Monday, September 29, 2014

+ සතියේ ලග්න පලාපලය (සැප්.29 සිට)

● මේෂ
ශුභාශුභ මිශ්‍ර පල සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමට ඔබ සතිය මුලදී දැඩි වෙහෙසක් දැරිය යුතුය.
එය කිරීමට ඔබට තරමක අපහසුතා මතුවීමට පුලුවන. කෙසේ වෙතත් සතිය මැද වන විට මේ තත්වය සමනය වනවා ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කිරිමට හැක.
එසේම සැමියා, බිරිදට, දරුවන්ට අසනිප ඇතිවිමට පුලුවන. නමුත් ඒ තත්වය සතිය අගදි පවහ යනු ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ ශල්‍යකර්ම වලට භාජනය වි ඇති අය පරිස්සම් වන්න.

● වෘෂභ
ශුභාශුභ මිශ්‍රපලයි.
ආර්ථික තත්වය එතරම් අයහපත් නොවන අතර, හවුල් ව්‍යාපාරික කටයුතු කරන අයට කිසියම් ආකාරයකට ගැටළු පැන නැගීමට ඉඩ ඇත, හවුල් පාර්ශව සමග. ඒ ගැන තේරුම් ගෙන ඉවසීමෙන් කටයුතු කිරිම නුවණට හුරුයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරිමට වාසනාව ලැබේ. ඔවුනොවුන්ට තෑගිබෝග දීමට සහ විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග සඵල වීමටද කාලයයි.
සතිය අගදී කිසියම් ආකාරයකට පසුබැස්මක් ඇතිවිමට පුලුවන. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න, ප්‍රබල රෝග නැතත් ලේ විෂවීම්, ආසාත්මිකතා ඇතිවිය හැක.

● මිථුන
ඔබට එතරම් ශුභදායකයැයි කීමට නොහැක.
තත්කාල ග්‍රහචාරයේ, සිකුරු ග්‍රහයා නීචව සිටින අතර රාහුට මැදිවි සිටි. මෙම නිසා ඔබට ආදායම් මාර්ග ඇහිරිමට ඉඩ ඇති අතර ලැබීමට නියමිත මුදල් නොලැබි යාමට ඉඩ ඇත. මේ කාලයෙදි වෙලද කටයුතු කරන අය පරිස්සමින් කරන්න.
ගෘහ ජිවිතය තුල ආර්ථික තත්වයේ අපහසුතා ආර්ථික කරදර ඇතිවේ. ණයතුරුස් විය හැක. එසේම තමන් මිලදි ගත් දේකට වාරි මුදල් ගෙවිමට නොහැකි විය හැක.
උදරාබාධ, සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● කටක
ශුභ සතියක් වන්නේ නැත.
නිතර දෙවේලේ ආර්ථික පාඩු ඇතිවන සතියකි. වෙලහෙලදාම් වලින් පාඩු විය හැක. රැවටිම් වලට හසුවිය හැක. ලාභ ලැබෙන්නේ නැත.
ගෘහ ජිවිතයද එතරම් සතුටින් ගත කිරිමට අවස්ථාව නොලැබේ. දුවා දරුවන්ට ලෙඩ රෝග හෝ වෙනත් කනස්සලු දේ නිසා කරදර ඇතිවේ. දරුවන් රැකබලාගෙන සිටිම මැනවි.
ස්වාමියා හෝ බිරිද සමග රණ්ඩු සරුවල් විමට නිතර සිත යෙදේ.
පපුවේ සෙම හා උදරාබාධ, හන්දිපත් වේදනා, ආදිය දකින්නට පුලුවන.

● සිංහ
ශුභදායක සතියකි.
දැවැන්ත වූ දුෂ්කරතා මධ්‍යයේ තමාගේ ආර්ථික තත්වය එක ලෙස ස්ථාවරව පවත්වාගෙන යයි.
එසේම තමාට බලවත් චිත්ත ශක්තිය නිසා ආර්ථිකය වැටෙන්නේ නැත.
ගෘහ ජිවිතයේ කේන්ති යාම නිසා ඇතිවන ගැටළු මිසක් වෙනයම් කරදරයක් නොමැත. වචනය ප්‍රවේසම් කරගන්න.
තම නිවසේ, එදිනෙදා කටයුතු වලදී මවට හා සහෝදරියන්ට දෝෂාරෝපණය කිරිමෙන් වැලකිය යුතුය. ඒ අතරම දන්පින් කටයුතු කිරීමටද සිත් පහල වේ.
සිකුරු නීච විම නිසා සෙම් රෝග, හිසේ කැක්කුම් හන්දිපත් අමාරු ආදියෙන් පරිස්සම් වන්න.

● කන්‍යා
සමඵල දායක සතියකි.
ලග්නයේ ඇති ප්‍රබල පාපි ග්‍රහ බලය මැඩගෙන යම් කිසි දෙයක් කරගැනිමට පුලුවන. ආදායම රැකගෙන, වියදම කලමනාකරණය කරගෙන යහපතක් කරගත හැක. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න.
ගෘහ ජිවිතය බාධක මැඩ යම්කිසි සතුටික්න ගත කිරිමට හැක. අනවශ්‍ය කලබලකාරි තත්වය මගහරවාගෙන කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම්, මානසික ආතතිය, හිසේ කැක්කුම ආදි තත්වයන්ය.

● තුලා
මේ සතිය මධ්‍යස්ථ සතියකි.
ලග්නයට බලපාන පාපි ගතියක් චන්ද්‍රයාගේ ගමනේ හැටියටත් ඔබට යම් යම් වශයෙන් ආර්ථික තත්වයට යම් බලපෑමක් එල්ලවිමට පුලුවන.
ඒවා නිවරදිව කළමනාකරණය කිරිමට ඔබ සතු වගකීමයි.
ගෘහ ජිවිතය අඹුසැමියන් අතර වාද විවාද ඇතිවිමට ඉඩ ඇත. ඒවා කල්පනාවෙන් විසඳාගත යුතුය.
සෞඛ්‍ය ගැටළු නම්, හිසේ අමාරුව, නහරගත හන්දිපත් වේදනා ආදියයි.

● වෘශ්චික
සුබ සතියකි.
ලග්නයේ ඇති රුචක යෝග බලයෙන් ඔබට මේ සතියෙදි උත්සාහයෙන් උනන්දුවෙන් කරන කටයුතු වලින් ආදායම ලැබේ. දේපල වෙලදාම් සහ ව්‍යාපාරික අංශයේ අයට ගොඩ නැගිලි ද්‍රව්‍ය, ඉදිකිරිම් කටයුතු වල නියුතු අයට වාසි ඇතිවේ.
ගෘහ ජිවිතයේ සතුටු සමාදානය ඇති නමුත්, සමහරවිට කේන්තිය පාලනය කර නොගැනිමෙන් ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. බුද්ධිමත් වන්න. ප්‍රේම සබදතා ඇති අය ඒවා රැකගැනිමට මහන්සි විය යුතුය.
සෙම් අමාරු සහ හිසේ කැක්කුම් ප්‍රධානයි.

● ධනු
එතරම් සුබ නොමැත.
චන්ද්‍රයා නීචව වෘශ්චික රාශියේ ඇරඹෙන අපලයකින් ඇරඹෙන මේ සතියෙදි ආදායම් තත්ව පිරිහේ. තමන් ණය වේ. ණය තුරුස් ඇති අය ඒවා ගෙවා ගැනිමට බැරිව ලත වේ. වාහන ෆිනෑන්ස් ඇරියස් විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ දෙදෙනා මනා අවබෝධයකින් කටයුතු කල යුතු වේ. එය වැදගත්ම කාරණාවකි.
සෞඛ්‍ය ගැටළු නම්, නහරගත ගැටගැසීම්, උළුක්කුවීම් සහ මෝටර් සයිකල්, වාහන භාවිත කරන අය ප්‍රවේසමින් පැදවිය යුතුය.

● මකර
මිශ්‍රපලදායකයි.
සතිය පුරාවටම ණයතුරුස් වලින් පෙලිමට ඉඩ ඇත. ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඉවසිමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සම්බන්ධව ගැටළු නැත. අඹු සැමියන් සමග ප්‍රිතියෙන් සිටිය හැක.
දරුවනගේ ජයග්‍රහණ ගැන ප්‍රීතිවිමට හැකිවේ.
සෞඛ්‍ය තත්වය, එතරම් අයහපත් නොවන අතර නිදන්ගත රෝග ඇති පරිස්සම් විය යුතුය.

● කුම්භ
මිශ්‍රපලයි !
සතිය මුලදි ආදායම් තත්වය අයහපත් වේ. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම තත්වය වෙනස් වේ. සතිය අගදී ණය තුරුස් වලින් නිදහස් වීමටද අලුත් ආදායම් ලැබිමටද නියමයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වන අතර, සුළු සුළු අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත. මංගල කටයුතු වලට යම් ආකාරයකට බාධා වීමට පුලුවන. ඒ ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය තත්වය අනුව, යක්ෂ ප්‍රේත උපද්‍රව, ඇස්වහ කටවහ දෝෂ ආදිය ඇතිවිය හැක.

● මීන
යහපත් සතියකි.
ආදායම් තත්ව දියුණු කරගැනිමට සහ නව ආදායම් මාර්ග ඇති කරගැනිමට උත්සහයේ සහ උනන්දුවේ හැටියට පුලුවන. නමුත් සෙනසුරු මහ දසාව සහ බුධ මහ දසා යන අයට දැනට අපලයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිමට කාලයක් උදාවේ. ප්‍රබල බාධක නොමැත.
සෞඛ්‍ය ගැටළු නැත. නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

No comments:

Post a Comment