Thursday, September 25, 2014

“ වාසනාවන්ත දියණියකගේ හඳහන “

2002 වසරේ දෙසැම්බර් මාසයේ බුධ දිනක කැනේඩියානු දේශයේ ඔටාවා නගරයෙදි ශ්‍රී ලාංකික දෙමාපියන් යුවලකට බිහිවුනු වාසනාවන්ත දරුවෙකුගේ හඳහනයි මේ.

ප්‍රථමයෙන් අප කිව යුතු කාරණාවක් නම්, මෙම දියණියගේ මව සහ පියා බොහෝමත්ම ආගම දහමට සමීපව කටයුතු කරන නිහතමානි ගතිගුණ වලින් හෙබී ගුණ යහපත් දෙමාපියන්වීම අපට සතුටක්ය.
එවැනි දෙමාපියන්ට ලැබෙන්නේද මෙවන් වාසනාවන්ත දරුවන්ය.

මෙම කේන්දරය ගැන විමසා බැලීමේදී ලග්න 12න් ප්‍රබලම ලග්නයක් වන කටක ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත.
එසේම ග්‍රහ - බලද ඊට සමානුරූපිව පිහිටා ඇත.
මෙම කේන්දරය දෙස බලන්න.

● කටක ලග්නයේ ලග්නභාවයෙ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා උච්චව සිටී.
● එසේම ලග්නාධිපති සඳු/චන්ද්‍රයා 2 වැන්න වන සිංහ රාශියේ බලවත්ව සිටී.
● ලග්නයට යෝගකාරක අඟහරු/කුජ 4 වැන්නේ බලවත්ව ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින සිකුරු සමග සංයෝගව සිටී.
● කේතු ග්‍රහයා උච්චව 5 වැන්නේ සිටී.
● උපචය ස්ථානයක් වූ 6 වැන්න වූ ධනු රාශියේ රවි ග්‍රහයා බලවත්ව පිහිටා ඇත.
● 7 වැන්න වන විවාහ ස්ථානයේ බුධ ග්‍රහයා බලවත්ව පිහිටා ඇත.
● රාහු ග්‍රහයා 11 වැන්නේ කෝටියක් දෝෂ භංග කරමින් උච්ච බලයෙන් පිහිටා සිටි.
● 12 වන භාවයේ සෙනසුරු/ශනි ග්‍රහයා ඇත.

●● මෙම දරුවාට පංච පුරුෂ යෝග වලින් 1ක් වන ගුරු හංස යෝගය උප්පත්තියෙන්ම ලැබී ඇත.
මෙම යෝගයෙන් උපදින අය බොහෝ සෙයින් ඇසූ පිරූ තැන් ඇති, ආගම දහමට නැඹුරු, ආධ්‍යාත්මික බලයක් ඇති, අනුකම්පා සහගත, ලෝකෝපකාර චෛතසිකයන් ඇති අය වෙති.
මෙවැනි හඳහන් ඇති අය උපදින්නේ කලාතුරකිනි.

එසේම දරුවා ඉන්න සිටින ස්ථානයට වාසනාව, ශ්‍රියා කාන්තාව, පැමිණෙන්නේ නිරායාසයෙනි.

● සිකුරු/ශුක්‍ර ග්‍රහයා බලවත්ව මාලවී නම් පංච මහා පුරුෂ යෝග බලයෙන්ද දිශානුගත බලයෙන්ද යුතුය.
යාන-වාහන, පදවි තානාන්තර මෙන්ම යම් යම් දේ ලැබීමේ ලාභීත්වයද මෙම දරුවාගේ හඳහනෙන් පෙන්වයි.
මෙම දරුවා අනාගතයේ අධ්‍යාපනික මට්ටමෙන් ඉතා ඉහල මට්ටමට යන කෙනෙකි.

* කේතු ග්‍රහයාගේ බලවත් වීම දරුවා විශිෂ්ඨ බුද්ධියකට හිමිකම් කියනු ඇත.

● එසේම බුධ ග්‍රහයා ගුරුගේ දෘෂ්ඨියට ලක්වීම වාග් චාතුර්යය ඇති, එසේම බොහෝ නුවණ ඇති, ප්‍රඥාවන්තයෙක් මෙන් ක්‍රියා කිරීමට වාසනාව ලැබේ. බොහෝ අයට අවවාද අනුශාසනා දීමේ වාසනාව දරුවාට ලැබී ඇත්තේ සහජයෙනි.

එසේම මෙම දරුවාගේ දෙමාපියන්ගේ එනම් මවගේ පාර්ශවයෙන්ද, පියාගේ පාර්ශවයෙන්ද දරුවන් කී දෙනෙකු සිටිනවාදැයි අප නොදනිමු.
නමුත් මෙම දරුවා එම පවුල් පදනම තුල හතර වරිගයට නායක වන යෝගයක් ඇත.
එසේම දරුවා තැලෙන පෑගෙන සියලුම දෙනා වෙනුවෙන් දරුවා අනාගතයෙදි ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැඩ කරනු ඇත.

● දරුවාට දැනට ගත වන්නේ චන්ද්‍රයාගේ මහ දසාවයි.
එසේම පිලිවෙලින් අඟහරු/කුජ සහ රාහු මහ දසා ගතවීමෙදි මේ දරුවා තමාගෙ හැකියාවන් තුලින් ඉතාම බලවත් සහ ප්‍රසිද්ධියට පත්වේ.

* අනාගතයෙදි තානාපති ධූර, මහා වගකීම් ඇති රැකියා මේ දරුවාට හෙබවීමට වාසානාව ඇත.
* මෙම දරුවාගේ සියලුම කරුණු කාරණා වාසනාවන්තම ආකාරයට ජිවිතයේ ඉෂ්ඨ සිද්ධ වේ.
එයට මේ දරුවා සංසාරිකව පෙරුම්පුරාගෙන මෙන් ඉපිද ඇති බවක් අපට පෙනේ.
දරුවාට මෙම වාසනාවන්ත ආකාරයට උප්පත්තිය ලැබීමට මෙම දරුවාගේ මව සහ පියා විශේෂයෙන්ම වාසනාවන්ත වී ඇත - මෙවන් දරුවෙක්ගේ ලාභීත්වයට.
මෙවන් දරුවන් උපදින පවුල් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණේ.

දැනටද යුරෝපීය රටක ජිවත් වුවද මේ දියණිය ආගම දහමට ලැදිව කටයුතු කරන දරුවෙකි, කේන්දරය අනුව ඔබටද තේරුම් ගත හැක.
යම් කෙනෙකුගේ අනාගත ඉරණම තීන්දු කරන ප්‍රබලම සාධකය හඳහන නම්, ඔබගේ හඳහනේද මෙවන් යෝග ඇත්දැයි විමසා බලන්න.
එසේම මෙවන් යෝග බල තුලින්, ඔබගේ වාසනාව ගැන විමසා බලන්න.
මේ පින්වත් දියණියගේ අනාගත සියලුම කරුණු කාරණාවන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
‪#‎ඉරුසේවය‬

No comments:

Post a Comment