Friday, July 11, 2014

කිතුණු ඔබට ශනිගේ අපලයකින්, බේරීමට කල හැකි බලගතු ශාන්ති කර්මයක් _

සෙනසුරු යනුවෙන් හඳුන්වන මෙම ග්‍රහ තාරකාව දුකට අධිපති බවත් සියලුම දෙනාට ඔහුගේ දසා කාලය තුලදී පුද්ගලයාගේ තරමේ හැටියට කිසියම් හෝ දුකක් කරදරයක් දෙන බවත් නොදන්නා කෙනෙක් නැත. පූර්ව ජන්ම වලදි කරන ලද අකුසල කර්ම වලට මෙම ආත්ම භවයෙදි දඬුවම් ලැබෙන කාලය මේ කාලය ලෙස සමහර තැන්වල දැක්වේ. මෙම ග්‍රහයාගේ දඬුවමට වයස් භේදයක්, දුප්පත් පෝසත් භේදයක්, පක්ෂ පාට භේදයක්, කළු-සුදු භේදයක් නොමැත.
එසේම ජාති ආගම් වශයෙන්ද ගැලවීමක් නොමැත.
එසේ නම් බෞද්ධ අප, මෙයට විශාල වශයෙන් ශාන්ති කර්ම කෙරුවත් කිතුණු දහම අදහන අපගේ සහෝදර එම ජනතාවට මේ සම්බන්ධව කිසිම තැනකදී මෙයට ශාන්ති කර්ම දක්වා නොමැතිවීම කණගාටුවට කරුණකි.

* මෙම අපලය සියලුම දෙනාට එන්නෙ හිරු එළිය පොදුවේ මුළු ලොවම ආලෝකමත් කරන ආකාරයටය. මා එහිදී සදහන් කලේ හිරු එළිය අපගේ සියල්ලන්ටම දැනෙන ලැබෙන දෙයක් නිසාත් ශනිගේ ග්‍රහ අපලය එමෙන්ම ලැබෙන්නෙ නිරායාසයෙන් බව ඔප්පු කිරීමටයි.

● කිතුනු ඔබට සෙනසුරු අපලයක් යෙදී ඇතිවිට ඔබ කල යුත්තේ ජේසුස් වහන්සේට සහ ශාන්ත මරියා දේව මෑණියන් උදෙසා භාරයක් විමය.

● එසේම උතුම් වූ ජේසුස් ක්‍රිස්තුත් වහන්සේගේ ගුණ සම්භාරය සිහි කිරීමත් මරිය තුමියගේ ගුණ සිහි කිරීමත් එම අපල කාලය පසුවන තුරු උන්වහන්සේගේ ඉගැන්වීම අනුව යමින් දුගී මගී යාචක ආදින්ට දන් පින් කිරීමට සිතා ගත යුතුය.

● තම අපල කාලය අවසන් වනතුරු ඉටි පහන් පූජා කිරීම එසේම දුගී මගී යාචක ආදින් අතරේ පුලන්නන්ට(කෑම බීම ඉල්ලන්නෙ නැති අය, බඩගින්නේ සිටිමින්) ආහාරපාන දීම, වස්ත්‍ර දීම එම අපලය දුරුවීමට හේතුවකි.

*● එසේම ගවමස් සහ ඌරුමස් අනුභවයෙන් වැලකීම එසේම ඔබ එම කාලය තුලදී නිර්මාංශ වීම තුලින් රැස් කරගත් කුසල බලය උන්වහන්සේලාගේ උතුම් වූ නාමයට අනුමෝදන් කිරීම වැදගත්ය.

● එසේම සන්ධ්‍යා කාලයෙදී නිවස තුල ඇති නිවස තුල ඇති පුංචි අල්තාරය තුල ජේසුස් වහන්සේගේ හා මරිය තුමියගේ පිලිරුවට මල් පහන් දල්වා පියතුමා විසින් දෙන ලද කට්ට කුමංජල් ආදියෙන් දුම් අල්ලා, ඉටි පහන් දල්වා ආලෝකමත් කරන්න. එම අවස්ථාවෙදි තමාගේ අපල දුරු වේවායි යාඥා කොට ජප මාලය කියවන්න.
අපලය ඇති තැනැත්තාද පවුලේ අයද සහභාගි කරගැනිම වැදගත්ය. එසේම සෙනසුරාදා දිනක දිවා ආහාරය නොගෙන එය යාචකයෙකුට දෙන්න.

● මනුෂ්‍යයා පාපයෙන් ගලවා ගැනීමට අතිමහත් උත්සහයක් දැරූ උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද්දේ ගවහලක බැවින් ගවයෙකු මරණයෙන් නිදහස් කිරීම බොහෝ වටී. එසේ නොමැති නම් ඊට අදාල යම් මුදලක් හෝ පරිත්‍යාග කිරීම වටී.

● ශතාරික සමය වූ අලු බදාදා සිට පාස්කු ඉරිදා දින දක්වා කාලය නිර්මාංශ ආහාර ගන්න. එම පාස්කු කාලය පුරා එක් වරුව බැගින් උපවාස සීලය රැකීම බොහෝ ප්‍රශස්තයි.
● එසේම ඉරු දින දෙව් මැදුරට ගොස් දිව්‍ය පූජාවට සහභාගි වන්න.
● එසේම කිතුනුවා ගැන කෙසේ කීවත් බෞද්ධ අපට මෙන්ම කිතුනු ඔබටද ගවයා විසේසයෙන්ම සමීප සත්වයෙකි.
එසේම ජේසුස් වහන්සේ උදෙසා දල්වන පහනට පිරිසිදු එලගිතෙල් බිඳුවක් එක්කරගැනිම සෙනසුරු අපලය දුරු කරගැනිමට ක්‍රමයකි.

● එසේම ඔබ වෙතට එන අසරණ යාචකයන් සෙනසුරාගේ නියෝජිතයන් වැනිය.
එවන් අසරණ අයට උදව් උපකාර, සත්කාර කිරීම තුලින් ඔබ දෙවියන්වහන්සේගේ ප්‍රශංසාවට භාජනය වනු ඇත.

ඔබට ජේසු සමිදු පිහිටයි.

Iru Astrology
Iru Sewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment