Tuesday, September 2, 2014

_ දවස් 7 ඉපදුනු අයගේ ගතිගුණ _

දින 7 උපත ලබන අයගේ ගතිගුණ දන්නවාද ?

ග්‍රහ තාරකා රාශි වළල්ල හැරුණු විට උපන් දිනයෙන්ද උපන් දවසින්ද යම්කිසි ගතිගුණ සහ යම් යම් දේවල් කරුණු කාරණා ප්‍රකාශ කල හැක.

ග්‍රහයන් 9 දෙනාගෙන් ඡායා ග්‍රහයන් වන රාහු කේතු නොමැතිව ඉතිරි 7 දෙනාට දින 7 වෙන්වී ඇත.
දින 7දි උප්පත්තිය ලබනවා හැරුණු විට ඒ ඒ දිනවලදි සුභ කටයුතු සොයා බලා කරන්නේ අනාදිමත් කාලයක සිටය. විශේෂයෙන්ම විවාහ කටයුතු සිද්ධ කිරීම, මල්වර චාරිත්‍ර ඉටු කිරීම, එසේම සියලුම සුභ කටයුතු වලටද දින 7න් දින වැදගත් වේ.
දැන් අප සොයා බලමු දින 7න් උපත ලබන අයට ඇති පොදු ලක්ෂණ මොනවාදැයි කියල.

→ සඳුදා

සඳුට අයත්වන සඳුදා දින උපන් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයම සෞම්‍ය ගතිගුණ ඇත්තෝ වෙති. එසේම මොවුන්ගේ ශරීරද බොහෝසෙයින්ම සියුමැලිය. ලා කහ පාටට සහ සුදු පාටට යම් රුචිකත්වයක් දක්වති.
මවට ඉතාම ඇල්මක් දක්වන අතර, අදහස් සහ සිතුවිලි යම් ආකාරයකට චංචලය.
එසේම නිතර නිතර ආහාර ගැනීමටත්, පැණි රස ආදිය කෑමටත් මේ අය ආශාවක් දක්වති.
ශිල්ප ශාස්ත්‍ර මැනවින් හදාරයි. එසේම මෙම අයගේ රැකියාව බොහෝවිට ජලය ආශ්‍රිත හෝ කිරි ආශ්‍රිත, නාවුක, ගුවන් ගමන් ආදියේ රැකියා විය හැක.
එසේම ආහාර පාන සම්බන්ධවද යම්කිසි දායකත්වයක් දරයි.

→ අඟහරුවාදා

ග්‍රහලොව සෙන්පති කුජට අයත් වන මේ දවසින් උපන්නෝ වීර්යවන්ත, එඩිතර පුරුෂයෝ වෙති. නොනැමෙනසුළු ගතිය හා පෙරට යාමේ ගතියද ඇත.
මේ දිනයෙදි උපන් අයට කාය බලය ඉතාම බලගතුව පිහිටයි. විශේෂයෙන්ම අඟහරු ග්‍රහයා මෙම අයගේ කේන්දරයේ නරකට පිහිටා තිබුනොත් ඒ අය මැරවර ගණයට අයත් වේ.
ඉක්මණ් කේන්තියද පවති. තරහ නොඉවසවයි. මෙම දිනයෙදි උපන් ස්ත්‍රින් බොහෝ ශක්තිමත්ය. ස්ත්‍රින්ගේ පියයුරු තද ඝනකමකින් පිහිටයි.
තරමක රාගාධික ගතියක්ද ඇත. පුළුල් උකුලක්ද පිහිටයි.
මේ දිනයෙදි උපන් අය සන්නද්ධ සේවා, කාර්මික සේවා වල රැකියා වලට නෑදෑකම් කියයි.

→ බදාදා

බුද්ධිමතාට අයත් බුධහුගේ දවස වන මේ දිනයෙන් උපන් අය කෙලි කවට සිනාවෙන්ද එසේම විහිළුවෙන් තහළුවෙන්ද විශේෂ වූ වාග් චාතුර්යයයෙන් අනූනවද සකලවිධ භාෂා ඥානයෙන් සන්නද්ධවද උපදිති.
මේ අයට බොහෝ සෙයින් මිත්‍රයන්ද අධික වෙති.
පැණි රස කෑමට ඉතාම ගිජුය. ප්‍රිය වචනයෙන් අන් අය ප්‍රබෝධමත් කරයි. අපගේ පර්යේෂණ වලට අනුව බුද්ධිමතුන්, දේශකයින්, විශේෂඥයින් මෙම දිනයෙදි උපදිති. දින 7න් එක්තරා සුභ දිනයකි බදාදා දිනය.

