Thursday, July 17, 2014

_ මහා අභිසම්පිධාන යන්ත්‍රය _

සර්ව උපද්‍රව දෝෂ හරණ යන්ත්‍ර කාණ්ඩ අතරේ ගත්කල බුදුගුණ යන්ත්‍රද ඇත.
එනම් අප තිලෝකතිලක සම්බුද්ධ භාග්‍යවත් බුදු රජාණන්වහන්සේගේ අසංඛ්‍ය වූ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරන ලද පාරමිතා ගුණ බලයද උතුම් වූ උන්වහන්සේගේ චරිතයේ ඇති මහා කාරුණික බවද අනිකුත් ගතිගුණද එසේම උන්වහන්සේගේ ධර්මයේ ඇති සත්‍යවාදි බවද එසේම උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස වූ සාරිපුත්‍ර මොග්ගල්ලාන දෙනම ප්‍රධාන සියලුම රහතන්වහන්සේලාගේද ගුණ සම්භාරයේ ගාථා රත්න වලට ප්‍රස්ථාර වූ යන්ත්‍ර බුදු ගුණ යන්ත්‍ර වශයෙන් හඳුන්වයි.

● එසේම මෙම යන්ත්‍ර රාශියක් ඇතිවුවත් අභිසම්පිධාන යන්ත්‍රය යනු මේ යන්ත්‍ර අතරේ ඉතාම ප්‍රබලම යන්ත්‍රයක් බව කිව යුතුය.

● මෙම යන්ත්‍රය බුද්ධ, ධම්ම, සංඝ ගුණයන්ද ආනන්ද, මහා කාශ්‍යප, සීවලී, සාරි පුත්ත, මොග්ගල්ලාන, අංගුලිමාල ආදී බුදු රජාණන්වහන්සේගෙ ප්‍රබලම ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ගුණ යහපත් භාවය සිහිපත් කරයි.

● එසේම සතර සතිපට්ඨානය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මෙම යන්ත්‍රයට ප්‍රස්තාර කොට ඇත. මෙම යන්ත්‍රය

● පැළද ගැනීමෙන් කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා ඇතිවනඅමනුෂ්‍ය දෝෂ ඉවත්වීම, මෝහණී දෝෂය ඇතුළු නපුරු සිහින දැකීම වැළකීම, කොඩි වින හූනියම් ආදි වින දෝෂ නැති කිරීම, ගෙවතු සහ භූමි ආරක්ෂාවටද සතුරන් දමනය කිරීමටද, රෝග නිවාරණය කිරීමටද, පාළු ගෙවල් වල ඇති මල ප්‍රේත, ගෙවල ප්‍රේත යකුන් නිසා ඇතිවන ආහාර අජීර්ණ වලටද ප්‍රත්‍යක්ෂ වූ බලගතු වූත් ශාන්ති කර්මයකි මහා අභිසම්පිධානය යන්ත්‍රය.

මෙය සම්බන්ධව ශුභ පල කීමට නම් පිටු 4-5ක් වැයවන බව මාගේ විශ්වාසයයි.

No comments:

Post a Comment