Tuesday, January 27, 2026

දරුඵල ප්‍රමාදය


සමාජයේ විවාහයෙන් පසු විවාහක යුවලක් බලාපොරොත්තු වන ප්‍රධාන බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම තිබේ.
විවිධාකාර හේතු නිසා අද කාලයේ විශේෂයෙන් දරුඵල ප්‍රමාද වීම විවාපත්වන බොහෝ යුවල වලට ගැටළුවක් තිබේ.
ඒ ගැන ජෝතිෂ්‍ය විද්‍යානුකූලව පොදුවේ කරන විග්‍රහයකි මේ.

✳ දරුඵල ගැන පැවසීමේදි, කේන්දරයේ 05 වැන්න මූලික වෙයි.
✳ 05 වැන්න අධිපති ග්‍රහයාද මෙහිදි මූලික තැනක් ගනී.
✳ දරුඵල ප්‍රමාදය ගැන බැලීමේදී, 05 වැන්න සහ 05 වැන්නාධිපතියා ගැන වැඩි වශයෙන් අවධානය යොමුකල යුතුය.

✳ 05 වැන්නාධිපතියා නීච වීම දරුඵල ප්‍රමාදයට හේතු වෙයි.
✳ 05 වැන්න පාපකර්තරී වීමද, පාපීන් සිටිමද දරුඵල ප්‍රමාදයට හේතු වෙයි.
✳ 06, 08 සහ 12 යන කේන්දර කොටු වල අධිපති ග්‍රහයන් 05 වැන්නේ තැන්පත් වීමද,
දරුඵල ප්‍රමාද වීමට බොහෝ බලපෑම් කරයි.
✳ 05 වැන්නේ, කුජ - ශනි යෝගය යෙදීම
✳ කේන්දරයේ අසුභම ග්‍රහයා වන, 22 දෙර්කාණාධිපති ග්‍රහයා 05 වැන්නේ තැන්පත් වීම.
✳ 06 වැන්න මේෂ රාශිය වී 05 වැන්නාධිපතියා එහි  තැන්පත් වීම.
( මෙය වෘශ්චික ලග්න හිමියන්ට දරුඵල ප්‍රමාදයට හේතුයි) 


ඉහත අප පවසා ඇත්තේ ප්‍රධානව යෙදෙන, පොදුවේ කිව හැකි දරුඵල ප්‍රමාදයට හේතුන්ය.
තවත් කරුණු කාරණා යනාදියද තිබේ ( 05 වැන්නාධිපතියා 08 වැන්නේ තැන්පත් වීම).

✫ ඉහත කී කරුණු නිවරදිව යෙදෙන්නට නම් ගැඹුරු පරික්ෂාවක් කේන්දර සටහන් අනුව කල යුතුය. විශේෂයෙන් විවාහ සහකරුවන් 02ගේම කේන්දර මැනවින් බැලිය යුතුය.

✫ එසේ බලා, දරුඵල ප්‍රමාදය, දරුඵල නොමැති වීමට කේන්දරයන් අනුව හේතු කාරණා යෙදේ නම්, දෙදෙනාගේම කේන්දර අනුව, එනම් කර්ම ශක්තිය අවබෝධ කරගෙන, ඊට අදාලව දෝෂ නැසීමට කල යුතු ශාන්ති කර්ම නිසි ලෙස කල යුතුය.

✫ එනම් අදාල කේන්දර 02 සම්පූර්ණව පරික්ෂා කල යුතු අතර, අදාල ලෙස දෝෂ තිබේ නම් ඒවා මැනවින් අවබෝධ කරගෙන, දෝෂ සමනයට නිසි ශාන්ති කර්ම කිරිම අනිවාර්ය වෙයි.

සියලුදෙනාම යහපත් ජිවිත ගතකරමින් සතුටින් ජිවත් වීම අපගේ ඒකායන ප්‍රාර්ථනයි !

-

071 383 5369

(WhatsApp)


#srilanka

#fyp

#marriage




 



 

No comments:

Post a Comment