Thursday, July 10, 2014

සතියේ ලග්න පලාපලය - ජුලි 9 සිට

• මේෂ ලග්නය
ශුභාශුභ මිශ්‍ර සතියකි.
මේ සතිය තුලදී බොහෝ දේ ඉබේම වාගේ ලැබෙයි. විශේෂයෙන්ම තමාගේ වචනය සහ ස්ථානෝචිත ප්‍රඥාව නිසා කටයුතු සාර්ථක වේ. එය වාසනාවන්ත තත්වයක් බව කිව යුතුය. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයටද රැකියා කරන අයටද සුබයි.
අනිකුත් ග්‍රහ පිහිටිම් හා සසදන කල ගෘහ ජිවිතය වාසනාවන්ත වෙනවා ඇත. ගෘහණියන්ට ප්‍රීතිමත් ආරංචි අසන්නට ලැබේ.
ගෙදරට අවශ්‍ය අලුත් බඩු මුට්ටු ලබාගැනීමට කාලයක් උදාවේ. මෙම තත්වය නිසා ගෘහ අලංකරණය ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ දැඩි වෙනසක් නැති වුවද සතියේ මුල් දවස් 2-3 ජලය ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න. ඉන්පසු කරදරයක් නැත.

• වෘෂභ ලග්නය
ශුභදායක සතියකි.
විදේශ රැකියා වල නියුතු අයටද එසේම වෙලදාම් එසේම කලා ක්ෂෙත්‍රයේ නියුතු අයටද මේ කාලයේ සුභයි. අන් අය නිසා ලාභ ප්‍රයෝජනත් සහෝදරයන් නිසා ආර්ථික වාසිත් ඇතිවේ. නීතීඥ වෘත්තියේ සිටින වෘෂභ ලග්න අයට සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කිරිමට අවස්ථාව ලැබේ.
පවුලේ සාමාජිකයන්ට වෙනදාට වඩා කිට්ටුවන්ත ස්වභාවයක් පෙන්වයි. එමගින් පවුලේ දියුණුව හා සමගිය වර්ධනය වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති අතර සතිය අගදි සෙම ආශ්‍රිත හා ජලය ආශ්‍රිත දේ වලින් පරිස්සම් වන්න.

• මිථුන ලග්නය
ශුභාශුභ මිශ්‍රපලයි.
ඥානයෝග සහිත ග්‍රහ යෙදුමක්ද ගුරු ග්‍රහයා බලවත්ව 2වැන්නේ යෙදීම තුල සදුගේ ගමන අනුව බුද්ධිය හා දක්ෂතාවය මෙහෙයවා ආර්ථික වාසි, රැකියාවේ දියුණුව සලසා ගත හැක. ආර්ථිකය දියුණු වේ.
ගෘහ ජිවිතය නිතරම ප්‍රීතියෙන් ගත කිරිමට පුලුවන. එසේම සාර්ථක වූ පදනමක් විවාහ ජිවිතයට පවා වැටේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවද නිදන්ගත රෝගාබාධ නැති අය සතිය මැද පරිස්සම් විම නම් මැනවි.

• කටක ලග්නය
මිශ්‍රපල සතියකි.
විශේෂයෙන්ම දැනට බලපාන ග්‍රහචාරය සමග ආර්ථිකයේ හා ධන ධාන්‍ය තත්වයේ දියුණුවක් ඇතිවේ. පූජ්‍ය පක්ෂයේ සහ වෙලද ව්‍යාපාර වල නියුතු අයටද, ගුරු වෘත්තිය වැනි උපදේශන කරන අයටද තම කීර්තිය වර්ධනය සමග ආර්ථික වාසිද සැලසේ.
දෙවියන් මුහුණු බලනවා වගේ යැයි සදහන් කරන්නේ මෙවැනි කාලයකටය.
එසේම ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගතකිරීමට තිබෙන ප්‍රවණතාවය වැඩිය. යම් යම් කම්කටොළු මධ්‍යයේ වුවද තමාගේ වැඩ කටයුතු සාර්ථකව නිමාකරගැනිමට සිතේ ධෛර්යය ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවද අම්ල පිත සහ කේන්ති යාම නිසා යම් යම් කරදර බාධක ඇතිවිමට හැකි නිසා ප්‍රවේශම් වන්න.

• සිංහ ලග්නය
මේ සතිය ශුභපල දායකය.
තත්කාල ග්‍රහචාරයේ සඳුගේ හා සිකුරුගේ ග්‍රහචාරය අනුව ආර්ථික තත්වයේ යම්කිසි ශුභදායක පරිවර්ථන දැකීමට පුලුවන. එසේම විදේශ රැකියාවල නියුතු අයටද සියුම් රැකියා කරන අයටද වාසනාවන්ත සතියකි. එසේම ආදායම් මාර්ග සොයාගැනීමට නව අදහස් පහල වේ.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වන්නේ අතමිට මුදල් ගැවසෙන නිසාය. එසේම පින් දහම් කටයුතු වලටද අධිකව වියදම් වුවත් ඒවා නැවත ලැබේ. වන්දනා ගමන් යෑම සිතේ.
සෙම් කෝපවීම නිසා සෑදෙන රෝගාබාධ හා උෂ්ණාධික රෝගාබාධ වලින් ආරක්ෂා වීම මැනවි.

• කන්‍යා ලග්නය
ප්‍රීතිමත් සතියකි.
ආර්ථික වාසි, රැකියාවේ වාසි, වෙලදාම් දියුණුවීම ඒ අතර වේ. කලක් තිස්සේ මිතුරුව සිටි කෙනෙක්ගෙන් ආර්ථික වාසි හිමිවෙයි.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. කිසිම දෙයක අඩුපාඩුවක් නොදැනෙන්නේ අනිකුත් ග්‍රහයන්ගේද සුභ දෘෂ්ඨි හේතුවෙනි. ආවේග පාලනය කරගැනිම හොඳයි.
සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගේ ගමනක් බලාපොරොත්තු විය හැක.
පපුවේ සෙම් අමාරු ගැන, ජලාශ්‍රිත රෝග ගැන විමසිල්ලෙන් පසු වන්න.

• තුලා ලග්නය
සාමාන්‍යපලයි.
සඳු නීචව 2වැන්නේ තැන්පත් වෙලාවෙදි ලග්නයේ පවතින පාප ග්‍රහ සංයෝගය නිසාද ඔබට යම් යම් දුෂ්කරතාවයන් මුහුණ පෑමට සිදුවනු ඇත.
ගෘහ ජිවිතයෙද තරමක දුෂ්කරතා ඇත. එයට බුද්ධිමත්ව කටයුතු කර පිලියම් සොයාගන්න.
සෞඛ්‍ය තත්වයේ හිස් අමාරු, ඉරුවාරදය ඇති අය පරිස්සම් වන්න. සෙම් ගෙඩි සෙම් අමාරු ගැනද සැලකිලිමත් වන්න.

• වෘශ්චික ලග්නය
සුභ යෝගයක් සමග යෙදෙන මේ සතිය සුබ පලයි.
තම දියුණුවට වැඩිහිටියන්ගෙන් ප්‍රභූවරුන්ගෙන් උදව් උපකාර ලැබේ. වෙලද ව්‍යාපාරික කටයුතු වල නියුතු අයටත් එසේම රැකියා කරන අයටත් තමාගේ තත්ව වල හැටියට යම් යම් වරප්‍රසාද ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. ප්‍රබල කරදර බාධක නැත. වාසනාවන්තව ගත වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු ඇති නොවේ.

• ධනු ලග්නය
එතරම් සාධනීය ප්‍රතිපල නොමැත.
ආර්ථික තත්වය එතරම් සාර්ථක නොවේ. කරන කියන කටයුතු වල යම් පසුබෑමක් පෙන්වයි. එසේම ණයතුරුස් වලට බැඳීමටද ණය වීමටද ඉඩ තිබේ.
ගෘහ ජිවිතය පැත්තෙන් ගත් කල හොඳකුත් නැත, නරකකුත් නැත. බොහෝ වෙලාවට අඹුසැමියන් අතරේ යම් වාද විවාද ඇතිවිමට ඉඩ තිබේ.
සෞඛ්‍ය තත්වය ගැන විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ සෙම් රෝග ඇති අයත් දියවැඩියා රෝග ඇති අය විශේෂයෙන්ම පරිස්සම් වන්න.

• මකර ලග්නය
සතිය මුල වාසනාවන්ත කාලයක් උදාවේ.
සමාජයෙන් ආධාර උපකාර ලැබෙන්නේ, ආර්ථික තත්වය දියුණුවීමටයි. එය වෙලද ව්‍යාපාර කරන අයට විශේෂයි. මිතුරන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර යෙදේ.
ගෘහ ජිවිතය වාසනාවෙන් ගත කරන්නට පුලුවන්.
අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වීමට පුලුවන. අඹුසැමියන් අතරේ සමගිය වර්ධනය වේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ.
උෂ්ණාධික රෝගාබාධ වලින් පරිස්සම් වන්න. යම් යම් උදරාබාධ ගැනද පරිස්සම් වන්න.

• කුම්භ ලග්නය
ශුභ සතියකි.
ජලය ආශ්‍රිත රැකියා කරන අයටද ග්‍රොසරි ආදියේද විදෙස්ගත රැකියා අයටද කරන කියන රැකියාව කුමක් වුවත් ඒවා සාර්ථක වේ.
සිකුරු බලවත්ව සඳු කේන්දර ගත නිසා ගෘහ ජිවිතයේ ප්‍රීතිය ඇතිවේ. අලුත් බඩුමුට්ටු මිලදී ගැනීමට හැකියාව ලැබේ. එසේම සිකුරු, සඳු, රාහු මහ දසා ගත කරන අයට නිවසේ ප්‍රීති උත්සව ගැනීමට අවස්ථාව ලැබිය හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත් නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න. එසේම ක්‍රීඩා කටයුතු වල නියුතු කුඩා පිරිමි දරුවන් යටිබඩ ආශ්‍රිත අනතුරු වලින් පරිස්සම් වන්න.

• මීන ලග්නය
ශුභපල දායක සතියකි.
ආර්ථික තත්වය දියුණු කරගැනිමට අවස්ථාව ලැබේ. එසේම රැකියාවල ව්‍යාපාරික කටයුතු වල නියුතු අයට තමාගේ තත්වය අනුව වරප්‍රසාද ලැබේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. එසේම ගෘහ ජිවිතය හොදින් ගත කිරීමට වාසනාව ඇත.
උෂ්ණාධික රෝග, එසේම ශරීරයේ දාහය නිසා ඇතිවන රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.

No comments:

Post a Comment