Thursday, July 10, 2014

12 රැසේ දුර්වලකම් !

සියලුම සත්වයන් මෙලොවට බිහිවන මොහොතෙදි නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන ලග්නයත් ඒ වෙලාවට තිබෙන නැකතත් කෙනෙකුට උප්පත්තියෙන්ම හිමිවනු ඇත. අප බහුතරයක් සහ අප බොහෝවිට කතා කරන්නේ ලග්නයේ ඇති දක්ෂකම් මිස දුර්වලකම් නොවේ. නමුත් මුහුණු පොතේ අතිමහත් බහුතර ප්‍රේක්ෂක ජනතාව උදෙසා අප කල්පනා කලා මේ දොලොස් රැසට අයත් වන දුර්වලකම් මොනවාද කියල ඔබ හමුවේ කෙටි සටහනක් තබන්න.

මේෂ ලග්නය

නිතරම තරඟකාරිත්වයට කෙසේ වෙතත් දබරයට යොමුවන අයයි. ක්ෂණික කෝපය ඇත. එසේම නම්‍යශීලිතාවයද එසේය.
රාත්‍රියට පායන්නේ ඉර කියා කිව්වොත් එය අන් අය පිලිගත යුතුයි, නැත්නම් කේන්ති යනව. පරාජයේදී දැඩිලෙස කම්පාවට පත්වේ.

වෘෂභ ලග්නය

බොහෝවිට තමාගේ තනිමතයට වැඩ කරගැනිමටද තම මතයට අන් අය පොළඹවා ගැනීමටද උත්සහ කරයි. කිසිවෙකුගේ උපදේශන පිලිගැනීමට අකමැති දැඩි මතයක් දරයි. එසේම ලෞකික සැප සම්පත් වලට අධික ගිජුකමක් හා මසුරුකමක් දක්වයි.
තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අධිකව වියදම් කරන වෘෂභ ලග්න අය අන් අයට උදව් කිරීමට තරමකට මැලිකමක් දක්වයි.

මිථුන ලග්නය

බොහෝ වෙලාවට ප්‍රතිපත්තිමය වශයෙන් ඍජු තීරණ වල නොපිහිටයි. මානසික ඒකාග්‍රතාවය ඇත්තේම නැත. බොහෝවිට කාම යෝග යෙදී තිබ්බොත් ස්ත්‍රීන්/පුරුෂයන් මුලා කිරීමට උපන් දක්ෂකමක් දක්වයි. සියලුම වැඩ එකවිට යොදාගනී. අවසානයෙදි එකක්වත් හරියට කරගැනිමට නොහැකි වේ. මෙවන් ලග්න වලින් උපන් අයට බොහෝ ඥාන සම්භාරයක් ඇතිමුත් කිසිදෙයක් හරියට කරගැනිමට නොහැකිව දුක්විඳින බවට සාක්ෂි ඇත.

කටක ලග්නය

බොහෝවිට තමාගේ අධික ස්නේහවන්ත ගතිය නිසා අවාසිය. අධික කරුණාව, අධික අනුකම්පාව අවාසියට හේතුවනු ඇත.
රහස්‍ය භාවයක් රැකීමට ඉතාම අපහසුය. අන් අයට උපදෙස් දුන්නද තමාගේ ජිවිතයේ බොහෝ දේවල් වල වැරදි ඇත. බොහෝ වෙලාවට කුඩා ප්‍රශ්න නිසා විශාල ප්‍රශ්න ඇතිවිය හැක. කෝපය පාලනය කිරීමට නොහැක.

සිංහ ලග්නය

තමාගේ මතයම පිහිටා කටයුතු කරයි. ලාභ උවත් පාඩු වුවත් තම ප්‍රතිපත්ති, තීරණ වෙනස් නොකරන ගතියක් ඇත. කලබලකාරකම නිසා තමාගෙන් දේවල් අස්ථානගතවීමට පුලුවන. අන් අයගේ උපදෙස් පිලිගැනීමට තරමක අකමැත්තක් පෙන්වයි.
බොහෝවිට ආඩම්බරකම සහ අහංකාරකම තරමක් හෝ ඇත. මේ ගතිය රවි-බුද කේන්ද්‍ර ගතව(1වැන්නේ) තිබ්බොත් විශාල වශයෙන් දැකිය හැක. සැකය හා අවිශ්වාසය පවතී.

කන්‍යා ලග්නය

තමාගේ ආත්ම විශ්වාසය ටිකක් අඩුවීමට පුලුවන. නිතර අන් අය අවිශ්වාස කරයි. සියලුම දෙනා කෙරෙහි යම්කිසි සැකයක් තබාගෙන බලයි.
අනුන්ගේ වැරදි අඩුපාඩු සෙවීමට නිතැතින් දක්ෂයි. මුඛරිබව නිසා තැන නොතැන බලන්නේ නැත. වුවමනාවට වඩා පිලිවෙලට වැඩ කිරිමට ගොස් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

තුලා ලග්නය

ගතානුගතික මත වල එල්ලී සිටී. එයට අමතරව නවීන ලෝකය හා කටයුතු කිරීමට මැලිකමක් දක්වයි.
සිත තුල මානසික ඒකාග්‍රතාවය අඩුවීම ඇත.
අන් අයට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටිය හැක.

වෘශ්චික ලග්නය

රහස් රැකීම බැරිවීම, දැන දැන වැරදි කිරීම, අනවශ්‍ය ආකාරයට සකසුරුවම් විමට ගොස් අන් අයට උදව් නොකිරිම.
අන් අය අවිශ්වාස කිරීම, ඉක්මන් කෝපය, ඉක්මන්බව දුර්වලතාය.

ධනු ලග්නය

දූරදර්ශි නොවීම, පෞද්ගලික වූ ප්‍රශ්න ගැන නොසිතා අන් අයට උදව් උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටීම. අනවශ්‍ය දේවල් කතා කිරීමට ගොස් අමාරුවේ වැටීම. දෙබිඩි ප්‍රතිපත්ති නිසා ධනු ලග්න අයට අවාසි වීමට ඇත්තේ මහත් ඉඩකඩකි.

මකර ලග්නය

මේ ලග්නය බොහෝවිට ඉතාම මසුරු සහ ලෝභී බවක් පෙන්වයි. මේ ලග්නයේ අය තමාගේ පවුලේ අයට වඩා පිට අයට බොහෝ සලකයි.
ඇති දේ ගැන නොසිතා නැති දේ ගැන බොහෝ සිතයි. බොහෝවිට අනුන්ගේ සිත් රිදවයි. එය මෙය ලග්නයේ උපන් අයගේ ලක්ෂණයකි.

කුම්භ ලග්නය

බොහෝවිට මුළුගැන්වෙන ස්වභාවය ලග්නයට ආවේණික වූ කම්මැලිකම ඇත. එසේම බොහෝ වෙලාවට කටට එන දේ කෙලින්ම කියයි.
වුවමනාවට වඩා පරිස්සම් කිරීමට ගොස් තමන්ට දේවල් නැතිවීමට ඉඩ වැඩිය. සියලුම දත් කෙනෙකුසේ හැසිරේ.

මීන ලග්නය

ඕනෑවට වඩා අනුකම්පාව සහ ස්නේහවන්ත ගතිය අවාසියක් වනු ඇත. විශේෂයෙන්ම අන් අයගේ දුක තමාගේ සැපතට හරවා ගැනීමට බලයි. අන් අය පමණට වඩා විශ්වාස කරයි. නැති ලෙඩදුක් ගැන බය වේ, දුක්වේ.

* මේවා අප වෙනදා සදහන් කරන ආකාරයටම යම් යම් අවස්ථා වලදී ග්‍රහ පිහිටිම් අනුව වෙනස්විමට පුලුවන. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

No comments:

Post a Comment