Saturday, September 6, 2014

කුජ මාරුව(සැප් 5)

ග්‍රහලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු අද දිනයේ සිය ස්වක්ෂෙත්‍ර රාශිය වන වෘශ්චිකයට පැමිණ බලවත් විය.

ඒ අනුව ලග්න කීපයකට එනම් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න වලට රුචක යෝග බලය යෙදේ.
පසුගිය දිනවල සිදුවුනු අනේකවිධ කරදර බාධක වලට කුජගේ බලපෑම හේතු වූ අතර සෙනසුරු හා රාහුගෙන්ද ඊට තවත් බලපෑම් ලැබුනි.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ 10 වැන්නට කුජ පැමිණ බලවත් වීම රජයට යහපත්ය. හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ශක්තිමත් වේ. වරදකරුවන් නීතියේ රැහැනට හසුවේ.

* මේෂ
8 වැන්නට කුජ පැමිණියේය.
යම් කලකිරිම් තත්වයන්, හදිසි ආවේග තත්වයන් අපේක්ෂිතය. ලාභ ලැබේ.
හදිසි අනතුරු විශේෂයෙන් ගින්දර, විදුලිය ආදියෙන් පරිස්සම් වන්න. කලබල නොවී කටයුතු කරන්න.
පින් කටයුතු වල නියැලෙන්න.

* වෘෂභ
7 වැන්නට පැමිණ ස්වක්ෂෙත්‍ර විය.
පෙම් සබදතා ඇතිවිය හැකි කාලයකි. රැකියාවේ වෙනස්විම් විය හැක.
විවාහක අය තමන්ගේ සහකරු සහකාරිය ගැන උනන්දු විය යුතුයි. රැක බලාගත යුතුයි.
අධ්‍යාපන කටයුතු වලට වෙනදාට වඩා මහන්සි වන්න. සිත පාලනය කරගන්න.

* මිථුන
6 වැන්නට කුජ පැමිණියේය.
තමන්ට සතුරුකම් කරන අය පරදින කාලයකි. දියුණුව ඇතිවේ. ව්‍යාපාර වලට සුබයි. උදව් ලැබේ.
උදරාබාධ වලින් පරිස්සම් වන්න.

* කටක
5 වැන්නට කුජ පැමිණියේය.
පැතුම් ඉටු වෙන කාලයකි. අධ්‍යාපනයට සුබයි. පෙම් සබදතා ඇතිවිය හැක. විවාහක අයටද සුබ කාලයකි.
උෂ්ණ රෝග වලින් පරිස්සම් වන්න.

* සිංහ
4 වැන්නට පැමිණ බලවත්ව රුචකය උදා කරයි.
ඉක්මන් කෝපය ඇතිවිය හැක. කටයුතු සඵල වුවද කෝපයෙන් පරිස්සම් වන්න. ආගම දහමට සිත යොමු කරන්න. වෙනදාට වඩා බුද්ධිමත් සහ නිර්භීත වන කාලයකි. කුමන කාර්යක් වුවද කරන්නට පෙළඹේ. අලංකරණයට සිත යොමුවේ. කලබල නොවි කරන කටයුතු කරන්න.

* කන්‍යා
3වැන්නේ කුජ බලවත් විය.
වෙනදාට වඩා තමන් ගැන වෙන අය සතුටින් කතා කරන කාලයකි. දියුණුව ඇතිවේ. සහෝදරයන් හා වෙනදාට වඩා හිතවත්වෙ. කර්මාන්ත වලටද සුබයි. දුෂ්කරතා අභිබවන කාලයකි. උදව් ලැබේ.

* තුලා
2 වැන්නට කුජ පැමිණියේය.
විශේෂයෙන් හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න, හිස, මුහුණ විශේෂයි.
කෙසේ වුවත් අනිකුත් ගෝචරය යහපත් නිසා මහන්සියෙන් දැඩි කැපවීමෙන් ජය ලබාගත හැක. එහෙත් හදිසි පාඩු ගැන විමසිලිමත් වන්න. පවුල් ජිවිතයෙදි ඉවසන්න.
තුලා ලග්න හිමි දේශපාලකයන්ට, නීතිඥයන්ට වාසි ලැබේ. සෞඛ්‍ය තත්වය, දත් ගැන සැලකිලිමත් වන්න.

* වෘශ්චික
1 වැන්නට පැමිණ රුචකය උදාවී ඇත.
යහපත් වුවද හිස ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න. කලබල නොවන්න. වෙනදාට වඩා ආඩම්බරයක් සිතට දැනෙනු ඇත. හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න(විශේෂයි).
තම ගරුත්වය රැකගන්නට කටයුතු කරන්න. බුද්ධියෙන් තීරණ ගන්න.

* ධනු
12 වැන්න කුජ පැමිණියේය.
අධ්‍යාපනයට වෙනදාට වඩා මහ්නිසි විය යුතුයි. අදාල නිසි ශාන්ති කර්ම කරන්න. රැකියාවේ බාධාද අපේක්ෂිත නිසා පරිස්සම් වන්න. පාද පරිස්සම් කරගන්න. බුද්ධිමත් වන්න. විදෙස්ගත හිතවත් අයගෙන් ලාභ ලැබිමට හැක. අනතුරු වලින් පරිස්සම් වන්න.

* මකර
11 වැන්නට කුජ පැමිණියේය.
යහපත් කාලයකි. හදිසි ධනලාභ, ආර්ථිකය දියුණුවිම අපේක්ෂිතය. රැකියා සහ ව්‍යාපාර වලටද සුබයි.
යහපත් වුවත් මේ තත්වයන් බුද්ධියෙන් විසදා ගෙන කටයුතු කරන්න. පාඩුද විය හැකි නිසා. හිතමිතුරන් සමග කටයුතු වලදි ඉවසීම සහ බුද්ධිය අවශ්‍යයි. වාහන අනතුරුවිය හැක පරිස්සම් වන්න.

* කුම්භ
10 වැන්නට පැමිණ කුජ රුචකය උදා කරයි.
රැකියාවේ දියුණුව, බලය ඇතිවේ. පවුලේ අයට යම් අපල පෙන්වයි. මුදල් ගැන කටයුතු වලදි බුද්ධිමත් වන්න. ලාභ ලැබේ. නව රැකියා ලැබිය හැක. විශේෂයෙන් ආරක්ෂක අංශ වල අයට සුබයි.

* මීන
9 වැන්නට කුජ බලවත් වේ.
පිං කල කෙනෙක් නම්, පෙර පින් ඇත්නම් යහපත් කාලයකි. හදිසියේම නොසිතන ධනලාභ ඇතිවිය හැක. රැකියාව දියුණු වේ. විදෙස්ගමන්ද ඇතිවිය හැක. විදෙස්ගත ලාභ, උපකාර පෙන්වයි. එසේ වුවද ධනයට යම් බාධාද එල්ල විය හැක. හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. බෝධි පූජා කරන්න.

** මෙම විස්තරය පොදු විස්තරයකි. කේන්දර සටහන් අනුව මෙය වෙනස් වේ.

No comments:

Post a Comment