Thursday, September 18, 2014

වාසනාවන්තයන් ඇතිවන “ අධියෝග “

අධියෝගයක් යනු,
ලග්නයෙන්(1වැන්නෙන්) හෝ චන්ද්‍රයා/සඳුගෙන් 6,7,8 වැන්නේ නෛසර්ගික සුභ ග්‍රහයන් සිටීමයි.
(නෛසර්ගික සුභ ග්‍රහයන් නම්, ගුරු, සිකුරු, චන්ද්‍ර, බුධ)

* මෙහිදී ලග්නයෙන් 6,7,8 වැන්නේ සුභ ග්‍රහයන් සිටීමෙන් ‘ලග්න අධි යෝගය‘ද,
* චන්ද්‍රයාගෙන් 6, 7, 8 යන ස්ථාන වල සුභයන් සිටීමෙන් ‘චන්ද්‍රාධියෝගයද‘ යෙදේ.

“ අධි යෝගය වාසාවන්ත අයට පිහිටන යෝගයකි. විශේෂයෙන් සතුටු සිතින් සිටීමට හැකියාව ඇති යෝගයකි. සතුරන් පරාජය කරන්නකි. නිරෝගීකම රැකගනී. පොදුවේ අනතුරු අඩුය. දීර්ඝායුෂ ලැබේ. ආචාරශීලී, සමාජශීලි කෙනෙකි. විශ්වාසවන්තය. අන් අයගේ කරුණාවට, ගෞරවයට ලක්වේ.
පාලන බලය ගැනීමට සුභ පිහිටීමකි. මනා දැන උගත්කමක්ද ඇත“.

٠ මෙම සුභ ග්‍රහයන්ගේ තත්වය අනුව එනම්, බලවත්වීම මත යෝගයේ සුභ ඵල අඩුවැඩි වනු ඇත.
٠ මෙහිදී එම ග්‍රහයන් පාපී ග්‍රහ දෘෂ්ඨ ි නොලැබීමද වැදගත්ය.
මෙම යෝගය ඇතිව උපන් අයට ඉදිරියට යාමෙ මනා හැකියාවක් ඇත. පොත පතට ආදරය කරන අය වෙති.

٠ අපගේ අත්දැකීම් අනුව මහා ධනවතුන්, බලවත් දේශපාලකයන්, මහා බුද්ධිමතුන් මෙම යෝගයෙන් උපත ලබා ඇත.

٠ පින්තූරයේ දැක්වෙන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දර සටහනයි. එහි 8 වැන්නේ චන්ද්‍ර/සඳුද සඳුගෙන් 6 වැන්නේ ගුරුද, 7 වැන්නේ සිකුරුද, 8 වැන්නේ බුධද පිහිටා ඇත.

යෝග ගැන තවත් තොරතුරු.. අපි කියන්නම් ලගදීම 

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment