Friday, September 26, 2014

කේන්දරය අනුව, “ ධන යෝග “

* ලග්නය කුමක් වුවත්, ලග්නය අධිපති ග්‍රහයා ශුභ ස්ථානයක සිටිය යුතුයි.
ලග්නාධිපතියා 1 වැන්නේ, 9 වැන්නේ හෝ 10 වැන්නේ බලවත් වීම වැදගත් වේ.
එසේ නැතිනම් ලග්නාධිපතියා 2 වැන්නේ බලවත් වීමද ආර්ථික පැත්ත ඉහලට ගැනීමට ප්‍රධාන හේතුවකි.

* ධනය සම්බන්ධව ජෝතිෂ්‍යෙයදි මූලිකම වෙන ස්ථාන වන්නේ,
1, 2, 5, 9, 10, 11 වැන්න.

ලග්නාධිපතියා 10 වැන්නේ බලවත් උනොත් ඒ අය උසස් පෙලේ රැකියා කරනවා(විධායක ශ්‍රේණියේ රැකියා, ඉහල වැටුප් ඇති රැකියා).
උදා, ලග්නාධිපතියා ශුභ ග්‍රහයෙකු වී රාහුගේ දෘෂ්ඨි ලැබුවොත්, අධි සංවර්ධිත රටක ඉහල වැටුප් ඇති රැකියාවක් කල හැක.

* ලග්නාධිපතියා 2 වැන්නේ නම්,
ඒ පුද්ගලයා කුඩා කාලයේ සිටම මුදල් හම්බ කරන්න හරි දක්ෂයි.

* ලග්නාධිපතියා 4 වැන්නේ බලවත් වීමත් වටිනවා.
4 වැන්නට දිග් බල සඳු-සිකුරු ග්‍රහයන් 4 වැන්නේ බලවත් නම් ඒ අය දියුණු වෙන්නේ ප්‍රවේණියෙන්/උරුමහරුමකම් වලින්.
(සමහර වෙලාවට අපි දකිනවා පුද්ගලයන් ඉන්නවා විශේෂ දක්ෂතාවයක් හැකියාවක් නෑ, නමුත් එයාලට පරම්පරාවෙන් දේවල් ලැබෙනවා)

* යම් කෙනෙකුගේ කේන්දර සටහනේ රාහු 5 වැන්නේ නම්,
එම කෙනෙක්ට හදිසි ධනලාභ වාසනා තිබෙනවා. බොහෝදුරට මෙහෙම අයට ලොතරැයි වාසනා ඇදෙන්නට ඉඩ තියෙනවා. ඒ වාසනාව දීලා තියෙන්නෙ රාහු.

* රාහුට ශුභ දෘෂ්ඨි වැටීම වැදගත් වන්නේ ඒකයි.

* කේතු ග්‍රහයා 5 වැන්නේ නම් රාහු ස්වයංක්‍රීයව 11 වැන්නේය.
එතකොට කේතු 5 වැන්නේ අය හොඳට ඉගෙන ගන්නවා.

* ඊලග දේ තමයි 5 වැන්නේ ගුරු-කේතු බලවත් නම් පැහැදිලි හොඳ අධ්‍යාපනයක් ලබනවා. තරඟ විභාග වලින් දිනලා ඉහලට ගිහින් සුපිරි ගණයේ රැකියාවක් ලැබෙනවා.

* ඒවගේම යමෙකුගේ 7 වැන්නේ බලවත් බවද වැදගත්ය.
ලග්නාධිපතියා ශුභයෙක් වී (සිකුරු, ගුරු, බුධ, පුරසඳු), 7 වැන්න අධිපතියාට ශුභ දෘෂ්ඨි හෙලයි නම්, ශුභ තැනක සිටී නම් එවන් අය දියුණු වන්නේ විවාහයෙන් පසුය.
එනම් දෑවෑද්ද මගින් හෝ සහකරු/සහකාරියගේ වාසනාවන්ත ආකර්ෂණ කිරණ නිසා.

* 9 වැන්න බලවත් නම්, පෙර පිං බලය තියෙනවා. ඒ අයට ධනය ලැබෙන්නේ, වැඩිහිටියෙක්ගෙ යම්කිසි උරුමහරුමකින්.

* 11 වැන්න බලවත් වෙනව කියන්නෙ, ශුභ ග්‍රහයන් ඉන්නවා කියන්නෙ කොච්චර සල්ලි නාස්ති කරත්, උල්පත වගේ සල්ලි එනව.

* 8 වැන්න වැඩිපුර කතා කරන්න අකමැති තැනක්නෙ.
8 වැන්නෙත් ධන යෝග යෙදෙනවා.
එනම් උරුමහරුමකම් ගැන කීමයි.
ලග්නාධිපතියා ශුභ දෘෂ්ඨි එක්ක බලවත්ව සිටියදී, 8 වැන්න අධිපතියා ශුභ දෘෂ්ඨි සමග 8 වැන්නේම තැන්පත් නම්,
ඒ පුද්ගලයාට හදිසියේ ලැබෙන මහා ධනස්කන්ධ ලැබෙන්න ඉඩ තිබෙනවා.

‪#‎ඉරුසේවය‬ - පොදු කරුණු

Iru Astrology


භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).

නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment