Thursday, July 24, 2014

_ _ විශ්වයේ රජු වන හිරුගේ වතගොත _ _

මෙම සෞරග්‍රහ මණ්ඩලයේම ප්‍රධාන ග්‍රහ තාරකාව වන්නේ හිරුය. ජෝතිෂ්‍ය ශාස්ත්‍රය පවතින්නේද හිරු මුල් කරගෙනය. අතීතයේ පටන් ආදි ජන සමාජයේ සිට නූතනය දක්වා සූර්ය දිව්‍ය රාජයාට යම්කිසි වැදගත්කමක් ජෝතිෂයට අනුව තිබෙයි.
පැරන්නන් සූර්ය දිව්‍ය රාජයා වන්දනාමාන කලේද එබැවිනි.
විශේෂයේම භාරතීය ජන සමාජයේ ජනවාරි මාසයේ පොංගල් උත්සවය ලෙසින් පවත්වන්නේද ඉරු දෙවියන්ට කරන භක්ති ප්‍රණාමයකි.

* පුද්ගලයෙකුගේ හඳහනේ තමාගේ පියා නියෝජනය කරන්නේ රවි හෙවත් සූර්යාය.
එසේම තම පියාගේ සමාජ ආර්ථික තත්වයත් චරිත ස්වභාවයත් එම ජන්මියෙකුගේ හඳහන තුලින් පැවසිය හැක.

● සිංහ රාශියේ ස්වක්ෂෙත්‍ර වන රවි, මේෂ රාශියෙදී රැස් විහිදා අති බලයෙන් උච්ච වෙයි. එසේම හිරු බලවත් අය රාජ ලීලාවෙන් පසුවන අයයි. ඔවුන් තරමක ආඩම්බරකාර ගති ඇති අය වෙති.

☆ විශේෂයෙන්ම රවි ග්‍රහයාගේ බලය කේන්දරයේ පවතින්නේ ලග්නයට 3 වැන්නට 5 වැන්නට 10 වැන්නට සහ 11 වැන්නටය.
යම් ජන්මියෙකු උපදින විට තමාගේ කේන්දරයේ හිරුට බලවත් තැනක සිටිම ජන්මියා දියුණු කරන යෝගයකි.

☆ ආත්ම ශක්තිය, පෙරට යෑමේ ගතිය, ඉවසීම නියෝජනය කරන ග්‍රහයෙකු නිසා රවිගේ බලපෑම ජනතාවට මහෝපකාරි වේ.

* එසේම රවි ග්‍රහයා 2, 4, 6, 8, 12 වැන්නේ පිහිටිම ඒතරම්ම සුබදායක නොවේ. එම ස්ථාන වලට අදාල කුමන හෝ අවුලක් රවි ඇති කරයි. විශේෂයෙන්ම රවි හා ලගින්ම යෝගව සිටින්නේ බුද හා සිකුරුය.

රාත්‍රි කාලයේ උපදින අයට විශේෂයෙන්ම පාන්දර 4ට 5ට උපදින අය, රාත්‍රි 11 30, 12 අතර කාලය හවස 6. 30 - 7ට අතර කාලයේ ඉපදීම රවි ග්‍රහයාගේ බලය අවම පිහිටිම්ය.

☆ රවිට තවත් බලවත් රාශි හඳුනා ගන්න.

* මේෂ, මිථුන, ධනු, කුම්භ යන පුරුෂ රාශි වලදි රවි බලවත් වේ.
* එසේම වෘෂභ, කටක, කන්‍යා, මීන යන ස්ත්‍රි රාශි වලදි රවිගේ බලය තරමක් අඩු වන අතර කන්‍යා රාශියෙදි ඥාන යෝගයක් යෙදේ.
* මා පෙරදී සඳහන් කල ආකාරයට රවිගෙන් ලැබෙන වැදගත්ම ගුණය නම් පුද්ගලයා මානසිකව ශක්තිමත් කිරීමයි.

** කුමන රාශියක වුවත් රවි 11 වැන්නේ සිටීමෙන් “කෝටියක් දෝෂ භංග“ වන බව ඔබ දන්නවාද ?

No comments:

Post a Comment