Tuesday, July 15, 2014

_ රාහු - කේතු මාරුව ලග්න වලට කොහොමද ?


(2014 ජුලි 14 සිට)

+ග්‍රහ ලොව විශේෂිත ග්‍රහයන් වන රාහු සහ කේතු ඡායා ග්‍රහයන් වශයෙන් හඳුන්වයි. ඉතාම ප්‍රබල චුම්බක ශක්තියක් සමග න්‍යෂ්ඨික ප්‍රතිරෝධාත්මක ජීව බලයකින් යුත් මේ ඡායා ග්‍රහයන් වශයෙන් හඳුන්වන පෘථවියේ ගමන් මාර්ගයේ සහ සඳුගේ ගමන් මාර්ගයේ උතුරු ලක්ෂයත් දකුණු ලක්ෂයත් කැපෙන රේඛාවන් රාහු හා කේතු ලෙස හඳුන්වයි.

අධි බලැති න්‍යෂ්ඨික ශක්තියකින් යුත් මේ ලක්ෂයන් 2න් පුද්ගලයාට එල්ල වන්නේ දැවැන්ත වූ ග්‍රහ බලපෑමකි. පුරාතන ඍෂිවරුන් උත්තර ලක්ෂයට රාහුද, දක්ෂිණ ලක්ෂයට කේතුද යනුවෙන් හැඳින්වූයේ එහි බලපෑම පුද්ගලයාට බලපාන අයුර සැකවින් තේරුම් අරගෙනයි.
රාහු- සහ කේතු යන ග්‍රහයන්ගේ මහා පරිමාණයෙන් විස්තර කිරීමට දේවල් තිබුනත්, පහත සදහන් විස්තරය මැනවින් බලා දක්වන්නෙමු.

● මේෂ ලග්නය
6 වැන්නට රාහු පැමිණිමත් 12 වැන්නට කේතු පැමිණීමත් ඉතාම ශුභයි.
මෙතෙක් කල් තිබු සතුරු බලවේග නැතිව යයි. තමාට බලය ලැබෙන අතර, භූමි ලාභද හිමිවේ.
උප්පත්ති කේන්දරයේ 6 වැන්නේ පාප ග්‍රහයන් සිටින මව්වරුන්ට දරුවන් ලැබීම යම්කිසි ආකාරයකට ගැටළුවක් වීමට ඉඩ ඇත.

● වෘෂභ ලග්නය
5වැන්නට රාහු පැමිණේ, කේතු 11 වැන්නට පැමිණේ.
අධ්‍යාපනය ලබන දරුවන්ට මේ කාලය තරමක් අයහපත්ය.
එසේම කරන අධ්‍යාපන කටයුතු වල මතක ශක්තිය නැතිවිමට මෙය හේතුවකි. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල සිටින අයට හදිසි ධනලාභ, ලොතරැයි ලාභ, භූමි ලාභ හිමිවේ.

● මිථුන ලග්නය
4 වැන්නට රාහු පැමිණේ, 10 වැන්නට කේතු පැමිණේ.
කාර්යබහුල තත්වයක් ග්‍රහ බලය නිසා පෙන්නුම් කරයි. එසේම ඔබට බොහෝ සේ රාජකාරි වලට පිට පලාත් වලට යෑමට අවස්ථාව ලැබේ. සමහරවිට විදේශ රටවල් වලටද යෑමට ඉඩ ඇත. බොහෝවිට රැකියාවල නියුතු අය එහි දියුනුව පිණිස පිටරටවල් වලට සංචාරය සිදුවේ.

● කටක ලග්නය
3 වැන්නට රාහු පැමිණේ, 9 වැන්නට කේතු පැමිණේ.
ඉතාම ශුභයි. තමාගේ කීර්ති නාමය රට තොට ප්‍රචාරය වේ. එම තත්වය නිසා බොහෝවිට තමා පසුවන්නේ නිරන්තර ප්‍රීතියෙනි. එසේම විවිධ මාර්ග වලින් ආදායම් ලැබීමද සමාජයේ කැපී පෙනීමද නිරන්තරයෙන්ම සිදුවේ. දේශපාලන ක්ෂෙත්‍රයේ නියුතු කටක ලග්න අයට මේ කාලය ඉතාම ශුභයි.

