Wednesday, September 10, 2014

Play Boy Magazine අයිතිකාරයගේ කේන්දරය


දන්නවද හග් හෙෆ්නර් Hugh Hefner

මේ ඉන්නේ එයා.

බලමු එයාගේ කේන්දර සටහන ගැන.

1926 04 07 වැනි බදාදා දවසේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර උපදින්නෙ ලෝක පූජිත මිනිහෙක්නෙ.

හැබැයි අපි අදහන ආගම දහම අනුව මෙයා කරන දේවල් අනුමත කරන්නෙ නෑ.
මෙයා තමයි, ලෝක ප්‍රසිද්ධ Play Boy ප්ලේ බෝයි සඟරාවේ අයිතිකාරය.

මෙයාගෙ ලග්නය කන්‍යා.

* උප්පත්ති කේන්දරයෙ 3 වන කොටුවෙ සෙනසුරුත්, 4 කොටුවේ කේතුද කුජ-ගුරු-චන්ද්‍ර 5ත්, සිකුරු 6ත්, රවි-බුද 7ත්, රාහු 10ත් පිහිටල තියෙනවා.

මේ කේන්දරය බැලූ බැල්මටම පුදුම කේන්දරයක් තියෙනවා. දැක්ක නේද අපි රාහු ගැන කියපු කලින් ලිපියෙදි කිව්ව.

* රාහු තමයි මෙයාගෙ ධනයෝග ක්‍රියාත්මක කරල තියෙන්නෙ.

මෙයාගෙ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 54කට වැඩියි.

• සෙනසුරු/ශනි 3 ඉන්න කෙනාට අපේ භාෂාවෙන් කියනව නම්, කට්ට කන්න පුලුවන්/ඕනම දුකක් විඳින්න පුලුවන්.

• ඒවගේම තමයි මෙයාගෙ චන්ද්‍ර-මංගල යෝගය තියෙනව.
මෙයාගේ කලින් බැන්ඳ කෙනා දික්කසාද කරල තියෙන්නෙ 1959 පමණ.
මෙයාට චන්ද්‍ර - මංගල යෝගය තියෙන නිසා මඟුල් කැඩෙනව (5 වැන්න). නමුත් කාමාශාව හරිම ප්‍රබලයි. ගොඩක් වැඩියි.
ඒවගේම තමයි ස්ථිර ගෑණු කෙනෙක් නෑ.

• 7 වැන්නාධිපති බ්‍රහස්පති/ගුරු නීච වෙලා ඉන්නෙ.
එක දෙයක් මතක තියාගන්න, කෙනෙක්ගේ ගුරු නීච නම් ඒ අය මොනව හරි අයුතු විදියට සල්ලි හොයනවා. ඒකෙන් පෝසත් වෙනව. හැබැයි දහමට අනුව මෙලොවදී විතරයි.

• කුජ-ගුරු-චන්ද්‍ර යෝගය නිසා හොඳින් හරි නරකින් හරි සල්ලි හොයලා, ඒවයෙන් තමන්ගෙ කම්සැප තාම විඳිනව.

• රවි-බුධ 7 ඉන්නෙ. රවි-බුධ 7 ඉන්න පිරිමි අයට ශක්තිමත් හුරුබුහුටි පුරුෂ ලිංගයක් හිමිවෙනව. හැබැයි කාරණාව, රවි 7 වැන්නට හොඳ නෑනේ, විවාහ ජීවිතය එක්කෙනෙක්ගෙන් සීමා වෙන්නෙ නෑ. ටික කාලයක් යනකොට මේ වගේ අයට ගෑණු කෙනාව එපා වෙනව, තව කෙනෙක්ව හොයනව.
කාමාශාව අධිකවම තියෙනවා, කේන්දරයේ හැටියට.

• ඒවගේම ආපු දසා වල හැටියට, මෙයා බලන්න ඉපදිලා තියෙන්නෙ සුවණ නැකතින්.
සුවණ නැකත කියන්නෙ බොහොම බලගතු අය උපදින නැකතක්නෙ.
උදාහරණ විදියට ශාරුක් ඛාන්, රජිනි කාන්ත් වගේ අයත් සුවණ නැකතින්.

• ඒවගේම ඒක බලගතු නැකතක්, කම් සැප විඳින නැකතක්.

• මෙයාට කොහොම හරි දසාවත් එක්ක බලනකොට 1960 තමයි ඔය ප්ලේබෝයි සඟරාව මුලින්ම නිකුත් කරල තියෙන්නෙ. ඒකාලේ ගත වෙලා තියෙන්නෙ “ ගුරු මහ දසාවෙ සිකුරු අතුරු දසාව“.
මිනිහ ප්‍රසිද්ධ උනා සෑහෙන්න.

• සිකුරු දුර්වල තැනක ඉදල කාම යෝග බලවත් විම නිසා, අධිකව කාන්තාවන් එක්ක ලිංගිකව ආශ්‍රය කරල ඒක තෘප්තිමත් නොවන විදියටම තවම පවත්වගෙන යනව.

• මෙයාගෙ පෞද්ගලික තොරතුරු දැක්ක වෙලාවක පෙනුනෙ, මෙයා වෙනුවෙන් අඩු වයසෙ ගෑණු ළමයි ඕන වෙලාවක එයාගෙ මහා මන්දිරයෙ ඉන්නව.

• බහුකාම සේවනය මේ කේන්දරයේ මූලික ලක්ෂණයක්. දැනට වයස අවුරුදු 88යි.
විවාහ වෙලා ඉන්නෙ 1986(28) ඉපදුනු කාන්තාවක් එක්ක.

• හැබැයි මනුස්සයට නම්, සසර චාරිකාව කොච්චර දුර වෙයිද කියලත් කියන්න බෑ. වැඩිය කේන්දරය ගැන කියන්න ඇත්තටම හොදක් නෑ. නරකින් හම්බ කරලා අදටත් නරක විදියට ඉන්නව.
ඒ සුද්දන්ගෙ හැටිනෙ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඔයාලට තේරුම් ගන්නයි මේ දැම්මෙ.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

No comments:

Post a Comment