Monday, September 22, 2014

සතියේ ලග්න පලාපලය (සැප්. 22 සිට)

● මේෂ
මේ සතිය වාසනාවන්තයි.
සිතුම් පැතුම් ඉටුවන ආර්ථික තත්වය යහපත් වන සතියකි.
පසුගිය සතියේ මෙන්ම ධනධාන්‍ය තත්වයට බාධාවක් වන්නෙ නැත. සතිය අගදී යම් යම් අවහිරතා ධනය පැත්තෙන් ඇති වුවත් ඒවා පාලනයට ඔබට හැකියාව ලැබේ. වැඩිය කලබල විය යුතු නැත.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත්දේද මිලදී ගැනීමට පුලුවන්. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ ඇතිවිමට හේතුයි.

● වෘෂභ
ඉතාම ශුභයි.
ආර්ථිකය යහපත් වේ. තමාගේ උනන්දුවෙන් උත්සාහයෙන් මුදල් හරිහම්බ කිරීමට පුලුවන්. එසේම තමාගේ ගෘහ ජිවිතය ආශ්‍රිතවම ඒ අයගේ සහයෝගයෙන් ආශිර්වාදයෙන් මුදල්, ධනෝපායන මාර්ග පෑදේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන්නෙ ආර්ථිකයත් ශක්තිමත් වන නිසාය. එසේම තමාගේ උත්සාහය සහ භූමියෙන් ලැබෙන වාසනාව හේතු කරගෙන, ගොවිතැන් වැඩ, පොලව ආශ්‍රිත කර්මාන්ත කරන අයටත් හොඳයි.
උදරාබාධ සහ ස්නායු රෝග වාත අමාරු කෝන්දේ කැක්කුම් ඇතිවිමට හේතුවේ.

● මිථුන
ඉතාම ශුභ සතියකි.
ධන ධාන්‍ය පැත්තෙන් බොහෝසෙයින්ම වාසනාව ලැබේ. එසේම ආර්ථික තත්වය දියුණු වේ. උත්සහයෙන් උනන්දුවෙන් කරන කටයුතු සඵල වේ. එසේම කෙටි ගමන්, දුර ගමන් 2න්ම ආර්ථික තත්වය යහපත් කරගැනිමට හැකිය.
සමස්තයක් වශයෙන් ඉතාම වාසනාවන්ත සතියකි.
තරඟකාරි සමාජයේ ඔබ ඉස්මතුව පෙනේ. එසේම සහෝදර සහෝදරියන් මෙන්ම ඥාතින් සමග සහජීවනයෙන් ආශ්‍රය ඇතිවිමට හේතුයි. නිවසෙන් පිට සිටියත් නිවසේ අය සමග වචනයෙන් හදවතින් ලගින් සිටිමට ඔබට පුලුවන්.
6 වැන්න ආශ්‍රිතව කුජගේ පිහිටිම නිසා මුත්‍රා ආබාධ, යටි බඩේ වේදනාව, ආහාර අජීර්ණ දෝෂ ඇතිවිමට හේතුයි. පාදවල දැවිල්ලක්ද සමහරවිට ඒමට පුලුවන්.

● කටක
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමට වාසනාව ලැබේ. තමාගේ වචනයේ ඇති මුදුසුමුදු බව නිසා තමන්ට ආදායම් මාර්ග ඉබේම පහල වේ. බොහෝසෙයින්ම සුබයි. ව්‍යාපාරික කටයුතු වල නියුතු අයටත් සංචාරක ක්ෂෙත්‍රයේ සිටින අයටත් විදෙස්ගත අයටත් මේ කාලය ඉතාම ශුභයි.
ගෘහ ජිවිතය තරමක ව්‍යාකූල තත්වයකට පත්විමට ඉඩ ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ඔබගේ ඇති කාර්යබහුලකම නිසාය. ඒනිසා මා දෙන උපදේශය කෙතරම් කාර්යබහුල වුවත් නිවස හා සම්බන්ධීකරණයෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වය ගැන සම්බන්දව විශේෂ දෙයක් නැති වුවත් සෙම් රෝග වලින් පරිස්සම් විම මැනවි.

● සිංහ
බොහෝසෙයින්ම ශුභදායක සතියකි.
කලබලකාරි බවක් සතිය මුළුල්ලේ පැවතියත් ඔබට ආර්ථිකය යහපත් කරගැනිමට වාසනාව ලැබේ. එසේම භූමිලාභ, උත්සාහයෙන් උන්නදුවෙන් කරන කටයුතු වලින් ධනෝපායන මාර්ග පෑදේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවේ. නිවසේ අය සමග ප්‍රීති උත්සව වලට යාමට සිත්වේ. එසේම යාන වාහන මිලදී ගැනීමට මේ කාලයේ ඉතාම බලවත් ග්‍රහ යෝගයක් යෙදී ඇත. එසේ නොමැති නම් නිවසට අලුත් බඩුමුට්ටුවක් මිලදී ගැනීමටද කාලයයි.
විශේෂ දෙයක් නැතත්, සෙම් කෝපවීමේ රෝග, එසේම යම් යම් පපුවේ දැවිල්ලේ රෝග ඇතිවිමට හේතුයි.

● කන්‍යා
පෙර මෙන්ම කන්‍යා ලග්නයට එතරම් සුභදායක නොවන බව පෙනේ.
කලබලකාරි බව සහ නොසන්සුන් භාවය නිසා බොහෝ කටයුතු අතපසු කරගැනිමේ අවදානමක් පවතී. එසේම කලබලකාරිත්වය ඔබගේ ප්‍රධාන සතුරාය. එය නැති කරගතහොත් සිහි බුද්ධියෙන් කටයුතු කරගත්තොත් ඔබගේ ධනෝපායන මාර්ග පමණක් නොව ඔබගේ සියලුම කාරණා ඉෂ්ඨ සිද්ධ වනු ඇත.
ගෘහ ජිවිතයටද කිසියම් ආකාරයක බලපෑමක් පවතී. අඹුසැමියන් අතර යම් අසමගිකමක් බලපෑමට ඉඩ ඇත. මන්ද පවතින්නාවූ ග්‍රහචාරය අඹුසැමි සබදතාවලට පවා දැවැන්ත වූ පහරකි. ඒ ගැන සැලකිලිමත් විය යුතුය.
සෞඛ්‍ය තත්වය, හිසරදය, මානසික ආතතිය ආදි ගැටළුය.

● තුලා
ඇත්තටම මෙලෝ රහක් නැති සතියකි.
ග්‍රහචාරය බැලූවිට එය මනාව පැහැදිලිය. බුධ-ශනි යෝගය නිසා දැවැන්ත වූ මානසික පසුබෑමක් ඇතිවේ. ලග්නය පාපකර්ති වීම නිසා කරන සියලුම කටයුතු අවුල්වීමට ඉඩ ඇත. කන්‍යා ලග්නයට දෙන අවවාදය මෙන්ම තුලාවටද දෙන අවවාදය සලකන්න.
ආර්ථික තත්වය යහපත් වීමට මනස නිරවුල්වීම ඉතා වැදගත්ය. තමාගේ කට හා වැඩ නිසා බොහෝ ආදායම් මාර්ග අහිමි විය හැක.
ගෘහ ජිවිතයද ඉතාම සිහිබුද්ධියෙන් ගත කල යුතුය, සුළු සුළු දේවල් නිසා මහාපරිමාණ හිත් අමනාපකම් ඇතිවිමට හේතුයි. මුදල් ලැබුනත් ඒවා වියදම් කිරීමේදි 2වරක් කල්පනා කරන්න. බොහෝ සෙයින්ම මේ කාලයෙදි ආගම දහමට නැඹුරුවී ඉවසීමෙන් සංයමයෙන් සිටිම ඔබට වාසිදායක වනවා ඇත.
සෞඛ්‍ය තත්වය යහපත් නොවේ. හිසේ කැක්කුම, කල්පවතින රෝග ඇති අය පරිස්සම් වීම මැනවි.
යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ බිය ඇතිවිමට ඉඩ තිබේ. රාත්‍රි කාලයේ පිට ඉන්නා අය පරිස්සම් වීම හොදයි.

● වෘශ්චික
බැලූ බැල්මටම හොද සතියකි.
ලග්නාධිපතියා රුචක යෝගයෙන් ලග්නයේ සිටින මේ සතිය, උත්සහය උනන්දුව අනුව දියුණුවට පාර පෙන්වයි. ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර පාන, හෝටල් ග්‍රොසරි, විදෙස් රැකියා කරන සියලුම දෙනාගේ ආදායම තත්වය දියුණු වේ. ලොකු ගැටළු නැත.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගත වේ. වැඩිහිටියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමිවන අතර දුවා දරුවන් සමග ප්‍රීතියෙන් කාලය ගත කරයි. වැඩිහිටි අයට වන්දනා ගමන් යෙදේ. තරුණ අයගේ මංගල යෝග ස්ථිර වනවා ඇත. සතුටින් සිටිමට පුලුවන් වාසනාවන්ත සතියකි.
ප්‍රබල දෝෂ නැත. හිසේ කැක්කුම, ලේ විෂවීම්, ආහාර අපත්‍ය වීම් ගැන විමසිල්ලෙන් සිටින්න.

● ධනු
මේ සතිය තරමක ශුභයි.
ආර්ථික තත්වය දියුණු කරගැනිමට ඔබගේ මහන්සියෙන් පුලුවන්. එසේම යම් යම් ක්ෂෙත්‍ර වල වැඩ කරන අයට කාර්යබහුල වුවත් ඒ හා සමාන ප්‍රතිලාභ හිමිවේ. මේ කාලයෙදි ඇප හා පොරොන්දු ගිවිසුම් වලට අත්සන් කිරීමෙන් වලකින්න, එයින් ඔබට යම්කිසි පශ්චාත් උපද්‍රව ඇතිවිමට පුලුවන.
ප්‍රීතිමත්ව ගෘහ ජිවිතය ගත කරගැනිමට පුලුවන්. සමහරවිට දුවාදරුවන් සමග යම් යම් පලාත් වල සංචාරයට වාසනාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● මකර
ඔබට මේ සතියේ මුල් කොටස අශුභයි.
ආර්ථික තත්වයේ යම් බිඳ වැටීම් සතිය මුලදි අපේක්ෂා කල හැක. කරන කියන කටයුතු පාඩුවේ. හවුලේ කරන වෙළදාම් කටයුතු අඩපණ වේ. හොඳහිත පළුදුවීමට ඉඩ ඇත. නමුත් සතිය අගදී ක්‍රමානුකූලව ඒ තත්ව වල වෙනස්කම් ඇතිවේ.
ගෘහ ජිවිතය තරමක අවුල්කාරි වන්නේ සතිය මුලයි. පසුව ඉතාම යහපත් වේ. ඔබගේ වැඩකටයුතු දියුණු කරගැනිමට එය මහත් පිටුවහලකි. සතිය අගදී ඔබටද ප්‍රීති උත්සව වලට සහභාගිවිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ නිදන්ගත රෝග පාලනය ගැන අවදානය යොමු කරන්න.

● කුම්භ
මේ සතිය ඔබට හොඳයි.
සතියේ මුල් කොටසෙදි ඉතාම ශුභ පල ඇතිවේ. හවුලේ කරන කටයුතු වලටද සුබයි. ආනයන අපනයන වෙලදාම් සහ සියලුම රැකියා කරන කටයුතු අයට සුබයි. මුදල් ලැබෙන්නෙ තමන්ගෙ වාසනාවටය.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වේ. අඹුසැමි ප්‍රේමය ලියලයි. මංගල යෝග ඇතිවන සතියයි, ප්‍රේම බන්ධන තහවුරු වේ. සතිය අගදී යම් යම් මානසික කඩාවැටිම් ඇති බැවින් දැන්ම ඒවා පාලනයෙන් යුක්තව සිටිම මැනවි.
සෞඛ්‍ය තත්වය උෂ්ණාධික රෝග, නහරගත වේදනා සහ නිදන්ගත රෝග මේ ආදියෙන් පරිස්සම් වීම යහපත්ය.

● මීන
මේ සතිය එතරම් යහපත් යැයි කිව නොහැක.
ආදායම් තත්ව වලට දැවැන්ත පහරක් වදී. එසේම ග්‍රහ ගෝචරය අනුව, සතුරු කරදර නිසා ආදායම් මාර්ග අවහිරවීමට පුලුවන්. විශේෂයෙන්ම මේ සතියෙදි කාන්තාවන් නිසා මුදල් හානි විමට හේතුයි.
ගෘහ ජිවිතය සාමාන්‍යයි. සතිය මුළුල්ලේම යම් යම් මානසික බිඳ වැටිම් ඇතිවිමට හේතුයි. සතිය අගදී අඹුසැමියන් අතර යම් යම් වචන හුවමාරු නිසා සිත් රිදවීම් වලට ගොදුරුවිමට ඉඩ ඇත. ඒ ගැන අවධානය යොමු කිරිම හොදයි.
සෞඛ්‍ය තත්වය දෙස බැලිමෙදි, නිදන්ගත රෝග ඇති අයත් උෂ්ණාධික රෝග ඇති අයත් පරිස්සම් වන්න.
මීන ලග්න කුඩා දරුවන් වැව්, පොකුණු, තටාක ආශ්‍රිතව සිටිම අනතුරු බව පෙන්වා දෙමි.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

No comments:

Post a Comment