● සිංහ ලග්නය
2 වැන්නට රාහු පැමිණේ, 8 වැන්නට කේතු පැමිණේ.
මිශ්‍ර පල අපේක්ෂිතය. වචනය නිසා ප්‍රශ්න ඇතිවන නමුත් අධික ක්‍රියාශීලිත්වයත් කැපවීමත් නිසා ජිවිතයේ ජයග්‍රහණය ලබාගැනීමට හැකියාව ලැබේ.

● කන්‍යා ලග්නය
1 වැන්නට රාහු පැමිණේ, 7 වැන්නට කේතු පැමිණේ.
කන්‍යා ලග්න සියලුම දෙනාට අතිමහත් කාර්ය බහුල කාලයකි. කායික මානසික ඒකාග්‍රතාව පවා තරමකට ගිලිහී යාමට පුලුවන. ඒ ගැන විශේෂ අවධානයකින් සිටිය යුතුය. නමුත් විශේෂ දේශ දේශාන්තර වල සංචාරය කිරීමට ඉඩ තිබේ.

● තුලා ලග්නය
12 වැන්නට රාහු පැමිණේ, 6 වැන්නට කේතු පැමිණේ.
තුලා ලග්න අයට නීතිමය ගැටළු, නඩුහබ ආදිය ඇතිවිමට ඉඩ ඇත. එසේම අඹුසැමියන් අතර යම් යම් ආරවුල් ඇතිවිමටද ඉඩ ඇත. එසේම දේපල සම්බන්ධ ගැටළු මතුවිමට ඉඩ ඇත.

● වෘශ්චික ලග්නය
11 වැන්නට රාහු පැමිණේ, 5 වැන්නට කේතු පැමිණේ.
හදිසි ධනලාභ ලැබිම. නිලතල ලාභ ලැබීම සිදුවේ. එසේම ඔට්ටු රේස් දිනුම් ලැබීම මේ ආදිය සිදුවේ. සුභයි.

● ධනු ලග්නය
10 වැන්නට රාහු පැමිණේ, 4 වැන්නට කේතු පැමිණේ.
රැකියාවේ වෙනස්වීම්, එසේම යම් යම් රැකියාව නිසා ස්ථාන මාරු, උපතේදි රාහු බලවත් අයට රැකියාවේ දියුණුවත් දුර්වල අයට එහි බිද වැටීමත් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට නම් මෙය සුබ බව කිව යුතුය.

● මකර ලග්නය
9 වැන්නට රාහු පැමිණේ, 3 වැන්නට කේතු පැමිණේ.
දීර්ඝ විදේශ සංචාර හිමිවන අතර තමාගේ කීර්ති නාමය පැතිරේ. කැපී පෙනී වැඩ කිරීමට පුලුවන්.

● කුම්භ ලග්නය
8 වැන්නට රාහු පැමිණේ, 2 වැන්නට කේතු පැමිණේ.
උෂ්ණාධික රෝගාබාධ ඇතිවිය හැක. එසේම විවිධ ගැටළු වලට මුහුණ පෑමට ඉඩ තිබේ. ආර්ථික තත්වයේ දුර්වලකම් සහ ධන හානියද පෙන්නුම් කරයි.

● මීන ලග්නය
7 වැන්නට රාහු පැමිණේ, 1 වැන්නට කේතු පැමිණේ.
මීන ලග්න අයට තරමක විවාහ ජීවිතයේ යම් යම් ගැටළු මතුවිමට පුලුවන. එසේම අඹුසැමියන් අතර යම් යම් වාද විවාද නිසා පවුල් ජිවිතයට බාධා ඇතිවිමට ඉඩ ඇත. එසේම සෙම් අමාරු රෝග ආදිය ඇතිවිමට පුලුවන.


_ සියලු දෙනාම ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීම යහපත්ය_

බුදු සරණයි !

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete