Friday, July 25, 2014

_ නිවසක් මිලදී ගැනීමේදී, ඉදිකිරිමෙදි භාවිත කල යුතු මූලික කරුණු _

මේ දිනවල මා මුහුණ දෙන විශාල ප්‍රශ්නයක් නම් වාස්තු දෝෂ පරික්ෂා කිරීමෙදි නිවැසියන්ගේ ගැටළු වලට සවන්දීමය. නිවස ලක්ෂ ගණන් වියදම් කර ඉදිකොට ඇතත් වාස්තු විද්‍යාඥයෙකුට, ජෝතිශාස්ත්‍රඥයෙකුට ප්‍රමාණවත් මුදලක් දී එය පරික්ෂා නොකරගෙන පසුවට අමාරුවේ වැටෙන අය බොහෝය.
* පසුව අහන්නේ අප මෙච්චර වෙනස්කම් කරල තියෙනවා කොහොමද මහත්තයා ඔය වෙනස්කම් කරන්නේ කියාය.
සැබැවින්ම එය විවාහ වී දරුවන් ලැබුනාට පසු පොරොන්දම් බැලීමක් වැනිය.

* නිවසක් ඉදිකිරිමට ප්‍රථම වාස්තු විද්‍යාඥයෙකු ලවා භූමිය පරික්ෂා කරගන්න. එවිට උළුවහු පැමිණිය යුතු දිශාවත් අනෙකුත් කාමර පිහිටිය යුතු දිශාවනුත්, මූලිකව මුලුතැන් ගෙය, වැසිකිලි පිහිටිය යුතු ආකරයත් ඔහු සඳහන් කරනු ඇත. ඒ අවස්ථාවෙදි නිරවුල් මනසකින් එවිට එය කල හැක. එය බලගතු තත්වයකි.

* විශේෂයෙන්ම නිවස ඉදි කරගෙන යන අවස්ථාවෙද නැවත වාස්තු පරික්ෂාවක් කරගන්න. ඉදි කිරීමට ගත යුත්තේ පොදුවේ ඔබගේ ජන්ම පත්‍රයට අනුව සඳු/චන්ද්‍ර ග්‍රහයා බලවත් වන ශුභ මුහුර්තය. ඒ ගැනද සැලකිලිමත් වන්න. ඔබට අවශ්‍ය විශේෂඥ වාස්තු විද්‍යා කටයුතු සහ භූමි පරික්ෂා කරවා ගැනිමට අප සේවය අමතන්න.

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment