Monday, September 15, 2014

සතියේ ලග්න පලාපලය (සැප්.15 සිට)

මේෂ
සුභ සතියකි.
සතිය මුලදී ආර්ථික තත්වය නම් ටිකක් චංචල තමයි. නමුත් සතිය මැද වෙද්දි ඒ ගතිය හරියනව.
සමහරවිට තමන්ගේ එක වචනයකින් ආදායම් මාර්ග 10ක් පෑදෙන්න පුලුවන්. උත්සහයේ තරමට යම්කිසි දෙයක් කරගන්න බැරි කමකුත් නෑ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. දරුවන් එක්ක එහෙ මෙහේ යන්න චාරිකාවල යෙදෙන්න අවස්ථාව ලැබෙනවා.
සතිය අගදී තමන්ගේ සහෝදරයෙක් ගෙදරට පැමිණීම නිසා ප්‍රීතියෙන් සිටින්නට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ගැන කල්පනා කරනකොට චන්ද්‍රයා 2 සිටින නිසා සෙම් රෝග, සෙම් ගෙඩි සහ බුධ රාහු 6 නිසා උදරාබාධ ඇතිවෙන්න පුලුවන්, ඒ ගැන පරිස්සම් වෙන්න.

වෘෂභ
ඉතාම ශුභ සතියකි.
සතිය පුරාම හොද ආර්ථික තත්වයක් පවත්වාගෙන යන්නත් අලුත් ධනෝපායන මාර්ග හදාගන්නත් ඔයාට වාසනාව ලැබෙනවා. හවුල් ව්‍යාපාර සහ වෙලදාම් කරන අයට හොදයි කියල වගේ තමයි පේන්නේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනව. ඒවගේම නිතරම සිත සතුටින් තියාගන්න පුලුවන්. ප්‍රේම සම්බන්ධතා ඇති අය ඒවා ප්‍රවේසම් කරගැනිමට වගබලා ගන්න. මොකද දෙදෙනා අතර මත ගැටුම් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න පුලුවන්. ඒ අඟහරු/කුජ 7 නිසා. ටිකක් කාමාශාව අධික කාලයක් වගේ පේනවා.
වෘෂභ ලග්නයේ ඔයාලට සෙම් රෝග හා සෙම් කෝපවීම නිසා ඇතිවිය හැකි යම් යම් අසනීප තත්ව සහ ඒ ආශ්‍රිත යම් යම් කරදර ඇතිවෙන්න පුලුවන් පරිස්සම් වන්න.

මිථුන
ශුභාශුභ මිශ්‍රපලයි !
සතිය මුලදී යම්කිසි ගැටළුවක් ආර්ථික පැත්තෙන් ඇතිවෙන්න පුලුවන්. ඒ ආර්ථික ප්‍රශ්න සතිය පුරාම පවතින්නෙ නෑ. සතිය මැදදී ලිහිල් වෙනව. වගකීම් තියෙන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන, තමන්ගෙ අතින් නොදැනුවත්ව අලාභහානි වෙන්න පුලුවන්. ඒ වලින් තමන්ට ගැටළු ඇතිවෙන්න පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. සතිය මැදදී ගමනක් බිමනක් යන්න ප්‍රීති උත්සව පවත්වන්න අවස්ථාව ලැබෙනවා.
ඒවගේම නිතරම සිත සතුටින් තියෙන සතියක්. අර කලින් මිශ්‍රපල තියෙනව කියල කිව්වේ, සතියේ මුල් දවස් 2ම මුදල් ප්‍රශ්නයකට අහුවෙන්න පුලුවන් කියල හිතල. එහෙම වෙන්න පුලුවන් ඒ ගැනත් පරිස්සම් වන්න.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ ඇතිවෙන්න පුලුවන්. ඒවගේම ආහාර අජීර්ණයක් ඇතිවෙන්න පුලුවන්. ගැබිණි මව්වරු ප්‍රවේසම් වෙන්න ඕන කාලයක් මේක.


කටක
ශුභපලයි.
තමාට හොද ආර්ථික තත්වයක් හදාගන්න පුලුවන්. ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න ඕන.
ඒවගේම පිටපලාත් වල යම් යම් ව්‍යාපාර කටයුතු කරන එකෙන් වාසි ලැබෙනවා. ඒ වගේම තමන්ගේ හිතවත් ජන සමාජයෙන් උදව් උපකාර ලැබෙනවා. ඒව ගන්න ඔයාට මොලේ තියෙන්න ඕන.
ගෘහ ජිවිතයත් ප්‍රීතියෙන් ගත වෙනව. ඒවගේම නිතර දෙවේලේ සතිය පුරාම සිත සතුටින් තියෙනවා. ඒවගේම සහෝදරකාරකාදීන්ගෙන් වැඩිමල් සහෝදරයෙන්ගෙන් වැඩියනේ උදව් උපකාර ලැබෙන්න පුලුවන්. මේ අයගේ හිත දිනාගන්න ඔයාට හැකිවෙන්න ඕන.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනසක් නෑ, නිදන්ගත රෝග ඇති අය ඒවයෙන් ආරක්ෂා වීම හොදයි.

සිංහ
ශුභ සතියකි.
ලග්නයේ බලගතු ග්‍රහ යෝග තිබෙන අතරේ, තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් ආදායම් මාර්ග වැඩි දියුණු කරගන්න පුලුවන් සතියක්.
විශේෂයෙන්ම වෙලද ව්‍යාපාර, හෝටල්, ආහාර පාන, නිෂ්පාදන, ජලය ආශ්‍රිත කටයුතු, තැරැව්කාර කටයුතු කරන අයට සුභයි, උනන්දු වන්න.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වෙනව. දරුවන්, බිරිඳ සමග ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න ලැබෙනව. විවාහ වෙන්න ඉන්න අයට මංගල යෝග උදා වෙනව වගේම, අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර වීමට නියමිතයි.
ඒවගේම තමයි සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළුවක් නෑ නමුත් ඇස් දැවිල්ල, ඌෂ්ණ රෝග වලින් පරිස්සම් වන්න.

කන්‍යා
හොඳයි කියන්න බෑ.
චන්ද්‍රයා 9 හිටියාට ‘බුධ‘ ලග්නයේ ඉන්නේ ලග්නාධිපති පීඩා වෙලා. වැරදි තීන්දු තීරණ නිසා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ආර්ථිකයේ ගැටළු ඇතිවෙන්න, කලබලය නිසා මුදල් පාඩු ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතයත් මේ වගේම තමයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරල වැඩ කලේ නැත්නම් අඹුසැමි ප්‍රීතියට බාධා ඇතිවේවි.
සෞඛ්‍ය තත්වයේ නම් ප්‍රබල ගැටළු නැතත්, ඔළුවේ හිස් අමාරු, මානසික ප්‍රශ්න, අනියත බිය වගේ දේවල් ගැටළු වෙන්න පුලුවන්.

තුලා
චන්ද්‍රයා 8න් ඇරඹෙන සතිය, එතරම්ම හොඳ නෑ.
මේ සතියේ මුල් කොටස තමන්ට අවාසි සහගත දේවල් සිද්ධ වෙන්න පුලුවන්. ණය තුරුස් වලට අහු වෙන්න පුලුවන්. එහෙම නැත්නම් මුදල් තත්වයක් නිසා තමන්ගේ නම්බුවට හානි වෙන්න පුලුවන්. මේ කිව්ව දේ තේරුම් අරගෙන, සතිය මුල් කොටසේ පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වෙන්න පුලුවන්, ඒත් ඒකට බාධා තියෙන්නේ ලග්නයේ ඉන්න සෙනසුරුත්, චන්ද්‍රයාගේ ගමනත් ප්‍රශ්න පිට තියෙන නිසා.  ඒගැන බලාගන්න වෙනව.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් නහර අමාරු, හන්දිපත් වේදනාව, ඒවගේම යම් යම් ලෙඩ රෝග වලට ගොදුරු වූ අය සුවය ලබමින් ඉන්නව නම්, නැවත වාරයක් පරිස්සම් වෙන්න කියල ඉල්ලීමක් කරනවා.

වෘශ්චික
කලින් වගේම හොඳ සතියක් තමයි.
ඒක ඉතාම හොඳයි.
ආදායම් මාර්ග පෑදෙනවා. මේ කාලයේ ගොඩක්ම හොදයි ඔය සංචාරක ව්‍යාපාරය කරන අයට.
ඒවගේම කාන්තාවන්ට අවශ්‍ය දේවල් විකුණන අයට, ග්‍රොසරි කරන අයට හොදයි. තමන්ට ආධාර උපකාර බැංකු වලින් එහෙමත් ලැබෙන්න පුලුවන්.
ගෘහ ජිවිතයත් ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනව කියල මම කියනවා. ඒක නියතයක්. තමන්ගේ දරුවන් එක්ක ඉතාම සතුටින් විනෝදයෙන් ඉන්න වගේම, ඥාතින් ගෙදරට එන්නත් මේ කාලෙ ඉඩ තියෙනවා. ගොඩක්ම හොද නිසා, අතේ මිටේ මිල මුදලුත් තියෙන නිසාත් හොදයි.
සෞඛ්‍ය තත්වය ගත්තම ඉතාම හොද සෞඛ්‍ය තත්වයක් තියෙනවා. ඒනිසා නිදන්ගත රෝග ඇති අය පාලනයට උනන්දු වෙන්න. ඒක වැදගත්.

ධනු
ගොඩක් හොදයි කියන්න බෑ.
ඇයි දන්නවද ? තමන්ට යම්කිසි ගැටළුකාරි තත්වයක් මේ කාලයේ මේ සතිය මුලදී ඇතිවෙන්න පුලුවන්. ඒවගේම තමයි ආර්ථික තත්වය, සතිය මුලදි ගොඩක්ම ප්‍රශ්නයක් වෙනව. ඒක හොද නෑ. තමන් ණයතුරුස් වෙන්න පුලුවන් කාටහරි. ඒවගේම තමයි තමන්ගේ නම්බුවට යම්කිසි හානියක් වෙන්න පුලුවන් මුදල් ප්‍රශ්නයක් නිසා. තව දෙයක් කියන්නද ?
ලොකුකමට වැඩ කරන්න ගිහින් පස්ස ඇනගන්නේ මේ කාලේ තමා, ඒනිසා ඒව වලින් ආරක්ෂා වෙන්න.
ගෘහ ජිවිතයේ ලොකු විපර්යාසයක් නොවුනත් වැඩිහිටියන්ගේ උදව්වෙන් උපකාරයෙන් තමන්ගේ දෙයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ අයගේ ආශිර්වාදය නිසා තමන්ට යම් දෙයක් කරගන්න පුලුවන්.
ධනු ලග්නයේ ඔබට සෞඛ්‍ය ගැටළු වශයෙන් උදාරාබාධ, අජීර්ණ, අමියා රෝග ඇතිවෙන්න පුලුවන්, සෙම් අමාරු වලිනුත් පරිස්සම් වන්න.

මකර
ශුභ සතියකි.
සතිය මුලදී සතියටම හරියන්න ශුභ පල එකතු කරගන්න ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. ස්විප් දිනුම්- හදිසි ධනලාභ මේ සතියෙදි ලැබෙන්න පුලුවන්. ඒවගේම උත්සහයෙන් උනන්දුවෙන් කරන දේවල් වලත් සාර්ථකත්වයක් තියෙනවා.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වන අතර, තමන්ගේ හොද නම හැමතැනම පැතිරෙනවා. ඒවගේම තමයි විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයගේ, මංගල යෝග ස්ථිර වෙනව වගේම පෙම්වතුන්ට හොද කාලයක්. තෑගි බෝග හුවමාරු කරගන්න මේ කාලයේ ලියවිලා තියෙනවා.
ඒවගේම මකර ලග්නයේ දරුවන් ඉන්න දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ දක්ෂතා නිසා හිත සතුටින් පිරෙනව.
සෞඛ්‍ය නම්, ලොකු ප්‍රශ්නයක් නෑ, ඔය සල්ලිකාර ලෙඩ කියල ජාතියක් තියෙනවනේ, සැප වැඩි වෙන නිසා ඒව වැඩිවෙන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.

කුම්භ
ජයෙන් ජයයි !
පවතින ග්‍රහචාරය හොදට පිහිටල තියෙනව. ඔය ආනයන-අපනයන වෙලදාම් කරන අයටත්, රෙදි පිලි නිමි ඇදුම් ආදියේ කටයුතු කරන අයටත්, සුපිරි රැකියා කරන අයටත් හොදයි. ඒවගේම තමයි කාන්තා පාර්ශවය සමග හවුලේ ව්‍යාපාර කටයුතු කරන අයට ඒ අයගේ උදව් උපකාරය වගේම කරුණාවත් ලැබෙනවා. ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර සහකාර බන්ධනය දෙදෙනාටම ගොඩාක් අවශ්‍ය වෙනව.
ඔය කුම්භ ලග්නයේ අලුත බැඳපු ජෝඩු වලට නම් ඉතාම හොද කාලයක්. අනාගතයෙදි හොද දරුවන් ලැබෙන්න වාසනාව තියෙනවා.
සෞඛ්‍ය තත්වයේ ලොකු අවුලක් නෑ, නමුත් වාත අමාරු, හන්දිපත් එහෙම තියෙනව නම් පරිස්සම් වෙන්න.

මීන
හොද සතියක් කියල තමයි කියන්න තියෙන්නෙ.
දියුණුවට හැකියාව වගේම තමන්ගේ උත්සහය නිසා දියුණුවට එන්න පුලුවන්. ඒවගේම තමයි පිට පලාත් වල සංචාරය කිරිමෙන් ආදායම ලැබෙනව. කරදරයක් නැතිව තමන්ගේ වැඩ කරගන්න පුලුවන් සතියක් නිසා උනන්දු වෙන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. සහෝදර සහෝදරියන්ගෙන් මෙන්ම, ඥාතින්ගෙන් උදව් උපකාර ලැබෙනව. ඒවගේම තමයි, තමන්ට ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න වගේම, යම් යම් වාසනාවන්ත දේවල් මේ සතියෙදි සිද්ධ වෙනව.
සෞඛ්‍ය තත්වයේ නම් ප්‍රබල ගැටළුවක් නෑ. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඒවගේම සෙම අමාරු ඇති අයත් පොඩ්ඩක් පරිස්සම් වන්න.

No comments:

Post a Comment