Monday, September 8, 2014

කේන්දර බැලීම සහ සාස්තර කීම 2කි.

මේ කේන්දර සටහන, අපගේ ඉරු සේවයේ වසන්ත රාජකරුණා මහත්මා සෑදු එකකි.

* මේ ජන්මියා උප්පත්තිය ලබන්නේ වෘශ්චික ලග්නයෙනි.
* වෘශ්චික ලග්නයේ ජන්මියා උප්පත්තිය ලබන අවස්ථාවෙදි අංශක 09 කලා 46ක් ගතව ඇත. එයද රතු අකුරින් සඳහන් කර ඇත.
* වෘශ්චික ලග්නයට නවාංශක පටන් ගන්නේ කටකයෙනි.
* නවාංශකය අවසන් වන්නේ මීනයෙනි.
* එවිට අංශක 06 කලා 40න් පටන් ගන්නා වෘශ්චික ලග්නයේ තෙවන කොටස අවසන් වන්නේ අංශක 10නි.
*නක්ෂත්‍ර ගණිත ක්‍රමය අනුව එවිට උදා වන්නේ කන්‍යා නවාංශකයයි.
* එවිට ලග්න ස්ඵුටය අනුර නැකතේ 2වන පාදයේ පිහිටයි.

මෙය ඉතාම පැහැදිලිව සදහන් කොට තිබියදී දැනට එක්තරා නාලිකාවක මහා පට්ටම් සහිතව කතා කරන සුප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියෙකු තුලා නවාංශකය විය යුතුයි යන්න යටින් සදහන් කොට ඇත.
මෙපමණක් ගණිත ක්‍රමයෙන් කේන්දරය බැලූ විට ලග්නයයි නවාංශකයයි පැටලීමක් නැත.
නමුත් පෙරකී නාලිකාවට පැමිණ මාධ්‍ය සංදර්ශන කරන එම ජෝතිර්වේදියා කියාගන්නා අනාවැකි පවසන මහතා මෙය වැරදි යැයි කියා ඇත.

අප සිතන්නෙ ඔහුට සියල්ලටම පෙර කේන්දරයක් හැදීමට උගන්වන එක හොඳයි කියාය.

සමහර නාලිකා වල පුද්ගල චරිත පුම්බයි. ඔවුන් නාලිකාවේ වැඩසටහන පටන්ගත් පසු ඔවුන්ගේ අය අර අනාවැකිය හරි ගියා මේ අනාවැකිය හරිගියා කියමින් හඬා වැටෙයි.
එසේ නොමැති නම් මහා ලියුම් කන්දක් පෙන්වයි.

දයාබර සහෘදයිනි, මෙතන ඇත්තේ ජෝතිර්වේදය නොව සමහරුන්ගේ ඇති ඥාති ප්‍රේත බලවේග වලින් හඳහන් බලා කීමයි. එය සාස්තර කීමක් වැනිය.
ඥාති ප්‍රේත බලවේග වල බලය තිබෙන්නේ එක්තරා කාල සීමාවකට පමණය.

ජෝතීර්වේදය යනු සාස්තර බැලීම නොවේ.

මුහුණු පොතේ සහෘදයන් ඇතුළු සියලුම දෙනාට මේ සම්බන්ධව තීරණය කරගැනිමට බාර කරමු.

No comments:

Post a Comment