Tuesday, July 22, 2014

මේ සතිය ලග්නෙට කොහොමද ?

(ජුලි 21සිට)

● මේෂ ලග්නය
සුභපල දායක සතියකි.
ආර්ථික කටයුතු සහ ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල ඉන්නා අයගේ ධනෝපායන මාර්ග ස්ථිරසාර වේ. රැකියා කරන අයටද සුභයි. මේ සතිය පුරාවටම මේෂ ලග්න අය සැපසේ සිටින බව කිව යුතුය.
ගෘහ ජීවිතයේ සතුට සමාදානය, ප්‍රීතිය ඇතිවේ. රසවත් ආහාර අනුභවයටත්, නිවසේ ප්‍රීති උත්සව පැවැත්විමටත් අවස්ථාව ලැබේ. එසේම නිවසට නව උපකරණ මිලදී ගැනීමට හැකිය.
සෙම් අමාරු සහ උගුර, සෙම් ගෙඩි ආශ්‍රිත රෝග වැලදීමට පුලුවන.

● වෘෂභ ලග්නය
ඔබටද සුපිරි සතියකි.
ඔබගේ ප්‍රියමනාප කතාබහත්, ඔබගේ මේ සතියේ ඇතිවන ආකර්ෂණීය බව නිසා ආර්ථික තත්වය යහපත් කරගැනිමට පුලුවන. කෙසේ වෙතත් ලග්නයේ ඇති ග්‍රහ බලත් සමග මේ තත්ව තීව්ර වේ.
පවුලේ සාමාජිකයන් සමග ප්‍රීතියෙන් ගත කිරීමට අවස්ථාවයි. ප්‍රීති උත්සව වල යාමට, රසවත් ආහාර ලැබීම, විනෝදයෙන් සිටීමට අවස්ථා උදාවේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැතත් සෙම් අමාරු සහ ඉරුවාරදය ඇති අය ඒ ගැන බලාගන්න.

● මිථුන ලග්නය
ශුභාශුභ මිශ්‍ර පල සතියකි.
සතියේ මුල් දවස් 2-3දි ප්‍රබල ආර්ථික වර්ධනක් බලාපොරොත්තු විය නොහැක. සමහරවිට ලැබුනු මුදල් නොදැනීම වියදම් වී යයි. එසේම කලමණාකරණ කටයුතු අතින් දුර්වල වේ. සැලසුම් දුර්වල වේ. ව්‍යාපාර කරන අය ණය ගැනීමෙන් වැලකීම මැනවි.
ගෙදර දොරේ විය පැහැදම් සතියේ මුල් දවස් වල වැඩිවේ. නොසිතූ වෙලාවක යම් මුදලක් නිවසේ සාමාජිකයන් වෙනුවෙන් වැයවීමට ඉඩ තිබේ.
එසේම අනවශ්‍ය වියදම් නිසා ස්වාමි-භාර්යා ගැටළු ඇතිවිමට හේතුවිය හැක.
පාදාශ්‍රිත රෝග, නහරගත වාත කැක්කුම් රෝගද බලාගන්න.

● කටක ලග්නය
ඉතාම ශුභයි.
වර්තමානයේ ග්‍රහ ගෝචරය අනුවත් ලග්නාධිපති සඳුගේ ගමන අනුවත් කටක ලග්නයට මේ සතිය ඉතාම සුබයි.
සියලුම ක්ෂෙත්‍ර වල සිටින්නාවූ අයට ධන ධාන්‍ය තත්වය උසස්වේ. ආර්ථික කටයුතු උසස් වේ.
කලකට පසු ගෘහ ජිවිතය ප්‍රීතිමත් වන්නේ තිබුනු ග්‍රහ දෝෂ මගහැරීමෙනි. පවුලේ සාමාජිකයන් හා ප්‍රීති වන්නට පුලුවන් සේම, කෙටි ගමන් බිමන් විනෝද ගමන් ආදිය යෙදෙනු ඇත.
දැනට තත්වය අනුව විශේෂ සෞඛ්‍ය ගැටළු නැතත් නිදන් ගත රෝග ඇති අය ඒ ගැන විමසිලිමත් වීම මැනවි.

● සිංහ ලග්නය
සුභදායක සතියකි.
සඳු ග්‍රහයා උච්ච බලයෙන් 10 වැන්නේද පසුව 11 වැන්නේද හැසිරෙන මේ සතියේ ආදායම් මාර්ග වලට දොර විවර වෙන සතියකි. ව්‍යාපාර ක්ෂෙත්‍ර වල සිටින අයට තමා සතු දේ අලෙවි කරගැනීම ඉතාම පහසු වනවා ඇත.
එසේම සතිය අගදී යාළු මිතුරෙකුගෙන් උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය වෙනදා මෙන් ප්‍රීතියෙන් ගත වන අතර අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. එසේම කායික සුවය අධිකව බලාපොරොත්තු වන සතියකි.
විශේෂ සෞඛ්‍ය ගැටළු නැත, නමුත් උෂ්ණාධික රෝගාබාධ හා උදරාබාධ වලින් පරිස්සම් වන්න.

● කන්‍යා ලග්නය
සඳුගේ චාරය අනුව සුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමට වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. එසේම පිරිසිදු සිතින් කරන කටයුතු සාර්ථක වනවා ඇත.
ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත වේ. දෙමව්පියන්ගේ උදව් උපකාර ඇතුව යම් යම් අඩුලුහුඩුකම් පුරවා ගැනීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ විශාල ලෙස පිරිහීමකට ලක් නොවේ. නිදන් ගත රෝගාබාධ ඇති අය ඒ ගැන සැලකිලිමත්විම ප්‍රමාණවත්ය.

● තුලා ලග්නය
එතරම් ශුභදායක නොවේ.
සතිය මුලදී විවිධ බාධක, ගැටළු, උපද්‍රව රැකියාවත් ව්‍යාපාරික පැත්තෙනුත් ඔබට ඇතිවීමට පුලුවන.
ගෘහ ජිවිතයද තරමක අර්බුදකාරි තත්වයක පවතී. අඹුසැමියන් අතර සිත් නොහොඳ වීම මේ අතර ප්‍රධානයි. ඒවා වලක්වා ගන්න.
හිසේ අමාරු කරදර සහ මානසික ආතතියද එසේම ජලය ආශ්‍රිතව ඇතිවන්නාවු විවිධ රෝගාබාධද ඇතිවිමට ඉඩ ඇති නිසා ප්‍රවේසම් වන්න.

● වෘශ්චික ලග්නය
සුභපලදායක සතියකි.
හවුලේ කරන ව්‍යාපාරික කටයුතු වලින් සුභ පල ලැබෙනවා සේම වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලබා එම තත්ව දියුණු කරගැනිමටද වාසනාව ඇත. ඔබට ඉතාම ශුභදායක සතියකි.
ගෘහ ජීවිතය ප්‍රීතිමත් වන අතර අඹුසැමියන් අතරද සමගිය ගොඩනැගේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. එසේම කාන්තාවන්ට පුරුෂයන්ට විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීමේ භාග්‍ය ලැබේ.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැත.

● ධනු ලග්නය
තරමක අයහපත් සතියකි.
එසේම සතිය මුලදී මානසික බිඳ වැටීම සහ ආත්ම විශ්වාසය අඩුකම නිසා ව්‍යාපාර සහ ධනෝපායන කටයුතු සහ රැකියාවල නිරත අයගේ බලාපොරොත්තුද යම් ආකාරයකට පළුදු විමට ඉඩ තිබේ. මේ තත්වය සතිය මැදදී විසඳේ.
ගෘහ ජිවිතයද එතරම්ම ප්‍රීතිමත්ව ගත නොවේ.
ස්වාමි භාර්යා දෙදෙනාගේ එක් අයෙකු හෝ දරුවෙකු අසනීප වීම නිසා කනස්සලු වීමට ඉඩ තිබේ. මේ තත්වයද සතිය මැදදි හරියයි. අවිවාහක අයට මංගල යෝග ලැබීමද, දායාද හිමිවීමද නියමයි.
සෙම් අමාරු, මුත්‍රා ආබාධ, උදරාබාධ, බෝවන රෝග වලින් ආරක්ෂාවීම යහපති.

● මකර ලග්නය
ශුභපල දායක සතියකි.
සතිය මුලදී ආදායම් තත්ව දියුණු වේ. එසේම හදිසි ලොතරැයි ධන ලාභද හිමිවිමට ඉඩ තිබේ. වෙලද ව්‍යාපාර කටයුතු සාර්ථක වේ.
ගෘහ ජිවිතය අතින් ගත් කල දරුවන් සමග ප්‍රීතියෙන් සිටීමට පුලුවන්. දරුවන් ලැබීමට නියමිත මෑණිවරුන්ට පින්වත් දරු උපත් සිදුවේ.
සෞඛ්‍ය තත්වය බැලූ කල සතිය අගදි උදරාබාධ සහ බෝවන රෝග වලින් ආරක්ෂා විම යහපත්ය.

● කුම්භ ලග්නය
චන්ද්‍රචාරය අනුව නම් සුභ සතියකි.
මා එසේ පැවසුවේ රාහු-කේතුගේ බලය තරමකට දුර්වලව ලග්නයට බලපාන බැවිනි. ආර්ථික තත්වය යහපත්ය. ජලය ආශ්‍රිත රැකියා කරන අයටද, ව්‍යාපාරික කටයුතු කරන අයටද මේ සතිය සුභපල දායකයි.
ගෘහ ජිවිතයේ ප්‍රීතිය ඇතිවේ. අලුත් නිවාස ඉදි කරන අයටද හොඳයි. නිවසට අලුත් ගෘහ භාණ්ඩ ආදිය මිලදී ගැනිමට වාසනාව හිමිවේ.
සෞඛ්‍ය තත්වය යහපත් වන අතර සෙම් අමාරු හා පීනස් රෝග ඇති අය පරිස්සම් වන්න.

● මීන ලග්නය
ශුභපල දායක සතියකි.
ආර්ථික තත්වය යහපත් වේ. නව ආදායම් මාර්ග ඇතිවන අතර කෙටි ගමන් බිමන් මගින් ආදායම ලැබේ. ඔබ හැකියාවන් දියුණු කරගැනිමට අවස්ථාවක් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. දරුවන්ගේ කටයුතු වලින් ප්‍රීතිය ඇතිවේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැතත් නිදන් ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වන්න.

No comments:

Post a Comment