→ බ්‍රහස්පතින්දා

දින 7න් සුපිරිම දිනය මේ දිනයයි. මෙම දිනයෙදි උපන් තැනැත්තේ රටතොට සියලු දෙනා දන්නා කීර්ති නාමයෙන් බබලන ප්‍රඥාවන්තයෙක් ගුණවන්තයෙක් වෙයි. මෙදින උපදින අයට ගුරුගේ දෘෂ්ඨිය සුභව ලග්නයට වැටේ නම්, වැඩුනු ආරෝහ පරිනාහ දේහයක් හිමිය.
මේ දිනයෙදි උපන් කාන්තාවන්ද තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්නා චරිතවත් අය වෙති. එසේම උපතින්ම සහජ දැනුම ගෙනා අය වෙති. බොහෝ සෙයින් ආගම දහමට ලැදිවන අතර අනුන්ගේ දුකේදි කම්පා වන මානසික තත්වයක් මේ අයට ඇත. උසස් පූජ්‍ය පක්ෂයේ අය සහ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් මේ දිනයෙදි උපදී. මේ අයට වඩාත්ම ගැලපෙන්නේ ව්‍යාපාරික ක්ෂෙත්‍රය බව කියමි.

→ සිකුරාදා

විලාසිතාවෙන්ද, ලක්ෂණ ඇඳුම් පැළදුම් වලින්ද, අලංකාර වූ ගමනින් බිමනින්ද සම්පූර්ණ වූවෝ වෙති. නිතරම අලංකාරව සිටිමට කැමතිය. බොහෝ වෙලාවට මේ දිනයෙදි උපදින අයට සිකුරුගේ බැල්ම ඇත්නම්, නව යොවුන් විය ආසන්නයෙදිම ප්‍රේම සබදතා වලට පැටලෙති.
ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම කාම ආශාව ඉතා ප්‍රබලය.
මේ දිනයෙදි උපන් අයට වෙලද කටයුතු, රෙදිපිළි, ආහාර පාන, අලංකාර කටයුතු වලට සම්බන්ධ දැ කිරිමෙන් මහත් ධනයක් උපයා ගත හැක.

→ සෙනසුරාදා

ජිවිතයේ මධ්‍ය කොටසෙදි හෝ මුල් කොටසේ අග භාගයෙදි දැඩිව දුක් කරදර වලට මුහුණ දෙයි. මෙම නිසා බොහෝ වෙලාවට ඒ කාලයෙදි කනස්සලු ස්වභාවයෙන්ම සිටී. කාලාන්තරයක් අතේ මිටේ රුපියලක්වත් නැතිව දුක් විඳී. පසුකාලීනව ලබන අත්දැකීම් හේතුවෙන් මේ අය දියුණු වන්නේ නිරායාසයෙනි. ජීවිතයට ලබන කම්කටොලු සම්බන්ධව මනා වැටහීමක් තිබෙන නිසා පින් දහම් වලට වැය කරන කාලය අධික කිරීමට සිත් පහල වේ.
රැකියාව බොහෝවිට යකඩ ආශ්‍රිතව, නැව් ආශ්‍රිතව, ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්‍රිතව, පොලිසිය, බන්ධනාගාර ආදිය සෙනසුරුගේ දිනයට අයත් සේවා ස්ථානයි.

→ ඉරිදා

ස්වභාවයෙන්ම මේ දිනයෙදි උපන් සියලුම දෙනා උද්යෝගිමත්ය. ධෛර්යසම්පන්නය. නොනැමෙනසුළුය. අන් අය පාලනය කිරීමට සිතයි. එසේම ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම ඇඟ ඉතාම ඌෂ්ණය. මේ දිනයෙදි උපන් අය පියාට ඉතාම හිතවත් වේ. එසේම ඕනෑම තැනකදි තමන් කැපි පෙනීමට සහ පාලන බලය අතට ගැනීමට කල්පනා කරයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටී. අයුක්තියට කතා කරන්නේවත් නැත. විශේෂයෙන්ම මේ දිනය පිරිමි දරුවන්ට ඉතා හොදයි.
සංචාරක ක්ෂෙත්‍රය, රජයේ රැකියා, දේශපාලනය රවිට අයත් ඒවාය.

No comments:

Post a Comment