Thursday, September 4, 2014

++ දේශ දේශාන්තරයන්හි සිදුවන අනතුරු කේන්දරයෙන් පෙනෙන හැටි ++

මුහුණු පොතේ අපගේ විශාල සහෘදයින් ලොව විවිධ රටවල් වල සේවය කරනු ලබයි. එම රටවල් වලදී වන අනතුරු නිසා අපගේ දයාබර සහෘදයන්ට එයින් යම්කිසි ආරක්ෂාවක් ගෙනදීමට මේ ලිපිය වැදගත් ලිපියක් වනු ඇතැයි සිතමු.

විශේෂයෙන්ම පසුගිය කාල වකවානු වලදී විදේශයන්හිදී වන අනතුරු සම්බන්ධව අප පුවත්පත් වලින් සහ අන්තර්ජාලයෙන් අනන්තව දැක ඇත්තෙමු. මෙවන් තත්ව ඇතිවන්නේ, කුමන ග්‍රහමය පදනමක් නිසාද ? 
අප ඒ ගැන පර්යේෂණාත්මකව මේ ලිපිය පල කරන්නෙමු.

* යම් පුද්ගලයෙකුගේ හඳහනේ 3, 9 හා 12 වැන්නට අවදානය යොමු කල යුතුය.
කේන්දරයේ 3 වැන්නෙන් කෙටි ගමන්ද 9 වැන්නෙන් දුරු ගමන්ද 12 වැන්නෙන් විදේශ ගමන් පෙන්නුම් කරනු ලබයි.

* නමුත් රාහු 9 සිටියදී විදේශ ගමන් තීව්ර කරන බව අප අත්දැක ඇත.

* ජන්මියෙකුගේ 4 වැන්නෙන් තමන්ගේ උපන් භූමිය පෙන්නුම් කරයි. යම්කිසි ජන්මියෙකුගේ 4 වැන්න පීඩාවීම උපන් දේශය තුල ජීවත්වීමේ අයිතිය අහිමි කරයි.
මෙයින් මනාව ගම්‍ය වන්නේ දියුණු වීමද තම උපන් පලාතේ සිට අපහසු බවයි.
මේ අයට විදේශ ගතවීම ඉතාම සුභයි.

* යමෙකුගේ 8 වැන්නට වඩා 9 වැන්න බලවත් නම් ඔහුට විදෙස් රටකදී සුඛෝපභෝගි ජිවිතයක් ගතකල හැක.

යමෙකුගේ ලග්නයේ අධිපතියා සිටින රාශියේ 12 වැන්නාධිපතියා කේන්දරස්ථානයක( හෝ ත්‍රිකෝණයක බලවත් වීම(5, 9) ඉතාම පොහොසත් එනම් ටොප් ක්ලාස් රටකට යෑමට වාසනාව ඇතිවන හේතුවකි.
එනම් ජපානය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, යුරෝපා රටවල් හා ඕස්ට්‍රේලියාව වැනි රටවල්ය.

මේ ලිපියේ 2වන කොටස, අනතුරු ගැන සදහන් කොටස ලගදීම..

No comments:

Post a Comment