Saturday, July 19, 2014

කේන්දර සටහනක 1 වෙනි කොටුවේ කිසිදු ග්‍රහයෙකු නැතිනම් හෝ 1 වෙනි කොටුවට වෙනත් ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ඨිද නැත්නම් එම පුද්ගලයාට ලග්නයට කියවෙන ලක්ෂණ බොහෝ දුරට ඇත.

ලග්නය සහ කේන්දර සටහන අනුව එම වෙනස්වීම ගැන සිතද්දී..
යම් ලග්නයකට විස්තරයට අනුව එම ලග්නය අයිති අය කෙසඟ අය ලෙස දක්වා ඇති වුවද යම් කෙනෙකුගේ කේන්දර සටහනේ 1 වැන්නේ ගුරු සිටී නම් එම කෙනා හොඳ පිරුණු කෙනෙක් විය යුතුය.

තවද තවත් ලග්නයක ලක්ෂණ ලෙස සාමයට කැමති, සාමකාමි අදහස් ඇති අය ලෙස කිව්වද එම ලග්නය අයිති කේන්දර සටහනක් ඇති කෙනෙකුගේ කේන්දර සටහනේ 1 වැන්නේ කුජ සිටියොත් එම ලක්ෂණ වෙනස් විය හැක.

එසේම ලග්නාධිපති, 2 වැන්නාධිපති, 3 වැන්නාධිපති යනාදි ලෙස එකී ග්‍රහයන් සිටින තැන, අදාල ග්‍රහ දෘෂ්ඨි අනුව පවසන දෙය වෙනස් විය හැක.

No comments:

Post a Comment