( පෙබ 02 - 06)
* පොදු කරුණු පමණි !
( කේන්දරය අනුව වෙනස් විය හැක)
-
● මේෂ
සදු 05 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
ආදායම් මාර්ග වල ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි.
තමන් කරගෙන ගිය ව්‍යාපාර කටයුතු වල තරමක් ගැටළු ඇතිවිමට ඉඩ ඇත, ඒවා විසදා ගැනීමට බාහිර පාර්ශව වල සහය පැතිමට සිදු වෙයි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන කාලයකි.
ප්‍රේම සබදතා වැඩි දියුණු වේ. නව ප්‍රේම සබදතා ඇති වෙයි.
-
● වෘෂභ
සදු 04 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
සෙම් රෝග, මානසික පීඩා ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
නව රැකියා ඇතිවිමට ඉඩ ඇත. රැකියා ස්ථානයේ වෙනසක් - ස්ථාන මාරුවක් ඉදිරි කාලයේ සිදුවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල වියදම් වෙනදාට වඩා අධික විය හැක.
දරුවන්ගේ ගැටළු - ප්‍රශ්න වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.
-
● මිථුන
සදු 03 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
සැගවුනු අදහස් ඇතිව ක්‍රියාකිරිමට යාමෙන් පාඩු විය හැක.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
රැකියා ස්ථානයේ කැපී පෙනෙන ලෙස වැඩ කිරීමට යාමෙන්,
වෙනදාට වඩා ප්‍රසිද්ධිය, ප්‍රධානත්වය හිමි වීමට ඉඩ ඇති කාලයකි.
ආර්ථික තත්වය පෙරට වඩා වර්ධනය වුවත්, සාපේක්ෂව වියදමද වැඩිවන කාලයකි.
-
● කටක
සදු 02 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
වෙනදාට වඩා වියදම් වැඩිවෙයි.
රැකියාවේ පීඩා තත්වය වැඩි වෙයි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා මහන්සි වීම තුල, එපාවීම් කලකිරිම් සිදුවිමටත් ඉඩ ඇත.
නොරිස්සුම් ගති, සිත් අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත.
-
● සිංහ
සදු 01 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
ආදායම් මාර්ග වැඩි කරගැනිමට බුද්ධිමත් තීරණ ගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් වැඩ කිරිමට හැකියාව ලැබෙයි.
ජිවිත ප්‍රබෝධයද වැඩිවන කාලයකි.
ගෘහ ජිවිතය තරමක ඒකාකාරි බවක් පෙන්වන කාලයකි.
-
● කන්‍යා
සදු 12 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
වියදම අධික වෙයි.
සතුරු කරදර වැඩිවීමට ඉඩ ඇත.
කරන කියන රැකි රක්ෂා කටයුතු වලදී අන් අයගේ ප්‍රශ්න වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. එනිසා තමන්ගෙ වැඩ කටයුතු මග හැරෙන්නට ඉඩ ඇත.
යටි බඩ ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමටද වැඩි ඉඩක් ඇති කාලයකි.
-
● තුලා
සදු 11 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
ගබ්සා වීම්, ගර්භාෂය ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
වෙනදාට වඩා වියදම අධික විමට ඉඩ ඇත.
ආදායම් තත්වය වර්ධනය කරගැනිමට පියවර ගැනිමට සිදු වෙයි.
කලකිරිම්, එපාවීම් වැඩියෙන් සිදුවන කාලයකි.
-
● වෘශ්චික
සදු 10 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
නොරිස්සම් ගති, හිත් අමනාපකම් ගෘහ ජිවිතය තුල වැඩියෙන් සිදුවන කාලයකි.
ක්ෂණික කෝපය ඇතිවිමටත් ඉඩක් ඇත.
විදේශගත වන අයට යහපත් කාලයකි.
විදේශගත වීමට බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි.
ආදායම් මාර්ග වැඩි දියුණු කරගැනිමට පියවර ගැනිමට සිදුවන කාලයකි.
-
● ධනු
සදු 09 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ප්‍රගතියක් පෙන්නුම් කරන කාලයකි, දෙමාපියන්ට ඒ ගැන සතුටු විය හැකි කාලයකි.
වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමට යාමෙන්, සතුටු වන කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි. පෙර තිබු සබදතා අලුත් කරගත හැකි කාලයකි.
ආර්ථික තත්වය වැඩි දියුණු කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි
-
● මකර
සදු 08 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
වියදම් තත්වය වැඩි වෙයි. ආදායම් තත්වයන් අඩුවන කාලයකි.
නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් වියදම වැඩිවීමට ඉඩ ඇත. වියදම් තත්වය කළමනාකරණය කරගැනිමට අසල්වැසියන්ගෙන් ණය හෝ ආධාර ලබාගැනිමට සිදු වෙයි.
රැකියා කටයුතු වල වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් වැඩ කිරිමට සිදු වෙයි.
-
● කුම්භ
සදු 07 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
හවුල් ව්‍යාපාර වල ප්‍රගතියක් පෙන්නුම් කරන කාලයකි.
වෙනදාට වඩා වාසි අත්කරගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
නව ව්‍යාපාර කටයුතු වල, තරමක් වියදම වැඩිවිමටද ඉඩ ඇත.
ආදායමට වඩා වියදම වැඩි වෙයි.
-
● මීන
සදු 06 වැන්නේ කේතු සමග සිටිමින් සතිය ඇරඹේ.
සතියේ මුලට සාපේක්ෂව අග වන විට වියදම් තත්වය වැඩි වෙයි.
එනිසා ණය හෝ උපකාර ලබාගැනිමට සිදුවන කාලයකි.
තම ව්‍යාපාර වැඩි දියුණු කරගැනිමට නව ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු කාලයකි.
දෙමාපියන්ට, තම දරුවන්ගෙ කටයුතු නිසා දෝෂාරෝපණ ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
-
071 3835369
( Whatsapp)
-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
No comments:
Post a Comment