Friday, September 12, 2014

++ දේශ දේශාන්තරයන්හි සිදුවන අනතුරු කේන්දරයෙන් පෙනෙන හැටි ++ - 2වන ලිපිය

මුහුණු පොතේ අපගේ විශාල සහෘදයින් ලොව විවිධ රටවල් වල සේවය කරනු ලබයි. එම රටවල් වලදී වන අනතුරු නිසා අපගේ දයාබර සහෘදයන්ට එයින් යම්කිසි ආරක්ෂාවක් ගෙනදීමට මේ ලිපිය වැදගත් ලිපියක් වනු ඇතැයි සිතමු.

විශේෂයෙන්ම පසුගිය කාල වකවානු වලදී විදේශයන්හිදී වන අනතුරු සම්බන්ධව අප පුවත්පත් වලින් සහ අන්තර්ජාලයෙන් අනන්තව දැක ඇත්තෙමු. මෙවන් තත්ව ඇතිවන්නේ, කුමන ග්‍රහමය පදනමක් නිසාද ?

1 ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=285126468349031&set)

● යම් ජන්මියෙකුගේ ශනි බලවත්ව සිටියදි රවි හෝ සඳු දුටුවොත් ඔහු විදේශගත නොවිය යුතුය.

● පාපීන් 9 වන භාවයේ පිහිටිම, චන්ද්‍රයා සහ සූර්යයා අසුභ පාපීන්ගේ දෘෂ්ඨියට ලක්වීම විදෙස් රටවලදී අනතුරට ලක්වීමට ප්‍රධාන හේතුවයි.

● එසේම රත්තරන් දුවේ පුතේ,
කුම්භ සහ තුලා මිථුන මේ කියන වායු රාශි වල පාපියෝ සිට 9 වැනි කොටුවේ සූර්යයා හෝ චන්ද්‍රයා පාප දෘෂ්ඨියෙන් පීඩා විඳිනවා නම්, ඔහු හෝ ඇය විදෙස් රටකදී මුහුණ පාන්නේ මෙවන් අනතුරු වලටයි.
එනම්, ඉහල මාලයකින් බිමට වැටීම, එසේත් නොමැති නම් මෑතකදී වුනු මැලේසියානු යානය වගේ අනතුරකට ලක්වීම, ගින්දර ආශ්‍රිත අනතුරු සිදුවීම වැනි මේ වගේ අනතුරක් වෙන්නට පුලුවන්.

● ඒවගේම තද රාශියක් වන,
කන්‍යා, මකර, වෘෂභ රාශි වල පාප ග්‍රහයන් පිහිටා චන්ද්‍ර, සූර්ය දෙදෙනා භාග්‍යස්ථානයේ (9) පාප දෘෂ්ඨි ලැබෙනවා නම් ග්‍රවුන්ඩ් එක හෝ භූමියේ එහෙම නැත්නම් භූමි කම්පාවක අනතුරකට ලක් වෙනව.

● ඒවගෙම ගිනි රාශි වන,
මේෂ, සිංහ, ධනු, පාප ග්‍රහයන් පිහිටා 9 වැන්නේ පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨියට ලක්වේ නම්, විශේෂයෙන්ම ගින්දර සහ විදුලිය බරපතල තුවාල ඒවා වලින් අනතුරු විය හැක.

● ඔජ රාශි වන,
කටක, වෘශ්චික, මීන රාශි වල පාප ග්‍රහයන් සිට චන්ද්‍ර, සූර්ය දෙදෙනා 9 වැන්නේ සිටි නම් ජලය ආශ්‍රිත අනතුරු වලින් අනතුරට හෝ ජීවිතක්ෂයට පත්විමේ පවා අනතුරක් ඇත.

ඉතින් මම මෙහෙම කිව්වට මෙහෙම යෝග වලින් බේරෙන ක්‍රමත් තිබෙනවා. මෙවන් යෝග තිබ්බාම කියල එහෙම වෙන්නෙත් නෑ.

● මේවගේ යෝග භංග වෙන්නේ ලග්නාධිපති ග්‍රහයා බලවත් වීමෙනුයි, 8 වැන්නාධිපති ග්‍රහයා බලවත් වීමෙනුයි තමයි.

අපේ ගොඩක් විදෙස්ගත සහෘදයන්ට මෙම යෝග බල ඇති.
එහෙම තියෙන අය මේ ලිපිය බලා පින් අතේ වැඩ කරන්න. එහෙම අය සිටී නම් මේ භවයේ කරන කුසල් කර්ම හේතු කරගෙන අනවශ්‍ය අනතුරු සිදු නොවි යහපතින් ඉන්න ලැබේවා කියල අපි මේ වෙලාවෙදි ප්‍රාර්ථනාවක් එකතු කරනව.

ඔබට තෙරුවන් සරණයි !

( #ඉරු පර්යේෂණ අංශයේ වැඩක් )

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

No comments:

Post a Comment