Monday, August 24, 2026

“ විවාහය කඩන යෝග “



අද කාලයේ විවාහ කටයුතු තරමක් සංකීර්ණය.
✮ විවාහ වන අය පොරොන්දම් සහ පූර්ණ විවාහ පරික්ෂාවක් කරගෙන විවාහ වන අය සිටින අතර, එවන් කිසිවක් නොකර විවාහ වන අයද සිටිති.
✮ විවාහයේදි විවාහ පොරොන්දම් බලන අය අතර, විවාහය පොරොන්දම් 20න් පමණක් බලා විවාහ වන අයද, විවාහයට අදාලව පොරොන්දම්ද ඇතුළුව පූර්ණ පරික්ෂාවක් කරගන්නා අයද සිටිති !

- රටේ ප්‍රධාන නගර වල විවාහ වී විවාහය වසර කීපයක් දක්වා හෝ රැකගෙන යන ප්‍රතිශතය 50% වැනි අගයන් වල කාලයක්ම තිබෙන බව විස්තර වලින් අසා ඇත.
- පොදුවේ අප විවාහයට නොගැලපෙන්නේ නම්, තවද ශාන්ති කර්ම සිදුකරගෙනද විවාහය රැකගත නොහැකි නම් නිර්දේශ කරන්නේ නැත.
( දෙදෙනෙක් අතර ප්‍රේමය වසර කීපයක් පවතින්නේ නම් මානුෂීය තත්වයන් යටතේ කල්පනා කර විවාහය සිදුවන තැනට කල යුතු සියලු දේ ගැන උපදෙස් දෙමු)

විවාහය කඩා දමන යෝග පොදුවේ මෙසේය.

✮ කුජ + රාහු යෝගය.
රාහු 07 සිටිම විවාහය කැඩෙන්නට ඉඩ තිබෙන පිහිටිමකි. මෙය පොදුවේ බහු විවාහ සිදුවන යෝග තත්වයකි.

✮ සිකුරු නීච වීම.
ග්‍රහලොව විවාහයට අදාල සහ සුකුමාල තරුණිය වන සිකුරු නීච වීම බරපතල ගැටළුවකි.
මෙය විශේෂයෙන් බලපාන්නේ තරුණියන්ටය. සිකුරු නීච වීම ඉතා අයහපත් වන්නේ කාන්තා පාර්ශවයටය. සිකුරු නීච වී යම් හෙයකින් ගුරු බලවත් වුවොත්, එවන් අයට කලකිරිම් වැඩි වශයෙන් යෙදෙන්නට මෙන්ම විවාහයෙන් වෙන් වී ආගමික ජිවිතයක් ගැන, තනිකඩව ජිවිත කාලයම සිටිම ගැනද අදහස් ඇති වෙයි.

✮ 07 වැන්නාධිපතියා නීච වීම.

✮ 07 වැන්නාධිපතියා, 22 දෙර්කාණාධිපතියා වීම.

✮ 07 වැන්නාධිපතියා, අස්විද, මා, මුල නැකතක තැන්පත් වීම.

✮ 07 වැන්නාධිපතියා 06 08 12 යන දුෂ්ට ස්ථානයක තැන්පත් වීම.

✮ කෙනෙකුගේ විවාහය බැලීමේදි විවාහයේ ස්වභාවය, විවාහයේ කාලය තීරණය කරන්නේ නවාංශකයෙනි.
- 07 වැන්නාධිපතියා නවාංශකයේදි නීච විම.


පෙර පලකර ඇති ආකාරයට අප පලකර ඇත්තේ “ පොදු “ වශයෙනි. ඒ තේරුම් ගැනීමේ සහ තේරුම් කිරිමේ පහසුව උදෙසාය. තවත් බලපාන කරුණු තිබේ !

____
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..

Iru Sewaya

#iruastrology #colombo #galle

No comments:

Post a Comment