Monday, September 8, 2014

සතියේ ලග්න පලාපලය (8 සිට)


● මේෂ
ඔබට සුභ සතියකි.
11 වැන්නේ සඳු සිටින විට සතිය ආරම්භවන ඔබට ආර්ථික තත්වය යහපත් වන තත්වයක් පෙන්වයි. වෙලද ව්‍යාපාර වලින් සහ නිකන්ම ඉදගෙන වගේ මුදල් හම්බ කරන සමහරුන්ට මෙම සතිය ඉතාම ශුභය. තවද ඔබට වැඩිමහල් සහෝදරයෙක්ගෙන්, සහෝදරියකගෙන් උදව් උපකාර ආර්ථික වශයෙන් ලැබේ.
ගෘහ ජීවිතය ඉතාම වාසනාවන්තව ගතවනු ඇත. සමහරවිට පවුලේ අය සිට දුරබැහැර චාරිකා යාමට හැක. එමෙන්ම උත්සව අවස්ථා වලටද යෑමට හැක. විවාහ වන මේෂ ලග්න අයට එනම්, ස්ත්‍රි-පුරුෂ දෙපක්ෂයටම කම්සැප විඳීමේ බලගතු යෝගයක් පිහිටයි. එමනිසා විවාහ වී ඉක්මණින්ම දරු සම්පත් ලැබීමටද ඉඩ ඇත. 
විශේෂයෙන්ම ලේ ධාතුව කෝප වන දේද, උදරාබාධද මතුවිට ඉඩ ඇත. අඟහරු/කුජ මහ දසාව යන අයද, බුද හා රාහු මහ දසා ගත කරන අයද යම් යම් රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

● වෘෂභ
ඔබට මෙම සතිය ශුභයි. 
එය මනාව පැහැදිලි වේ. මන්ද චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචරයත් අනෙකුත් ග්‍රහ බලත් සැලකීමේදි ඔබගේ බඹරය වැල්ලේ වුවද කැරකෙනු ඇත. ඔබගේ උත්සාහය අනුව ආර්ථිකය සරු කරගැනීමේ හැකියාව ඇත. රැකියා කරන අයට, ජලය ආශ්‍රිත අයට, කෑම බීම ආශ්‍රිත වෙලදාම් කරන අයට ඉතාම ශුභයි. 
ගෘහ ජිවිතයේ සියලුම දෑ ඉතාම තෘප්තිමත්ව ගත කිරීමට පුලුවන්. අඹුසැමි ප්‍රේමය දළුලයි. දරුවන් සමග විනෝද වීමට පුලුවන්. කාමාශාව ප්‍රබල වේ. ඔබ ගැන හොඳ නම හෝ ජනප්‍රිය වීම නියමයි.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ, මුත්‍රා දැවිල්ල ආදියයි.

● මිථුන
පෙර කී මෙන්ම ශුභයි. 
බලගතු ධනයෝගය, පංච පුරුෂ භද්‍රා යෝගය ගත වන මේ සතිය, සල්ලි උඩ පිනුම් ගැසීම පුලුවන. ඒ ගුරු, සිකුරු මහ දසා ගත කරන අයටය. ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැත, උත්සහවන්තව හිතේ සතුටින් සියලු කටයුතු අරඹන්න. ඔබට ඒ හැකියාව තිබෙනවා. නව ආදායම් මාර්ග සකසවා ගැනිමට පෙර වාසනාව මතුවේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත කිරිමට වාසනාව තිබේ. ගෙදර දොරට අලුත් බඩු මුට්ටුද දරුවන්ට බිරිඳට ස්වාමියාට යම් යම් දේ තෑගි දීමට, දරුවන්ට යම් යම් දේ අරන් දීමට වාසනාව ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. පෙම් සබදතා ඇති අයගේ ප්‍රේම බන්ධන ස්ථිර වේ. අධ්‍යාපන ලබන අය ටිකක් උත්සහවන්ත වන්න. සෙල්ලම විනෝදය වැඩි නිසා ඒ අංශය යම්කිසි විදියකින් අතපසුවීමට පුලුවන්. 
උදරාබාධ, ශල්‍යකර්ම වලට භාජනය වූ අය ඒ සම්බන්ධව නිසි ලෙස තුවාල පරිස්සම් කරගන්න.

● කටක
ඔබට සතිය මුල නම් ඒ තරම්ම ශුභ නැත.
ඒ ඇයි දන්නවද, ලග්නාධිපති සඳු මාරකස්ථානයේ ඉන්න නිසා. සතිය අවසානය වන විට මෙයා භාග්‍ය ස්ථානයට ගියාට පස්සේ ආදායම, වාසනාව ලැබෙනවා. එතකල් ඉවසන්න වෙනව.
ගෘහ ජිවිතය සතිය මුලදී ගෙදර දොරේ දේවල් වලට ණය තුරුස් වෙන්න පුලුවන්. මේ පීඩාවත් නැති වෙන්නේ සතිය අග වෙනකොටයි. 
සෞඛ්‍ය තත්වය, සෙම් අමාරු, ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් වන්න, ඒතරම් ඒවා කරදර වෙන්නෙ නෑ නමුත් පරිස්සම හොදයි.

● සිංහ
ඔබට නම් මේ සතිය ඉතාම ශුභ සතියකි.හැමෝටම ප්‍රිය මනාපව, හැමෝගෙන්ම උදව් උපකාර ලබාගෙන ජනප්‍රියව සිටින්නට හැක. ඒනිසා ආදායම් ගලන්නේ නිරායාසයෙනි. ඒවගේම බොහෝ දෙනා තමුන්ව විශ්වාස කරයි. තමන්ගෙන් උදව් බලාපොරොත්තු වන අයට ඉතාම යහපත්ව ඒ සේවය ලබාදී ඔවුන්ගෙන් තුටු පඩුරු ලබාගැනීමට හැකියාව ඇත. සුපිරිම සුපිරිය මේ සතිය. 
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. ඒවගේම මේ කාලයෙදි කාමාශාව බලවත් වීම නිසා යම් යම් අපහසුතා ඇතිවේ. විවාහක අයටද ස්වාමි භාර්යා සම්බන්ධය ඉතාම බලවත්ව උවමනා වේ. එයද එක්තරා කාරණාවකි. නමුත් ප්‍රීතිමත්ව සිටී. ඔබට ප්‍රශ්නයකට සිටින්නේ ඔබගේ වචනය පාලනය කරගැනීමයි. වචනයට අධිපති බුධත් කේන්තිකාර රාහුත් එකට සංයෝගව 2වැන්නේ සිටිම ඔබගේ වචනය වේගවත් කිරිමට ඉඩ ඇත.
සෙම් අමාරු, එමෙන්ම යම් යම්, අවස්ථා වලදී බඩේ දැවිල්ල ආදිය ඇතිවේ. සැප වැඩිවීම නිසා නිදන්ගත රෝග ඉස්මතු විමට හේතුවේ.

● කන්‍යා
ඒ තරම්ම සුභයි කියා කිව නොහැක.
කන්‍යා ලග්න කරුවන් මේ කාලයේ පිස්සන් මෙන් සිටි. නිවරදි තීන්දු තීරණ නොගනී. ආර්ථිකය හකුළුවා ගනී. සමහරවිට බීමට ඇබ්බැහි විය හැක. ඔබටත් කන්‍යාෙව් නම් මේ කාලයේ බුද්ධියෙන් කටයුතු කරන්න. ග්‍රහචාරය දැක්කමම බය හිතෙනවා ඇත්තමයි. 
ගෘහ ජිවිතයද එතරම් හොදයි කියල කියන්න බැහැ. අඹු සැමියන් නිතරම රණ්ඩු සරුවල් වෙන්න පුලුවන්. ගෙදර අයත් එක්ක කිසිම සමගියක් නැති වෙන්න පුලුවන්. ඉවසන්න.
බීමට ඇබ්බැහි වෙලා ඒ අය හැදෙන්න පුලුවන්, මානසික රෝග ඇති අයගේ ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්. සිහි කල්පනාවේ අඩුකම කේන්ති යාම, ඕව තමයි ප්‍රශ්න.

