේ කිරිමෙන් නියම සුභ ඵල නොලැබේ.

ඒ හැර එකවර තොග ක්‍රමයට යන්ත්‍ර 100 ගණන් ජප කරන ක්‍රමයට කලොත් අදාල සුභ පල බෙහෙවින් අඩු වේ.

* සෙනසුරුගේ මූලික ගුණයක් වන දුක ලබාදීම, කරදර ඇති කිරීම, මානසික ගැටළු ආදිය දුරු කරලීමේ ලා බෙහෙවින් සමත්වන යන්ත්‍ර රත්නයකි.
* නිසිලෙස යන්ත්‍ර විද්‍යාවේ සිද්ධාන්ත අනුව කල යුතුය. එසේ නොවුනොත් අපල තත්වයන් තීව්ර වේ.

No comments:

Post a Comment