Thursday, July 24, 2014

“ ගුබ්බෑයම් වල ගුරුකම් “

* මෙම දිනවල පුවත්පත් බැලීමේදී විශේෂයෙන්ම ඒ අතර ඇති ජෝතිෂ්‍ය ගුරුකම් දැන්වීම් දැන බලන කල මහත් හාස්‍යයක් උපදී. එයට ආසන්න කරුණක් ලෙස මහනුවරට, මැණික් හින්නට සමීපව අඩු කුලයේ කියාගන්නා ගමක් ගැන කියයි.

* එම ගමේ උදවිය පවුල් පිටින් රොඩී රැහැට ලියාපදිංචි වී සිටී.
මෙහි ඇති හාස්‍යයට දනවන කාරණාවක් නම්, උඩරට හොඳ ගොවිගම කුලයේ ඇත්තන් පවා මුදල් හම්බ කිරීම පිණිස රොඩී කුලයේ අය වී සිටි.

* එකම ගමේ ගෑණු පිරිමි දෙගොල්ලම සංකර වල්ලියා, සිරිබිරි විල්ලි, විල්ලියා යනුවෙන් පිරිමින්ද හරි වල්ලි යනුවෙන් ගැහැණුන්ද හඳුන්වා ගනිමින් මේ කූට ජාවාරමේ යෙදී සිටි.

* ඔවුන් සඳහන් කරන්නේ පුවත්පත් වල ආනන්ද හිමියන් වශී කල චණ්ඩාල ගුරුකම් ඔවුන් අතේ ඇතැයි කියාය. උනුත් බෞද්ධය. අපත් බෞද්ධය. නමුත් තමන්ගේ හුදු කාම සම්භෝගය පිණිස භික්ෂූන්වහන්සේ නමක් වශී කරගැනීම කොතරම් පහත් ක්‍රියාවක්ද එය සම්බන්ධව දැන්වීම් දැමීම හිතා ගැනීමට පවා ජුගුප්සාජනකය...

කෙසේ වෙතත් ධර්ම භාණ්ඩාගාරික අප ආර්ය උතුම් රහතන් වහන්සේ නමක් වූ උතුම් වූ ආනන්ද මහ රහතන් වහන්සේ එම සිද්ධිය වන කාලයෙදි මාර්ග ඵල වලට පැමිණ නොසිටියේය.
එයට හේතුව නම් අප භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට ඇප උපස්ථාන කිරීම නිසා උන්වහන්සේ ඒ ගැන නොසිතුවා විය හැක.
බුදු රජාණන්වහන්සේට අතිමහත් භක්ති ආදරයක් දැක්වූ උන්වහන්සේ සම්බන්ධ කොට දැන්වීම් දැමීම මහත් පාප ක්‍රියාවක් මෙන්ම කණගාටුවටද කරුණකි.
මග පල ලබා සිටියා නම් උන්වහන්සේ වශී කිරීමට නොහැක. මොවුන් එහෙම කෙරුමන් සහ වැඩ්ඩන් බව දැන් ඇඩ්වටයිසින් කරමින් කියා සිටී.

* මොවුන් සඳහන් කරන්නේ නියම ගුරුකම් ඇත්තේ අප ගුබ්බෑයමේ බැවින් අප ගුබ්බෑයමට පැමිණෙන ලෙසය.
මාගේ මිතුරෙක් එය පරික්ෂා කිරීමට ගුබ්බෑයමට ගිය විට තිබුනේ එතන තෙමහල් ප්‍රාසාදයකි. ගණන්ද අශ්ප ගණන්ය. නමුත් එවෙලට ගෙනා සුදු නූල් බෝලයක් කරකවා ගැන විශාල මුදලක් ගසාකන මාෆියාවක් විනා වෙන දෙයක් එතන නැත.

ගැහැණු පිරිමි පුදුම චණ්ඩිය. තැරැව්කාරයන්ද ඇත. ත්‍රිවිල් රියැදුරන් මෙන්ම බොහෝ අය ඔවුන්ගේ ඔත්තුකරුවන්ය. ඔවුන් ගැන රට වැසියාද අපගේ මුහුණු පොතේ ප්‍රේක්ෂක සහෘදයන්ද දැනගැනීම
යහපත්ය.
අවශ්‍යම නම් ගිහින් මුණ ගැසී බලන්න..

No comments:

Post a Comment