● තුලා 
සෑහෙන කාලයක් බලපාපු යම් යම් ග්‍රහ අපල දැන් දැන් අඩු වෙනව වගේ පේනවා. දැන් අර ඉස්සර තිබ්බ වගේ නරක නෑ. ඒවගේම මේ සතිය උදව් උපකාර ලැබෙන, වැඩිහිටියන්ගෙන් යාළුවන්ගෙන් උදව් උපකාර ලබල දියුණු වෙන්න පුලුවන්. රැකියාවේ දියුනුව වෙන්න පුලුවන්.
ගෘහ ජීවිතය කිව්ව වගේ වාසනාවන්තයි. ගෙදර දොරට ඥාති හිතමිතුරන්ගේ පැමිණිම අපේක්ෂා කරන්න පුලුවන්. ඒවගේම ගෙදර දොරට අලුත් බඩු මුට්ටු ලැබෙන්න හේතුයි.
හිසේ කැක්කුම, දන්තාබාධ, පාද වල යම් යම් වේදනාකාරි තත්ව ඇතිවෙන්න පුලුවනි.

● වෘශ්චික
ධෛර්යමත් සතියකි. 
ඔබට අතට පයට හිතට ශක්තිය ලැබෙන සතියකි. රජ වෙනව වගේ තමයි. 10 වැන්නේ රාජ යෝගයක් එක්ක රවි - සිකුරුද, ලග්නයේ රුචක යෝගයද ඔබගේ තත්වය ආරක්ෂා කරනව. ආදායම ගැන කතා කරල වැඩක් නෑ, නිකන්ම ආර්ථකය හොද වෙනව. රැකියා ස්ථානයෙදි විරුද්ධ ලිංගිකයන් රිසිසේ ආශ්‍රය කිරිමේ භාග්‍ය ලැබෙනවා. රැකියාව උසස් වෙනවා.
ප්‍රිතිමත්ව ජිවත් වෙතෑකි.
මවගෙන් පියාගෙන් ඥාතින්ගෙන් උරුමහරුමකම් ලැබෙනව. සමහරවිට මලගිය ඥාතින්ගේ උරුමහරුමකම්ද තමන්ට ලැබෙන්න පුලුවනි. 
උදරාබාධ, හිසේ කැක්කුම්, යම් යම් ලෙඩ තත්ව තිබෙන අය පරිස්සම් වන්න.

● ධනු
ඔබට ශුභාශුභ මිශ්‍රපලයි.
ඔබ ගණිත මිණිත අංශය, ව්‍යාපාරික ක්ෂෙත්‍රය, උපදේශක වෘත්තියක සිටී නම් ඔබට ගොඩක් හොදයි. බුධ බලවත්ව ඔබට එක එක කොමිස් ආදායම් ලැබෙන්න පුලුවනි. එවගෙම නිකන් හිටියත් මොනව මොනවමහරි සල්ලි ලැබෙන්න පුලුවනි.
ඉතාම වාසනාවන්තව ගත වෙනව. තමන්ගෙ පියා මේ දවස් වල ඉතාම සෙල්ලමෙන් විනෝදයෙන් ඉන්න පුලුවන්. ඒ අයගෙත් ආදරය ලැබිලා උරුමහරුමකම් ලැබෙන්න පුලුවන්. අම්මත් ආදරය වෙනව ගොඩක්. ගෙදර හැමෝම සාමාජිකයන් එක්ක සතුටින් බොහොම හොදින් ඉන්න පුලුවන් කාලයක්.
සැප වැඩිවීම නිසා ඇතිවන රෝග, සෙම් රෝග ආදිය ඇතිවෙන්න පුලුවනි. 

● මකර
ඔබට සාමාන්‍ය සතියකි. 
ඔබට උනන්දුවෙන් කටයුතු කරගතහොත් ඔබට යම් දෙයක් කරගන්නට පුලුවන්. ආර්ථික තත්වය දියුණු කරගන්න පුලුවන්. 
මොකද ලැබෙන ආදායම ඉතුරු කරගැනීමට යම්කිසි අපහසුතාවක් තත්කාල ග්‍රහචාරයෙන් පෙන්වනවා. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනව. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වෙනව. දරුවන් එක්ක ගත කරන්නෙ හොද කාලයක්. විදේශ රටවල ඉන්න අයටත් හොදයි. විදෙස් රටවල යන්න ඉන්න අයටත් යන්න ලැබෙනවා. මංගල යෝජනා ස්ථිර වෙන්න පුලුවන්. 
සෙම් අමාරු, හිසේ කැක්කුම් සහ ස්නායු රෝග වලට පොඩි පොඩි සම්බන්ධ තියෙන අය පරිස්සම් වන්න. තරුණ වයසේ මකර ලග්න විශේෂයෙන්ම පිරිමි දරුවන්, මෝහිනී බැල්ම වැටේ. ඇත්තටම මෝහිනී බැල්ම කියන්නේ සිහිනෙන් ධාතු පිටවීම. ඒ ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් හිටියොත් හොදයි ඒ ගැන පරිස්සම් වන්න. යෞවනියන්ටද කළු කුමාර දෝෂ ඇතිවන්නට පුලුවන්, ඒ වලින් ආරක්ෂා වන්න.

● කුම්භ
ඉතාම වාසනාවන්ත කාලයක් ගොඩක් කාලයකට පස්සේ.
මේ සතියේ ඔබ හරි ප්‍රීතිමත්ව සිටිනව. ආදායම් මාර්ග ලැබෙනවා. හවුලේ කරන ව්‍යාපාර සාර්ථක වෙනව. ඒවගේම ගොවිතැන් වැඩ, ගොඩනැගිලි ඉදිකිරීම් හාඩ් වෙයාර් කරන අය දියුණු වෙනව. උරුමහරුමකම් ලැබෙනවා. 
ගෘහ ජීවිතය නම් ඉතාම ප්‍රීතිමත්. දෙදෙනා අතර අඹුසැමි සම්බන්ධය නිසා, ලොකු ආශ්වාදයක් ලැබෙනවා. ලිංගික ශක්තිය වර්ධනය වෙනව. ඒවගේම හරියට ගෙදරම මගුල් ගෙයක් වගේ තියේවි. කලාතුරකින් මේ තත්වය ආවේ, ඉතින් හොදින් ඉන්න.
සෞඛ්‍ය තත්වය, ඔය කේන්ති ගැනීම නිසා හතිය, මහන්සිය, ප්‍රෙෂර් වැඩිවීම හිතන්න පුලුවනි. ඉවසීම ප්‍රගුණ කරන්න.

● මීන
එතරම් ශුභයි කියල කියන්න බෑ.
නිස්කාරණයේ මුදල් වියදම් වෙනව. ගුරු හින්දා පොඩ්ඩක් ෂේප්. ගුරු හින්දම යහපත වෙනව. උත්සාහයෙන් වැඩ කරන්න. ආදායම විවිධාකාර විදියට ලැබෙන්න පුලුවන්. විදෙස්ගතව සිටින මීන ලග්න කරුවන්ට හොදයි. 
ගෘහ ජිවිතය හොදයි. දරුවන්ගේ දියුණුව දැකල සතුටු වෙන්න පුලුවන්. නැන්දල මාමලට ඒවගේම හොදයි. ඒ රවි සිකුරු යෝගය නිසා. 
දරුවන් සමග විවිධ ස්ථාන වලට යන්න වාසනාව ලැබෙනව(චාරිකා ආදිය), නමුත් නිවාඩුව ඉවරයිනෙ. 
සිහිනෙන් ධාතු පහවීම, ගෑණු දරුවන්ට මාස් ශුද්ධිය දවස් ගානක් තිබීම වගේම, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඕව තමයි විශේෂ.

#ඉරුසේවය
Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment